ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ පොසොන් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 02 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
හයවන සතිය
පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය
අමාවක
ජූලි 02
පුර අටවක
ජූලි 09
පසෙලාස්වක
ජූලි 16
අව අටවක
ජූලි 25
උඩරට අමරපුර මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ජූලි 05 සහ 06 යන දිනයන්හි උඩරට අමරපුර මහා නිකායේ මහානායක මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති නුවරඑළියේ චන්දජෝති මහා නාහිමියන්, අනුනායක මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති නියංගොඩ සමිද්ධි මංගල නාහිමියන්, අධිකරණ සංඝනායක අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරදිවෙල විජයසුමන යන නාහිමිවරුන් ප්‍රධාන ශාසන ජෝතිකාකාරක මහා සංඝ සභාවේ සහභාගීත්වයෙන් මහනුවර වරාතැන්න මහවැලි නදී සිරිමහ බෝධි උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත්වේ.
තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේදී විහාරාධිපති මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් දහවන වරට පවත්වන දහස් වරක් රතන සූත්‍ර පිරිත් දේශනාව ජූලි මස පළවන දින උදෑසන 4.30 සිට ජූලි මස හය වන දින සවස හය දක්වා දේශනා කරනු ලැබේ.
ධර්ම දේශනාව: දෙලොව සතුට සදන ත්‍රිවිධ පින්කම් ඉධ නන්දති පෙච්ච නන්දති - කත පුඤ්ඤෝ උභයත්ථ නන්දතී පුඤ්ඤං මේ කතං ති නන්දති- භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතො පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. සුගතියට පත්ව බොහෝ සේ සතුටු වෙයි. සැවැත් නුවර අනේපිඬු මහ සිටුතුමා විසින් පනස් හතර කෙළක් (පනස් හතර කෝටියක්) ධනය වියදම් කර දෙව්රම් මහා විහාරය ශාසනයට පූජා කරන ලදී.සිටුතුමා සිය මාලිගයේ දී දිනපතාම භික්ෂූන් වහන්සේට දන්දීම හා වත් පිළිවෙත් මනාව සිදු කරයි. සැවැත්නුවර පුරවරයේ ද විවිධ ස්ථානවලදී දානමාන පින්කම් සාර්ථකව සිදු කළේ ය. සිය මාලිගයේ ද භික්ෂුන් වහන්සේට පුද සත්කාර, උවටැන් හා දන් පූජා කිරීමට මහා සුභද්‍ර, චුල්ල සුභද්‍ර, සුමනාදේවි යන දූ කුමරියන්ට පවරන ලදී. එම දාන මාන පින්කම් ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් සිදු කිරීම තුළින් හා දහම් ශ්‍රවණය කිරීම නිසා වැඩිමහල් කුමාරිකාවෝ දෙදෙනා උතුම් සෝවාන් භූමියට පත්වූහ. පසුව සුමනා දේවිය උත්තරීතර සකදාගාමී මාර්ගයට පත්ව තුසිත දෙව්ලොව ප්‍රතිසන්ධිය (උප්පත්තිය) ලැබූ බව අසා සිටුතුමා ඉමහත් සතුට ට පත්විය. පින් කරන අය ඉමහත් සේ සතුට ට පත්වන අතර උතුම් සැප සම්පත් ලබන බව සම්බුදුපියාණන් වහන්සේ මනාව දේශනා කළ සේක. මිනිසත් බව ලැබූ ගිහි පැවිදි සැම දෙනා විසින්ම සිදුකර ගැනීමට හැකියාව ඇති පින්කම් විවිධ වේ. එම පින්කම් මෙහිදී ත්‍රිවිධ පින්කම් ලෙස නම් කිරීමට පිළිවන. එනම් දාන, සීල, භාවනා යනුවෙනි. දානය හෙවත් පරිත්‍යාගය සුවිශාල වශයෙන් පැතිරී ගිය මහා පුණ්‍ය කර්මයකි. ධර්ම දානය සියලු දානයන්ට වඩා දිනන්නේ ය. ධර්ම රසය සියලු රසයන්ට වඩා දිනන්නේ ය. ධම්ම රතිය (ධර්මයේ ඇලීම) සියලු රතීන්ට වඩා දිනන්නේ ය. තෘෂ්ණාක්ෂය (තෘෂ්ණාව නැති කිරීම) සියලු දුක්ඛයන් ම දිනන්නේ ය. ගිහි ගෙදරට දහම් වැටක්: සිදු නොකළ යුතු දුසිරිත් දිනක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ආනන්ද හිමියෝ බුදුහිමියන් වැඳ එකත්පස්ව වැඩහුන්හ. ආනන්ද, පුද්ගලයකු විසින් ඒකාන්තයෙන් ම නොකළ යුතු කිසිවක් පිළිබඳව අසා තිබේද? යැයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගෙන් විමසූ සේක. බුදුරජාණන් වහන්ස, එබඳු දහමක් පිළිබඳව මා අසා නැත. බුදුහිමියනි, එබඳු දහමක් තිබේ නම්, දේශනා කරනු මැනවි යි ආනන්ද හිමියෝ ඉල්ලා සිටියහ. ආනන්ද, ඒකාන්තයෙන්ම පුද්ගලයා විසින් වැළකිය යුතු දුශ්චරිත තුනක් වෙයි. එනම්, කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය සහ මනසේ දුශ්චරිතය යන්නයි. එනිසා ඒවායින් වැළකිය යුතු ය. බුදුරජාණන් වහන්සේ එම දුශ්චරිතයන්ගෙන් වැළකී පුද්ගලයා කටයුතු කළ යුතු බවට දේශනා කර තිබුණ ද, ඇතැමුන් එයම පුරුදු පුහුණු කරයි. නොකළ යුතු දුශ්චරිතයන් සිදුකරන පුද්ගලයන් විසින් තමන්ට විඳින්නට සිදුවන ආදීනවයන් ද බලාපොරොත්තු විය යුතු ය. එනම් අයහපත් ක්‍රියාවල යෙදෙන පුද්ගලයා විසින් බලාපොරොත්තු විය යුතු ආදීනව පහකි.
ධර්ම දේශනාව:
ඉධ නන්දති පෙච්ච නන්දති - කත පුඤ්ඤෝ උභයත්ථ නන්දතී පුඤ්ඤං මේ කතං ති නන්දති- භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතො
පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. සුගතියට පත්ව බොහෝ සේ සතුටු වෙයි. සැවැත් නුවර අනේපිඬු මහ සිටුතුමා විසින් පනස් හතර කෙළක් (පනස් හතර කෝටියක්) ධනය වියදම් කර දෙව්රම් මහා විහාරය ශාසනයට පූජා කරන ලදී.සිටුතුමා සිය මාලිගයේ දී දිනපතාම භික්ෂූන් වහන්සේට දන්දීම හා වත් පිළිවෙත් මනාව සිදු කරයි. සැවැත්නුවර පුරවරයේ ද විවිධ ස්ථානවලදී දානමාන පින්කම් සාර්ථකව සිදු කළේ ය. සිය මාලිගයේ ද භික්ෂුන් වහන්සේට පුද සත්කාර, උවටැන් හා දන් පූජා කිරීමට මහා සුභද්‍ර, චුල්ල සුභද්‍ර, සුමනාදේවි යන දූ කුමරියන්ට පවරන ලදී. එම දාන මාන පින්කම් ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් සිදු කිරීම තුළින් හා දහම් ශ්‍රවණය කිරීම නිසා වැඩිමහල් කුමාරිකාවෝ දෙදෙනා උතුම් සෝවාන් භූමියට පත්වූහ. පසුව සුමනා දේවිය උත්තරීතර සකදාගාමී මාර්ගයට පත්ව තුසිත දෙව්ලොව ප්‍රතිසන්ධිය (උප්පත්තිය) ලැබූ බව අසා සිටුතුමා ඉමහත් සතුට ට පත්විය. පින් කරන අය ඉමහත් සේ සතුට ට පත්වන අතර උතුම් සැප සම්පත් ලබන බව සම්බුදුපියාණන් වහන්සේ මනාව දේශනා කළ සේක. මිනිසත් බව ලැබූ ගිහි පැවිදි සැම දෙනා විසින්ම සිදුකර ගැනීමට හැකියාව ඇති පින්කම් විවිධ වේ. එම පින්කම් මෙහිදී ත්‍රිවිධ පින්කම් ලෙස නම් කිරීමට පිළිවන. එනම් දාන, සීල, භාවනා යනුවෙනි. දානය හෙවත් පරිත්‍යාගය සුවිශාල වශයෙන් පැතිරී ගිය මහා පුණ්‍ය කර්මයකි. ධර්ම දානය සියලු දානයන්ට වඩා දිනන්නේ ය. ධර්ම රසය සියලු රසයන්ට වඩා දිනන්නේ ය. ධම්ම රතිය (ධර්මයේ ඇලීම) සියලු රතීන්ට වඩා දිනන්නේ ය. තෘෂ්ණාක්ෂය (තෘෂ්ණාව නැති කිරීම) සියලු දුක්ඛයන් ම දිනන්නේ ය.
ගිහි ගෙදරට දහම් වැටක්: සිදු නොකළ යුතු දුසිරිත් දිනක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ආනන්ද හිමියෝ බුදුහිමියන් වැඳ එකත්පස්ව වැඩහුන්හ. ආනන්ද, පුද්ගලයකු විසින් ඒකාන්තයෙන් ම නොකළ යුතු කිසිවක් පිළිබඳව අසා තිබේද? යැයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගෙන් විමසූ සේක. බුදුරජාණන් වහන්ස, එබඳු දහමක් පිළිබඳව මා අසා නැත. බුදුහිමියනි, එබඳු දහමක් තිබේ නම්, දේශනා කරනු මැනවි යි ආනන්ද හිමියෝ ඉල්ලා සිටියහ. ආනන්ද, ඒකාන්තයෙන්ම පුද්ගලයා විසින් වැළකිය යුතු දුශ්චරිත තුනක් වෙයි. එනම්, කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය සහ මනසේ දුශ්චරිතය යන්නයි. එනිසා ඒවායින් වැළකිය යුතු ය. බුදුරජාණන් වහන්සේ එම දුශ්චරිතයන්ගෙන් වැළකී පුද්ගලයා කටයුතු කළ යුතු බවට දේශනා කර තිබුණ ද, ඇතැමුන් එයම පුරුදු පුහුණු කරයි. නොකළ යුතු දුශ්චරිතයන් සිදුකරන පුද්ගලයන් විසින් තමන්ට විඳින්නට සිදුවන ආදීනවයන් ද බලාපොරොත්තු විය යුතු ය. එනම් අයහපත් ක්‍රියාවල යෙදෙන පුද්ගලයා විසින් බලාපොරොත්තු විය යුතු ආදීනව පහකි.
දිනක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ආනන්ද හිමියෝ බුදුහිමියන් වැඳ එකත්පස්ව වැඩහුන්හ. ආනන්ද, පුද්ගලයකු විසින් ඒකාන්තයෙන් ම නොකළ යුතු කිසිවක් පිළිබඳව අසා තිබේද? යැයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගෙන් විමසූ සේක. බුදුරජාණන් වහන්ස, එබඳු දහමක් පිළිබඳව මා අසා නැත. බුදුහිමියනි, එබඳු දහමක් තිබේ නම්, දේශනා කරනු මැනවි යි ආනන්ද හිමියෝ ඉල්ලා සිටියහ. ආනන්ද, ඒකාන්තයෙන්ම පුද්ගලයා විසින් වැළකිය යුතු දුශ්චරිත තුනක් වෙයි. එනම්, කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය සහ මනසේ දුශ්චරිතය යන්නයි. එනිසා ඒවායින් වැළකිය යුතු ය. බුදුරජාණන් වහන්සේ එම දුශ්චරිතයන්ගෙන් වැළකී පුද්ගලයා කටයුතු කළ යුතු බවට දේශනා කර තිබුණ ද, ඇතැමුන් එයම පුරුදු පුහුණු කරයි. නොකළ යුතු දුශ්චරිතයන් සිදුකරන පුද්ගලයන් විසින් තමන්ට විඳින්නට සිදුවන ආදීනවයන් ද බලාපොරොත්තු විය යුතු ය. එනම් අයහපත් ක්‍රියාවල යෙදෙන පුද්ගලයා විසින් බලාපොරොත්තු විය යුතු ආදීනව පහකි.
අධි සිල් ලබති
පිහිට පතයි
බොදු පුවත් (ඡායාරූප)
ඉතිරිය»
ඒහි පස්සික 19: බුදුගුණ මන්තරය
නිම් නැති ගුණ කඳ
සතිපට්ඨාන භාවනාව 57: සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය: සම්මා දිට්ඨිය මූලික කරගන්න
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: සුප්පබුද්ධකුට්ඨි සූත්‍රය - නින්දා කිරීමේ විපාකය
ගමන අවදානම් වෙයි නිවන නුවණින් ලැබිය යුතුවෙයි
තෙවළා බුදු වදන් අතරින් 35: දෙවියන්ගේ සුගතිය
කාම විතර්කය විදසුන් නුවණින් හඳුනා ගනිමු
උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: සියලු සත්ත්වයෝ දණ්ඩනයට බියවෙති
සිතාමතා වැඩ කිරීම මනුෂ්‍ය ධර්මයකි
ප්‍රශ්න කිරීම හා අවංක වීම
ලක්දිව පැවති ඇදහිලි හා පුදසිරිත්
පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 31: අනුරාධපුරයේ රන්මසු උයන
බෝසත් දරුවන්ට : බොරු කියන්නාට කළනොහැකි පවක් නැත
අට තිසකි මංගල : දුදනෝ නොවෙති යහපත්
සියවස සපිරෙන දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරය
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]