|
ධර්ම දේශනාව:
අත්තූපනායික ධර්මය
හඳුනා ගනිමු
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමග කොසොල් ජනපදයේ
චාරිකා කරන අතර, එහි වේළුද්වාර නම් බමුණුගමට ද වැඩම කළහ.
වේළුද්වාර ග්‍රාමවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු “ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ගෞතම
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා අපේ ගමට වැඩම කර ඇතැ’යි, යන පුවත ඇසූ
හ. එසේම ඒ බුදුරජාණන් වහන්සේ අරහත්, සම්මා සම්බුද්ධ යනාදී ගුණ නවයකින් සමන්විතය හ,
යන කීර්තිරාවය ද ප්‍රදේශය පුරා ක්‍රමයෙන් පැතිර ගියේ ය. තව ද උන්වහන්සේ මේ ලෝකයෙහි
දතයුතු සියල්ල දැන සිටින බවත්, ඒ සියල්ල මුල, මැද, අග මනාකොට දේශනා කරන බවත්, එබඳු
ආර්ය උතුමන් වහන්සේලා දැකීමෙන් යහපතක් වන බවත්, වටහාගත් ඔවුහු බුදුරජාණන් වහන්සේ
කරා පැමිණ එකත්පස්ව සිටිය හ. පසුව උන්වහන්සේට මෙසේ සැළ කළහ.
“ස්වාමීනි, අපි අඹු දරුවන් පෝෂණය කරමින් විවිධ බැඳීම් සහිත ව වාසය කරමු. සිනිඳු
සඳුන් ගල්වාගෙන සිටිමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී පැළඳගෙන වාසය කරමු. මෙසේ
කාමභෝගී ජීවිත ගත කරන අපි මරණින් පසු සුගතියට පැමිණීමේ ප්‍රාර්ථනා ඇත්තෝ වෙමු. එබඳු
අපට ඔබ වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා.”
ඉතිරිය» |
|
වප්අව අටවක පෝය
වප්අව අටවක පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා පූර්ව භාග 11.11 ට ලබයි. නොවැම්බර්
01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ඔක්තෝබර් 31 වන දා බදාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 7 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|