එළඹසිටි සිහිය
බාධක දුරු කරවයි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
පුද්ගල පැවැත්මේ දී මුල් තැනට එන්නේ ආත්මාරක්ෂාව ය. එහෙත්, කෙනෙක් එය ආත්මාර්ථය
බවත්, බුදුරජාණන් වහන්සේ අගය කොට වදාළේ පරාර්ථය වන බවටත් අර්ථ දැක්වීමට පුළුවන.
බාහිරින් බැලූ කල එය සත්‍යයෙකැ යි හැඟේ.
ආත්මාරක්ෂාව, ආත්මාර්ථකාමී බව සත්‍ය ය. එහෙත් පරාර්ථකාමීත්වයේ පදනම වන්නේ
ආත්මාර්ථකාමී බවයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ තමාට තමා පි‍්‍රය කෙනෙක් වන
ලෙසයි. තමන්ට තමා පි‍්‍රය නොවී, අනුන් පි‍්‍රය කරන්නෙක් විය නොහැකි ය. තමන්ට
මෛත්‍රිය කළ නොහැකි නම් අනුන්ට මෛත්‍රිය කළ නොහැකි ය. කරුණාබර විය නොහැකි ය.
ආත්මාරක්ෂාව හෙවත් තමාට තමා පි‍්‍රයවීම බෞද්ධ චර්යා මාර්ගයේ පදනමයි.
‘අත්තානං චේපියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං’
යම් කෙනෙක් තමාට පි‍්‍රය නම්, ඒ පි‍්‍රය බව අනුව තම ආරක්ෂාව පළමුව සලසා ගත යුතු බව
තථාගතයන් වහන්සේ අවධාරණය කළහ. මෙකල ආත්මාරක්ෂාව අපට ඉතා වැදගත් වී තිබෙන්නේ, අප මව්
බිමේ උද්ගත වී ඇති වාතාවරණයත් සමඟ ය. රටේ සාමය කඩ වී තිබේ. බොහෝ දෙනා ජීවත් වන්නේ
බියෙනි. සැකයෙනි. මෙබඳු අවස්ථාවක ආත්මාරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු ම
ය.
එහිදී මම, මගේ පවුල, මගේ පාසල, මගේ පන්සල, මගේ සේවා ස්ථානය ආදී ලෙස කල්පනාකොට මා හට
පැවරී ඇති බල ප්‍රදේශය තුළ ආරක්ෂාව තහවුරු කරගත යුතු ය. යම් මොහොතක මා ජීවත්වන
පරිසරය, එහි සම්පත් විනාශයට පත් වූයේ නම් එහි බලපෑම මට ය. ඒ නිසා එවන් තත්ත්වයන්
වළක්වා ගන්නට මා ඇප කැප විය යුතු ය, යනුවෙන් තමන් තුළ හැඟීමක්, අධිෂ්ඨානයක් ඇති
කරගත යුතු ය. ඒ අනුව ක්‍රියාත්මක විය යුතු ය. එහිදී එදිනෙදා කටයුතු අඩාල කර ගැනීම
ආරක්ෂාව වන්නේ නැත. අවශ්‍ය වන්නේ දෛනික කටයුතු සාර්ථකව ඉටු කර ගන්නා අතරම සති
සම්පජ්ඤ්ඤයෙන් කටයුතු කිරීම ය. එනම්, එළඹ සිටි සිහිය ඇතිකර ගැනීම ය. තමන් යන එන තැන
කවර ස්ථානයක් ද ? සමීපයෙන් ඉන්නේ කවුද? ඇසුරු කරන්නේ කවුද? තමන්ගේ වගකීම කුමක් ද?
ආදී වශයෙන් සිහිකල්පනාවෙන් සිටිය යුතු ය. ඒ සඳහා උට්ඨාන වීර්යය ඇතිකර ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සතිසම්පජඤ්ඤය අධ්‍යාත්මික දියුණුව සඳහා පමණක්
නොව භෞතික, පාරිසරික දියුණුව, ආරක්ෂාව සඳහා ද මැනවින් ගළපා ගත යුතු ය. විශේෂයෙන් මේ
සමයේ කතාව සංවර කරගත යුතු ය. කෙනෙකුගේ මනස විකෘති වන ලෙස අදහස් පළ නො කළ යුතු ය.
කෙන්ද කන්ද කරනවා සේ කුඩා සිදුවීමක් විශාල කර නොදැක් විය යුතු ය. තමා කියන්නේ සත්‍ය
ද, අසත්‍ය ද, කේළම් ද, ඕපාදූප ද යන්න ගැන සැලකිලිමත් විය යුතු ය.
වෛරය, ක්‍රෝධය වැනි කෙලෙස් දහම්වලට යටත් නොවී තමන් වෙතින් පිටවන වචන ආත්මාරක්ෂාව සේ
ම, පවුලේ, රටේ, සමාජයේ ආරක්ෂාව සඳහා ද විය යුතු ය. යම් කෙනෙකුගේ ආරක්ෂාවට යම්
බාධාවක්, හානියක් නොවන ලෙස ක්‍රියා නො කිරීම, නොහැසිරීම එළඹ සිටි සිහියෙන් සිටීමේ
ප්‍රතිඵල ය.
මෙවර වෙසක් උත්සවය ගැන බොහෝ දෙනා අනාවැකි කියති. කෙනෙක් එහි අනාරක්ෂිත බව ගැන
කියති. සැක සංකා මතුකරති. එහෙත් මේ බිය අනවශ්‍ය ය. ආරක්ෂාව ගැන සිහියෙන් කටයුතු
කරනවා නම් ඒ අනුව ආරක්ෂිත බවට මානසික ශක්තිය ඇති කර ගන්නවා නම්, බිය විය යුතු නැත.
පළමුව තමන් තුළ එළඹ සිටි සිහිය හෙවත් සතිසම්පජ්ඤ්ඤයෙන් යුතු චරිත ලක්ෂණය ඇති කරගෙන
තමන්ගේ ළඟින් ම හිඳිනා යහළුවන්, සහෝදර සේවක පිරිස, ගමේ ජනතාව , දායක සභාවේ දායක
දායකයින්, ගමේ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ ආදි ලෙස කණ්ඩායමක් ලෙස වැඩි දියුණු
වුවහොත් අපට මොන තරම් විශිෂ්ට ආරක්ෂාවක් සැලසෙනවා ද?
මෙවර සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් ප්‍රතිපත්ති පූජාව පුරන අතරම ආරක්ෂාව පිළිබඳ
සිහි කල්පනාව වඩා හොඳින් වර්ධනය කර ගැනීම වැදගත් ය. එහිදී එකිනෙකාට වෙන යුතුකම්,
වගකීම් පවරා ගැනීම වැදගත් ය. ඒ ආරක්ෂාව සලසා ගත යුතු අවි මුගුරු ගත් අත් ඇතිව නොවේ.
පෙහෙවස් සමාදන් වූ කෙනෙකුට ආත්මාරක්ෂාව සලසා ගැනීම අකැප නැත. එහිදී සිල් සමාදන් වූ
පිරිස් අදාළ වැඩ කටයුතු ඔවුනොවුන් අතර බෙදා ගත යුතු ය. එහිදී කාලය, පිරිස, වැඩ
සටහන් කළමණාකරණය කර ගත යුතු ය. සියල්ලන් ඒ වගකීමේ කොටස්කරුවන් විය යුතු ය. එය
ආත්මාරක්ෂාවට පරාර්ථයට සේ ම සංසාරික සුරක්ෂිත බව පිණිස ද හේතු වේ.
පට්පජජ්ජෙය්‍ය පණ්ඩිතො’
බුද්ධිමත්ව ක්‍රියා කිරීම මගින් අප හැමගේ ආරක්ෂාව සැලසෙනු ඇත.
- රමණි සුබසිංහ |