|
ධර්ම දේශනාව:
බුද්ධෝපදේශ
තමාට පිහිට තමා ම ය, වෙනත් කවරෙක් පිහිට වන්නේ ද? තමා ම පිහිට කොට වාසය කරව්. අනුන්
පිහිට කොට වාසය නොකරව්” තමා ම තමහට දුර්ලභ පිළිසරණ කොටගන්න.ඔබම වෙර දැරිය යුතුය,
ශුද්ධිය හා අශුද්ධිය තම තමන් ළඟ ය.
අනෙකෙක් අනිකකු ශුද්ධ නොකරයි.” මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශ කීපයක සිංහල
අනුවාද කීපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මේ ප්‍රකාශවලින් මැනවින් ප්‍රකාශ
වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘෂ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක්
වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රඥාවේ
උත්තරීතර ශක්තියෙන් බුදුබව ලබාගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවෙකුටත්
ගැති නොවී ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා රහත්වීමටත්, ලොව දිනීමටත් සමර්ථවන බව
පෙන්වා දුන්හ.
ඉතිරිය» |
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා
අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන
දා සඳුදා ය.
මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|