UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාකස්සප ථෙර බොජ්ඣංග පිරිත

මහාකස්සප ථෙර බොජ්ඣංග පිරිත

දෙවිවරුන්ගේ උපද්‍රවයන් වැළැක්වීමට දෙසූ පිරිත්වලින් අනතුරුව මහා කාශ්‍යප, මහ මුගලන් යන රහතන් වහන්සේලා හා සම්මා සම් බුදුරජාණන් වහන්සේට රෝග ඇති වූ අවස්ථාවේදී එය සංසිඳුවීම පිණිස දේශනා කළ සූත්‍ර ඇතුළත් වේ. බොජ්ඣංග සූත්‍ර තුනකි. පළමු සූත්‍රය වන්නේ මහා කාශ්‍යප බොජ්ඣංග සූත්‍රයයි. බුදුරදුන් රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරති. මහා කාශ්‍යප, හිමියන් රෝගාතුරව පිප්ඵලී ගුහාවෙහි වාසය කරති. එහි වැඩම කළ බුදුරදුන් මෙම සූත්‍රය දේශනා කර තිබේ.

මේ නගරයට රාජගහ යන නාමය ව්‍යවහාර කර ඇත්තේ මහා මන්ධාතු හා මහා ගෝවින්ද යන රජවරුන් වාසය කළ නිසා ය. බුද්ධ කාලයේ දී ද චක්‍රවර්ති රාජ්‍ය කාලයන්හි ද මේ නගරය පවතී. අන්‍ය කාලයන්හි දී ජන ශූන්‍ය තත්ත්වයට පත් වේ. අන්‍ය කාලයන් හි දී යක්ෂයන් විසින් අරක් ගත් වාසස්ථාන බවට පත්වේ.

වේළු යන්නෙන් අදහස් කරන්නේ උණ ගස ය. දහඅට රියන් පවුරකින් වටවූ නිල් පැහැයෙන් බබළන සිත් ගන්නා වූ භූමි භාගයක් වූ නිසා ද වේළුවනය යන්න ව්‍යවහාර කරයි.

කලන්දක නිවාපය යන නම ව්‍යවහාර කිරීමට හේතු වූයේ අතීතයේ එක්තරා රජතුමෙක් උයන් කෙළිය පිණිස මෙයට පිවිසුණේ ය. සුරා බී සිටි රජතුමාට දහවල නින්ද ගියේ ය. රජතුමා නිදාගත් පසු ඔහුගේ පිරිවර ඔහු අතහැර වෙන වෙන කාර්යයන්ට ගියෝ ය. මෙහි දී රා ගඳ නිසා බෙනයක සිටි නාගයෙකු රජතුමා දෙසට පැමිණියේ ය. එය දැක එක් දේවතාවෙක් ලෙහෙනෙකෙªගේ වේශයෙන් පැමිණ රජතුමාගේ කන සමීපයේ ශබ්ද කළේය. රජතුමා අවදි වුණේ ය. සර්පයා නතර විය. රජතුමා එය දැක ලේනා නිසා තමාගේ ජීවිතය බේරුණ බව දැන ලේනුන්ට අභය දානය ප්‍රදානය කරන ලෙසත්, ආහාර දෙන ලෙසත් අණබෙර පිටත් කළේ ය. එතැන් සිට මෙම උයනට කලන්දක නිවාප යන නම භාවිත කරයි.

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනගත් බුදුරදුන් එහි වැඩම කළ සේක. අනතුරුව බෝසත් අවධියෙහි තමන් විසින් සම්පූර්ණ කළ සත්ත බොජ්ඣංග ධර්ම දේශනා කරමින් එහි සත්‍ය බලයෙන් රෝග සමනය වේවායැයි අධිෂ්ඨාන කළ සේක. බෝධි යන්නෙන් අදහස් කරන්නේ අවබෝධයයි. අවබෝධය සඳහා උදව් වූ කරුණු හතක් සත්ත බෝජ්ඣංග ධර්ම යන්නෙන් පෙන්වා දෙයි. ඒවා නම් සති, ධම්මවිචය, වීරිය, පීති, පස්සද්ධි, සමාධී, උපේක්ඛා යන හතයි. බුදුරදුන් මෙම සත්ත බොජ්ඣංග ධර්ම දේශනා කොට ඒවා තමන් වහන්සේට නිර්වාණ අවබෝධය පිණිස පැවති බව දේශනා කළහ. මෙය ශ්‍රවණය කිරීමෙන් පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝග සන්සිඳී ආබාධ රහිතව නැගී සිටියහ.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙන් ම මුගලන් මහ රහතන් වහන්සේ ද බුදුරදුන් ද රෝගාතුර වූයේ ගිජ්ඣකූට පර්වත ප්‍රාන්තය අසල පැවති ගසක හටගත් මල්වලින් නිකුත් වූ සුවඳක් ආඝ්‍රහණය වීම නිසා ය.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]