ධම්මානුපස්සනාව:
දෑසින් දකින දේ නුවණැසින් දකින්න
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
යමෙක් දාන මාන පින්කම් පවා සූදානම් කරගෙන ඒවා නවත්වන්නේ ද, නොකර ඉන්නේ ද තණ්හාව නිස
යි. සතෙකුටවත් ආහාර ටිකක් නොදීමට තරම්, සිත පහළ වන්නේ තණ්හාව නිස යි. සත්ත්වයාගේ
උපත, ජීවත් වන, මිය යන ගමන නොනැවතී ඉදිරියට ගලා යන්නේ තණ්හාව නිස යි. එසේනම් සසර
දුකට වැටෙන්නේ, රහත් නොවන්නේ තණ්හාව වැඩිකම නිස යි. ඒ නිසා තණ්හාව අඩුකර ගන්නා
ක්‍රමය තථාගත බුදු පියාණන්වහන්සේ අපට බොහොම කරුණාවෙන් පහදා දුන්නා.
මේ සඳහා කවුරුත් සතර සතිපට්ඨාන භාවනාව පිළිබඳව හොඳ දැනීමක් ඇති කරගැනීමට මහන්සි
ගන්න. සතිපට්ඨාන භාවනාව දියුණු කරද්දී සිත හොඳට පිරිසුදු වෙයි. ඇඬීම වැළපීම වැළකී
යයි. යම් කෙනෙක් මිය ගිය විට, සිදුවන විපතක දී අඬන වැළපෙන ස්වභාවය වැළකී යයි. කායික
මානසික දුක් කරදර අඩුවී නිවන් මඟට බැස ගනියි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට
බැසගෙන නිවන්
සම්පත් අවබෝධ කර ගැනීමට භාග්‍ය ලැබෙයි. සෝවාන් , සකෘදාගාමී , අනාගාමී, අර්හත් මාර්ග
ඥාන ලබනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වෙනවා. එසේනම්, චතුරාර්ය සත්‍ය
අවබෝධය සඳහා ඉතාමත් ම වැදගත් පාඩම වන්නේ සතිපට්ඨාන භාවනාව යි. සතිපට්ඨාන භාවනාවේ
කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව යනුවෙන් කොටස් තුනක් පසුගිය ලිපි
මඟින් සඳහන් කළෙමු. බුදුසරණ පුවත්පතේ පළවූ ලිපි බොහෝ දෙනෙක් කියවා තිබෙනවා. ඒ මඟින්
වැටහීමක් ඇතිකර ගෙන තිබෙනවා. අධ්‍යයනයක් ලබාගෙන තිබෙනවා. අද සඳහන් කරන්නේ පාඩමේ
ගැඹුරු ම කොටස වන ධම්මානුපස්සනා සතිපට්ඨානය යි.
ධම්මානුපස්සනාව යනු විපස්සනා කොටස යි. ඇසෙන් බලන්නා සේ සිතෙන්(නුවණින්) බලන්නට
පුළුවන්කම තිබෙනවා. ධම්මානුපස්සනාවේ ප්‍රධාන කොටස් පහකි. එය නීවරණ කාණ්ඩය, ස්කන්ධ
කාණ්ඩය, ආයතන කාණ්ඩය, බොක්‍ධ්ජංග කාණ්ඩය, සත්‍ය කාණ්ඩය යනුවෙන් කොටස් පහකට බෙදා
දක්වනවා.
ඉන් පළමු පාඩම නීවරණ විදර්ශනාව යි. අපේ සිත සම්පූර්ණයෙන් විනාශ කරන, සංසාර ගමන දුකට
පත්වන දෙයක් වන්නේ නීවරණ යි. නීවරණ කොටස් පහකට බෙදා දක්වේ. එය පංචනීවරණ යනුවෙන්
හඳුන්වන අතර, මේවා තම සිතෙන් බැහැර කළ යුතු කෙලෙසුන් වෙනවා. එනම්, කාමච්ඡන්ද
නීවරණය, ව්‍යාපාද නීවරණය ථීනමිද්ධ නීවරණය, උද්දච්ඡ කුක්කුච්ඡ නීවරණය, විචිකිච්ඡා
නීවරණය, වශයෙනි. සුගතිය ද නිවන ද වසා දමන අපාය මඟ විවර වෙන නීවරණ ගැන කවුරුත් හොඳ
වැටහීමක් ඇතිකර ගෙන, පවට ගිජු නොවී සිත දියුණු කිරීමේ ප්‍රතිපත්ති මඟට බැසගත යුතු
යි. එවිට ශීලා දී ගුණ සම්පත් හොඳට දියුණු තියුණු කරගෙන තමන්ට විශාල ශක්තියක් බලයක්
ගොඩ නංවා ගන්නට පුළුවන්.
බුදුරජාණන් වහන්සේ නීවරණ පිළිබඳ බොහෝ සූත්‍ර දේශනාවල පැහැදිලි කර තිබෙනවා. නීවරණ
හටගන්නා ආකාරය, පවතින ආකාරය, නැතිවන ආකාරය පිළිබඳව වැටහීමකින් අප කටයුතු කළ යුතු
යි. නීවරණ හට ගන්නේ කයේ නොවෙයි, සිතෙ යි. සිත තුළ හට ගනු ලබන බරපතළ ම අකුසල ධර්ම
පහක් වන්නේ නීවරණ පංචකය යි. එසේනම්, තම සිත තුළ හටගන්්නා පංච නීවරණ ස්වර්ග, මෝක්ෂ
දෙකටම බාධා කරනවා. මරණින් මතු දෙව්ලොවට, බඹ ලොව යන්නට , සුගතිගාමී වෙන්නට ඉඩ දෙන්නේ
ම නැහැ. නිවනට යන්නට කෙසේවත් ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ සිතේ පහළවන නීවරණයක් බව හොඳින්
දැන ගැනීම බුදු දහමෙන් උගන්වනවා.
පළමුවැන්න කාමච්ඡන්ද නීවරණය යි. එනම් පංචකාම වස්තූන් පිළිබඳව ඇතිවන කැමැත්ත යි.
කාමච්ඡන්දය පිළිබඳව, නීවරණ පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගත යුතු යි. විවේකීව
වාඩිවෙලා තම සිතට එන කාමච්ඡන්දය ගැන හොඳින් බැලිය යුතු යි. මගේ සිතේ කාමච්ඡන්දය පහළ
වුණා. එය නැතිවී ගියා, එය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි, අතීතයට ගිය කාමච්ඡන්දය
නැවත හට ගන්නේ නැහැ. නැවත හටගන්නේ අලුත් සිත්. ඒ නිසා සිතට පහළවන, කාම්ච්ඡන්ද
නීවරණය හොඳින් අවබෝධ කරගෙන මෙනෙහි කරන්න. අතීත වූ කාමච්ඡන්ද නීවරණයත් අනිත්‍යය යි,
දුක්ඛ යි, අනාත්ම යි. වර්තමාන කාමච්ඡන්ද නීවරණයත් අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම
යි, අනාගත කාමච්ඡන්ද නිවරණයත් අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි
කරන්න පුරුදු වන්න. තම සිතට තණ්හාවක් ආවොත්, ‘තණ්හාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම
යි, යනුවෙන් මෙනෙහි කරන්න.
තමන්ගේ සිතේ කාමච්ඡන්දයක් ඇතිවුණහම මගේ සිතේ කාමච්ඡන්දය තිබෙනවා යැ’යි දැනගත්තොත්,
එය හොඳ නුවණක්. තමන්ගේ සිතේ කාමච්ඡන්දය නැත්නම්, ‘තම සිතේ කාමච්ඡන්දය නැති බව
දැනගැනීමත් හොඳ දැනීමක්’ . නූපන් කාමච්ඡන්දය උපන්නේ ය යනුවෙන් දැනගන්නවා නම්, සිතේ
උපන් කාමච්ඡන්දය නැතිවුණ බව දැනගැනීම ද සිතේ නැතිවූ කාමච්ඡන්දය නැවත උපදින්නේ නැති
බව දැනගන්නවා නම්, එය ලොකු දැනීමක්. මෙලෙස මේ නීවරණ ගැන වැටහීමක් ඇතිකරගෙන, ක්‍රම
පහත් සිතාගෙන කාමච්ඡන්ද නීවරණය හෙවත් තණ්හාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යිි
යනුවෙන් සියවර දහස්වර මෙනෙහි කළ යුතු යි.
කාමච්ඡන්ද ඇතිවීමට හේතුව රූපා දී අරමුණු සුබ වශයෙන් ගැනීම යි. එය මෝහය යි. මෝහය නම්
මෝඩකම යි. අනුවණින් හටගන්නවා යනු එය යි. අයෝනිසෝ මනසිකාරය යනුත් එයම යි. ඒ නිසා
මේවා පිළිබඳව වැටහීමක් ඇතිකරගෙන නිත්‍ය සුබ, ආත්ම වශයෙන් නොගෙන අනිත්‍ය, දුක්ඛ,
අනාත්ම වශයෙන් ම සලකා බැලිය යුතු යි. එය බොහොම වැදගත් පාඩමක්. ඇත්තෙන්ම පෙර සඳහන්
කළා සේ ම, කාමච්ඡන්දය ඇතිවීමට හේතුව පංචකාම වස්තූන් පිළිබඳව තෘෂ්ණාව යි. කාමච්ඡන්දය
ප්‍රහාණයට අසුභ නිමිති ඉගෙනීම, අසුභ භාවනාවේ යෙදීම, ඉඳුරන් සංවර කර ගැනීම, ආහාරයේ
පමණ දැනීම, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම, යෝග්‍ය කථාව ආදී කරුණු හයෙන් කාමච්ඡන්ද
නීවරණය නැතිකර ගන්න පුළුවන්.
තණ්හාවෙම කොටසක් වන්නේ කාමච්ඡන්ද නීවරණය යි. ඒ නිසා තම සිතේ කාමච්ඡන්ද නීවරණයක්
හටගත්විට එය නුවණින් බැලිය යුතුයි. එය හටගත්තේ කෙසේ ද? එහි තත්ත්වය කෙලෙස ද? ආදීනව
කෙසේද? යනුවෙන් බලා නුවණින් හොඳට බලාගෙන කාමච්ඡන්ද නීවරණය අනිත්‍යය යි, දුක්ඛ යි,
අනාත්ම යි, යනුවෙන් සියවර දහස්වර මෙනෙහි කළ යුතු යි. ‘මේ මොහොතේ මගේ සිතේ
කාමච්ඡන්දයක් නැහැ.’ ඒ නැති සිතත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙලෙස අපේ
භාවනා අරමුණ හොඳට මෙනෙහි කරන්නට මේ පිළිබඳව හසළ දැනුමක් ඇති කරගන්න.
සිතට තණ්හාවක් හෝ කාමච්ඡන්දයක් ආවොත්, එයම මෙනෙහි කර කාමච්ඡන්දය ඇතිවුණා,
කාමච්ඡන්දය නැති වුණා. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. අතීතයට ගියා
කාමච්ඡන්දය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, අනාගතයේ පහළවන කාමච්ඡන්දය අනිත්‍යය
යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න පුරුදු වන්න. එයට ස්ථානයක් අවශ්‍ය
නැහැ. ඕනෑම ඉරියව්වකදී පුළුවන්. වාහනයක ගමන් ගනිද්දී, ඇවිද ගෙන යද්දී, කඩයට යද්දී
තමන්ගේ සිතට පැමිණෙන අරමුණු ඒ ක්ෂණයෙහිම මෙනෙහි කරන්න මහන්සි ගන්න. එය විශාල පිනක්.
බුදු දහමේ වැදගත්ම දෙය චතුරාර්ය සත්‍යය අවබෝධය යි. චතුරාර්ය සත්‍යයේ, සමුදය සත්‍ය
යනු කාමච්ඡන්ද නීවරණය ප්‍රහාණය කිරීමෙන් ලබන අවබෝධය යි. එවිට දුක අවබෝධ වෙනවා.
තණ්හාව අවබෝධ කරගන්නේ නැතිව දුක අවබෝධ කරගන්න බැහැ. තණ්හාව නිසා දුක් රැස් වෙනවා. ඒ
නිසා දුක දිගින් දිගට යෑමට ඉඩ නොදී එය නතර කර ගැනීම සඳහා තණ්හාව නැති කළ යුතු යි. ඒ
සඳහා තණ්හාවෙහි ආදීනව දැනගෙන එය මෙනෙහි කිරීමෙන් තණ්හාව යටපත් කළ හැකි යි.
මහ රහතන් වහන්සේ යනු සම්පූර්ණයෙන් තණ්හාව නැති කළ උතුමාණන් වහන්සේ යි. උන් වහන්සේට
අබමල් රේණුවක තරම්වත් තණ්හාවක් හට ගන්නේ නැහැ. අනාගාමී උතුමන්ට භව තෘෂ්ණාව ටිකක්
තිබෙනවා. සකෘදාගාමී , සෝවාන් , උතුමන්ට ඊට වඩා ටිකක් තිබෙනවා. පෘතග්ජනයාට බහුලව ම
තිබෙනවා.
ඉදිරි පාඩම්වලදීත් තවත් නීවරණ පිළිබඳව ඉදිරිපත් කළ විට, තමන්ට හසළ දැනුමක් ලබා ගන්න
පුළුවන්කම තියෙනවා. දැනට මෙම කොටස් හොඳින් කියවා දැනීමක් ඇතිකර ගෙන කටයුතු කරගන්න.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |