සුගති ගමන
30 :
පින්බර චීවර මාසය
අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
සාමාන්‍යයෙන් එක පන්සලක වස් සමාදන් වූ තිස් හතළිස් නමක් ස්වාමීන් වහන්සේලාට කඨින
චීවර තිහ හතළිහක් පූජා කරන්න බැහැ. එම විහාරස්ථානයේ සියලු ස්වාමීන් වහන්සේ වෙනුවෙන්
පූජා කෙරෙන්නේ එක කඨින චීවරය යි.
බුදුරජාණන් වහන්සේ සාමුක්කංසික දේශනාව වදාරා අවසානයේ තිස් නමක් ස්වාමීන් වහන්සේ
සියලු දෙනාගේ ම සිත කෙලෙසුන්ගෙන් මිදී උතුම් අර්හත්වය ලබා ඍද්ධි බල සම්පන්න මහ
රහතන් වහන්සේ බවට පත් වුණා. ඒ මොහොතේ බොහොම සතුටෙන් බුදුන් වහන්සේගේ සිරිපතුල්
වන්දනා කර, දම් සභා මණ්ඩපයේ ම තිස් නමම අහසට පැන නැගලා, අහසින් ම වැඩම කළා. ඒ
මොහොතේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කර මෙලෙස වදාළා.
බලන්න, ආනන්දය, මේ තිස් නමක් ස්වාමීන් වහන්සේ වැඩම කළ ගමන? උන්වහන්සේලාගේ සිරුරේ මඩ
තවරාගෙන, සිවුරු ඉරාගෙන, වැටී තුවාල වී, බොහොම දුක සේ තථාගතයන් වහන්සේ සමීපයට වැඩම
කර, බණ අසා ධර්මය අවබෝධ කරගෙන හංස පෙළක් අහසින් පියාඹන්නා සේ ඍද්ධියෙන් තිස් නමක්
මහ රහතන් වහන්සේ අහසින් ම වැඩම කළා. ‘මහණෙනි, මගේ බුද්ධ ශාසනය තුළ වස් සමාදන් වූ
භික්ෂූන් වහන්සේලාට කඨින චීවරයක් අනුදැන වදාරනවා යන කාරණය හේතු කරගෙන කඨින චීවරයක්
වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලාට අමතර චීවරයක් ලෙස බුදුරජාණන් වහන්සේ මේ කඨිනය
නමැති විනය කර්මය ගැන දේශනා කරන්නට යෙදුණා. මෙයයි කඨිනය මූලික වූ ප්‍රධානම කාරණය
ලෙස බුද්ධ ශාසනය තුළ සඳහන් වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ සඟ පිරිස එකතු කර, වස්
කාලය තුළ , වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට කඨින චීවරයක් අනු දැන වදාරන්නට යෙදුණේ.
ඒ නිසා මේ කාලවකවානුව ගත් විට මේ මාසයේ වප් පුර පසළොස්වක පොහෝ දවසින් පසුව පෙර වස්
සමාදන් වූ ස්වාමීන් වහන්සේලා මහා පවාරණයෙන් වස් පවාරණය කරනවා. ඉන් පසුව උන්
වහන්සේලාට තවත් මාසෙක කාලයක් පුරාවට කඨින මහා පින්කම් සිදු කරගන්න ඒ කාලයේ තියෙනවා.
ඒ නිසා එළඹෙන්නේ ලංකාව පුරා අප දන්නා පරිදි සෑම පන්සලකම , ආරණ්‍ය සේනාසන, පූජනීය
පුණ්‍ය භූමි, මේ සෑම ස්ථානයක ම වස් සමාදන් ව වස් කාලය ගත කළ ස්වාමීන් වහන්සේලාට
කඨින පින්කම්, කඨින චීවර පූජාවන්, ආදිය බොහෝ සෙයින් සිදුවන පින්බර කාලයක් ඉදිරියට
උදා වෙනවා.
කඨින චීවරය ගැන සඳහන් කළොත් සාමාන්‍යයෙන් එක පන්සලක වස් සමාදන් වූ තිස් හතළිස් නමක්
ස්වාමීන් වහන්සේලාට කඨින චීවර තිහ හතළිහක් පූජා කරන්න බැහැ. එම විහාරස්ථානයේ සියලු
ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පූජා කෙරෙන්නේ එක කඨින චීවරය යි. කඨිනය නමැති විනය කර්මය
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ, ගිහි පින්වතුන් කඨින චීවරයකට අවශ්‍ය රෙදි කඩ
බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. (එය ධර්මයේ සඳහන් වන්නේ කඨින දුස්සය නමිනි.)
ස්වාමීනි, ඔබ වහන්සේ චාරිකාවේ වඩින්න පෙර මේ රෙදි කඩෙන් ඔබ වහන්සේ කැමැති සේ තුන්
පොට සිවුරක්, දෙපොට සිවුරක්, අඳන චීවරයක් වශයෙන් තුන් සිවුරෙන් එකක් පඬු පොවා සකස්
කර ගන්න යැ’යි පූජා කරනවා. "කඨිනය" යනු පෝය සීමාවකට උපසම්පදා භික්ෂූන් වහන්සේ රැස්
ව උන්වහන්සේ රැස්වන විනය කර්මයක්. අද සමාජයේ බොහෝ පන්සල්වල, ආරාමවල භික්ෂූන් වහන්සේ
තම තමන්ගේ ආරාමවල ම වැඩ සිටිනවා. හැබැයි, බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂූන්
වහන්සේ එක තැනක වැඩ සිටින්නේ මාස තුනක කාලයක්. අනෙක් මාස කිහිපය ම උන්වහන්සේලා ගම්
නියම් ගම් පුරා චාරිකාවේ වැඩම කරනවා. එකල එය භික්ෂූන් වහන්සේලාගේ ක්‍රමවේදය එය යි.
බුදුරජාණන් වහන්සේ පවා මේ ක්‍රමවේදයට අනුව භික්ෂූන් වහන්සේලා සමඟ ඇතැම් චාරිකා
ධර්මයේ සඳහන් සේ එක ස්ථානයක වස් මාස තුනම ගත කරලා ඒ වස් මාස තුන අවසන් වූ පසුව මාස
නවයක චාරිකාවක් වඩිනවා. එය හඳුන්වන්නේ මහා මණ්ඩල චාරිකාව යනුවෙනි. මාස නවයක් පුරාම
යොදුන් අටසියයක පමණ දුරක් ගම් නියම් ගම් පුරා ධර්ම ප්‍රචාරයේ මහා මණ්ඩල චාරිකාවේ
වැඩම කරනවා. මඟ තොටේ හමුවන අයටත් ධර්ම දේශනා කරමින්, ධර්මය ව්‍යාප්ත කරමින්, ආදි
කල්‍යාණ, මජ්ජේ කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ සාත්තං (අර්ථ සහිත ව) සභ්‍යංජනං
(පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයෙන්) පාරිශුද්ධං බ්‍රහ්ම චරියං පකාසේති – පිරිසුදු නිවන්
මඟ ම දේශනා කරමින් වඩින්නැ’යි බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය පිණිස සඟ පිරිස
පිටත් කළා.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |