ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ වෙසක් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මැයි 12 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මයිලපිටියේ ශ්‍රී සුගතාරාමය, මඩවලතැන්නේ ශ්‍රී බෝධිරාජාරාමය, දීගලහින්නේ ශ්‍රී ඉසිපතනාරාමය , නීලවල ශී‍්‍ර පි‍්‍රයදර්ශනාරාමය, අනුරගම ශ්‍රී සුගතනන්දාරාමය .රිකිල්ලගස්කඩ ශ්‍රී අභිනවාරාමය, උඩමකුරුප්පේ ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරයන්හි අධිපති ගෞරව ශාස්ත්‍රවේදී ගල්කඩවල සෝමරතනාභිධාන නාහිමියන්ට ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංශද්වර්ගික කාරක මහ සංඝ සභාව විසින් උඩහේවාහැට සහ පාතහේවාහැට දෙදිසාව් ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරය සහ “ධම්මකිත්ති සිරි අත්ථදස්සි” යන ගෞරව නාමය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය ලබාගැනීමේ උත්සවය පසුගියදා (09) මයිලපිටිය ශ්‍රී සුගතාරාම විහාරයේදි සිදු කෙරිණි. එහිදී උන්වහන්සේ ශී‍්‍ර සන්නස් පත්‍රය ලබාගත් අවස්ථාව සේයාරුවේ දැක්වේ. පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මැයි 11, 12, 13 යන දිනවල දී මාතර ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක උඩුමලගල ශ්‍රී මහින්ද මහානා හිමිගේ සහ අගලබඩ ශ්‍රී පියසිරි , ඕමාරේ කස්සප යන අනුනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විධායක කාරක සභාව, උපසම්පදා කාරක සභාව, ශ්‍රී රෝහණ තරුණ භික්ෂු සංවිධානය සියලු කාර්යයන් මෙහෙයවති.
වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි 12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.
වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා
පුර අටවක
මැයි 12
පසෙලාස්වක
මැයි 18
අව අටවක
මැයි 26
අමාවක
ජූනි 02
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]