අවස්සුත පරියාය සූත්‍රය:
කෙලෙස් මාරයාට
වසඟ නොවන්නට...
හලාවත කොක්කාවිල
වනරතන ආරණ්‍ය සේනාසනාධිකාරී
සද්ධර්ම කීර්ති ශ්‍රී කම්මට්ඨානාචාර්ය
ඔක්කම්පිටියේ
කස්සප හිමි
"මේ ජීවිතය හැම මොහොතෙම පිදුරුවලින් තැනූ ගෙයක් වගේ. කෙලෙස් නමැති මාරයාගේ ගින්දරෙන්
දැවි දැවී තිබෙනවා. අනාගතය ගැන කල්පනා කරමින්, අතීතය ගැන කල්පනා කරමින් අප මේ හිත
දව දවා තිබෙනවා. මේකට හේතුව අසිහියෙන් ඉන්ද්‍රියය පරිහරණය නොවේද?"
අවස්සුත පරියාය සූත්‍රය සඳහන් වන්නේ සංයුක්ත නිකායේය. මේ සූත්‍රය වර්තමානයේ අප දැන
ගත යුතුම සූත්‍රයක්. මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කරන ලද ධර්ම දේශනා සූත්‍ර පිටකයේ
බොහොම අඩුයි. මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව බුදුන් වහන්සේ විස්තර කොට ඇත්තේ හරියට
කිරි අම්මා කෙනෙක් හැටියට. සාමාන්‍යයෙන් කිරි අම්මා කියන්නේ දරුවන් රැක බලා ගන්නා,
පෝෂණය කරන කෙනාට. ඒ කියන්නේ ශාසනයේ මාර්ගඵල ලබා ඇති ශ්‍රාවකයන් පිරිහෙන්නට නොදී
ආරක්ෂා කරගන්නා නිසා බුදුන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ කිරි අම්මා කෙනෙක් වගේ
යැයි දේශනා කළා.
බුදුන් වහන්සේ ලොව සියලුම ධර්ම හැඳින්වීමට තනි වචනයක් භාවිත කොට තිබෙනව. ඒ වචනය
තමයි, අර්ථ, අභිධර්මයේ සඳහන් ආකාරයට අර්ථ කියන්නෙ. සිතින් හඳුනා ගත හැකි සියලු
දේවලටයි. මේ අර්ථ කියන දේ කොටස් දෙකකට බෙදා තියෙනව. ඒවා තමයි පරමාර්ථ සහ හීනාර්ථ,
පරමාර්ථ ධර්ම ගොඩක් නැහැ. පරමාර්ථ ධර්ම තියෙන්නෙ 82 යි. සිතත්, චෛතසික දෙපණසත්, රූප
28 ත් නිබ්බාන ධාතුවත්, ඒ හැර පරමාර්ථ ධර්ම යනුවෙන් වෙන යමක් නැහැ. පරමාර්ථ කියන්නෙ
සැබෑවටම තිබෙනව. වෙනස් කරන්න බැහැ. ඒ ධර්මතා හැරුණු විට අනෙක් සියලුම දේවල් අයත්
වන්නෙ හීනාර්ථ ගණයට. මේ හීනාර්ථ ධර්මයන්ට රැවටුණු, හීනාර්ථ ධර්මයක් තිබෙනව කියල
හිතන ශ්‍රාවකයාගේ ජීවිතයට වෙන දේත්, හීනාර්ථ ධර්මයන් පිළිබඳ තේරුම්ගෙන ඒ ධර්මයන්
අවබෝධ කර ගත් ශ්‍රාවකයාට සිදුවන යහපතත් පිළිබඳවයි, මුගලන් මහ රහතන් වහන්සේ. මේ
සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නෙ.
නිවෙසක උළු ටික අයින් කළොත්, ලී ටික අයින් කළොත්, ගඩොල් ටික අයින් කළොත් එතන ගෙයක්
කියල එකක් නැහැ. අයින් කරපු දේවල්වලට අපි ගේ කියල කියනවද? නැහැ. ඒවාය එකතුවට තමයි,
ගේ කියන්නේ. එතකොට හීනාර්ථය ලොකුවට පෙනෙනවා. පරමාර්ථය ලොකුවට පෙනෙන්නෙ නැහැ.
තවත් උදාහරණයක් ගනිමු. ඊර්ෂ්‍යාව, අර ගේ කඩල අයින් කළා වගේ, ඒක වෙන් කරන්න බැහැ.
වෙන් කරන්න බැරි නිසා අප එය හඳුන්වනවා, පරමාර්ථ හැටියට. හීනාර්ථ තියෙනව කියල
හිතාගෙන අපි ලොකු අමාරුවක වැටිලයි ඉන්නේ. මේ සංසාරේ බුදුන් වහන්සේගේ ශාසනයට
ප්‍රවිෂ්ට වුණු අයට හීනාර්ථ, හීනාර්ථ වශයෙන් දැනගත හැකියි. එසේ දැනගත් පසු හීනාර්ථ
අල්ලගෙන හදවතේ පුරවාගෙන අකුසල් රැස් කරන්න යන්නෙ නැහැ. ඒ බව තේරුම් ගත්
ශ්‍රාවකයාටත් තේරුම් නොගත් ශ්‍රාවකයාටත් වෙන්නෙ මොකක්ද කියලයි, මුගලන් මහරහතන්
වහන්සේ මේ සුත්‍ර දේශනාවෙන් විග්‍රහ කරන්නෙ.
නීවරණ ධර්ම යනු අප හොඳට අසා පුරුදු දෙයක්. කාමච්ඡන්ද, ථීන මිද්ධ, ව්‍යාපාද, උද්දච්ච
කුක්කුච්ච, විචිකිච්ඡා හඳුනා ගැනීම අවශ්‍ය වෙන්නෙ අපට ඒවා හමුවන තැන, ඒවා හඳුනාගෙන
ජීවිතයට ගළපා ගැනීමටයි. මුගලන් මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා අමතා අවස්සුත (කෙලෙස්
වැගිරෙන ජීවිත) හා අනවස්සුත (කෙලෙස් නොවැගිරෙන ජීවිත) පරියාය සූත්‍රය දේශනා කළා.
පි‍්‍රය ජනක රූපයක් නම් එය සිතේ බැස ගන්නව, නැවත නැවත ඒ රූපය පිළිබඳව කල්පනා කරනව.
මෙනෙහි කරනව, නැවත ඒ රූපය දකින්න ඇත්නම් හොඳයි කියා සිතිවිලි ඇති කර ගන්නව. ඒ වගේම
අපි‍්‍රය රූපයක් දැක්කොත් ඒ රූපය සිතෙහි තැන්පත්ව, ගැටීමක් ඇකි කර ගන්නව.
පිළිකුලක්, අමනාපයක් ඇති කර ගන්නව. මෙහෙම වෙන්නෙ කොහොම ද? පි‍්‍රය මනාප රූපය දැක්ක
ගමන් ඒ කෙරෙහි ඇල්මක් ඇතිවෙනව. ඒ කියන්නෙ කෙලෙස් ඇතිවෙනව. කෙලෙස් වැගිරෙනව.
අපි‍්‍රය රූපයක් දැක්කොත් ඒ රූපය සිතේ තැන්පත් කොට ගැටීමක් ඇතිවෙනව. ඒ කියන්නෙ
කෙලෙස් ඇතිවෙනව. කෙලෙස් වැගිරෙනව. පටු මනසකින් ඒ රූප, ශබ්ද, ගන්ධ ආදිය කෙරෙහි බලන්න
යාම නිසා ඒ භික්ෂුවට ඒවා කෙරෙහි ඇති කැමැත්ත නැති කර සමාධි සිතකට යන්න බැරිවෙනව.
ප්‍රඥාව උපදවා ගන්න බැරිවෙනව. විදර්ශනා ඤාණය පහළ කරගන්න බැරි වෙනව. මේ අයට ලෝභ,
ද්වේෂ, මෝහ යන අකුසල සිත් පහළ වෙලා කෙලෙස්වලින් සිත භරිත වෙනව.
උදාහරණයක් මෙහි දී මතක් කරන්නම්. බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ එක්තරා භික්ෂුවක්
පිණ්ඩපාතයේ වැඩම කළා. ඒ අවස්ථාවේ එක්තරා නගර සෝභිනියක් මේ භික්ෂුවට දානය
පිළිගන්වනව. ඒ භික්ෂුව දානය පිළිගන්නෙ සිහිය නැතිව. ඒ කියන්නෙ කායානුපස්සනාවෙන් සිත
මුදවාගෙනයි. ඒ රූපය දිහා බලන්නේ. ආසාවක් උපදිනව. ඒ රූපය නැවත නැවත දකින්න සිත
කැමැති වෙනව. ඒ ගැනම හිතන්න පුරුදු වූ භික්ෂුවට දානය වළඳන්නවත් බැරිව යනව. ශරීරය
කෘශ වෙලා යනවා. භාවනාවකට සිත යොමු කරන්න බැරිව යනව.
මෙය අපේ ජීවිතවලට ද ඉතා හුරු පුරුදු දෙයක්. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී ඉන්ද්‍රිය
හරහා ගන්න අරමුණු නිතර නිතර මතු වෙනවා. මේ ඉන්ද්‍රියයන් සිහියෙන් තොරව පරිහරණය
කරන්න පටන් ගත්තොත් ඒ පුද්ගලයාගේ ජීවිතය කෙලෙස්වලින් පිරෙනව. වැගිරෙනවා.මේ
ඉන්ද්‍රිය අසිහියෙන් පරිහරණය කිරීම නිසා ලෝභ, ද්වේශ, මෝහා දී අකුසල සිත්වලින් සිත්
පිරෙනව. ඒව තමයි ඇසට පෙනෙන්නෙ. කනට ඇසෙන්නෙ. ශරීරයට දැනෙන්නෙ. මේ සියල්ල හීනාර්ථ,
මේ හීනාර්ථ ‘තිබෙනවා’ කියා හිතා ගෙන ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී ඉන්ද්‍රියය හරහා
සතුටුවෙන්න යනව. මේ නිසා ලෝභ, ද්වේෂ, මෝහ හටගන්නව. සතර සතිපට්ඨානයෙන් තොර
ශ්‍රාවකයන් මේ නිසා කෙලෙස් පිරුණු ජීවිත ඇති කර ගන්නවා.
මෙතැන දී මුගලන් මහ රහතන් වහන්සේ තවත් උදාහරණයන් දැක්වූවා. පිදුරුවලින්, වියළි
ඉලුක්වලින් තැනූ ගෙයක් තිබෙනව. ඒ ගේ දිසාවට උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර ආදී සතර
දිසාවෙන් ම ගිනි පන්දම් දල්වාගෙන එනව. ඒ ගිනි පන්දම් නිසා මොකද වෙන්නෙ? පිදුරු
වලින් තැනූ නිවස එක් වරම ගිනි ගන්නව. ඒ වගේම අසිහියෙන් සිටින පුද්ගලයකු රූපයක්
දුටුවහම කෙලෙස් නමැති මාරයා බැස ගන්නව. ලෝභය නමැති මාරයා, ද්වේශය නමැති මාරයා, මෝහය
නමැති මාරයා, අසිහියෙන් සිටින පුද්ගලයා තුළට බැස ගන්නවා. ඉතින් එයාට සංසාරේ යහපතක්
වෙනවද? නැහැ. මේ ජීවිත හැම තිස්සෙම පිදුරුවලින් තැනූ ගෙයක් වගේ. කෙලෙස් නමැති
මාරයාගේ ගින්දරෙන් දැවි දැවී තිබෙනව. අනාගතය ගැන කල්පනා කරමින්, අතීතය ගැන කල්පනා
කරමින් අප මේ හිත දව දවා තිබෙනව. මේකට හේතුව අසිහියෙන් ඉන්ද්‍රියය පරිහරණය නොවේද?
අසිහියෙන් ඉන්ද්‍රියය පරිහරණය කරන කෙනෙකුට ඇසට අරමුණක් ආවාම එය හේතු
ප්‍රත්‍යයන්ගෙන් හටගත් එකක් බවත්, හේතු ප්‍රත්‍යය නැතිවුණාම එය විනාශ වී යන බවත්
නුවණට වන්නේ නැහැ. එහි ප්‍රතිඵලය වන්නේ පුද්ගලයාගේ ජීවිතය කෙලෙස් මාරයාට යට වීමයි.
ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ වදාරනවා. යම් ශ්‍රාවකයෙක් යම් දවසක මේ ජීවිත අනිත්‍යයි.
අනාත්මයි, දුකයි කියල අවබෝධ කර ගත් මොහොත තුළ සිට ඒ පුද්ගලයා සිහියෙන් වාසය කරනවා.
ඇසට රූපයක් පෙනුන විට එය පි‍්‍රය ව වශයෙන් මෙනෙහි කරන්නේ නැහැ.
කනට ශබ්දයක් ඇසුන විට එය පි‍්‍රය වශයෙන් මෙනෙහි කරන්නෙ නැහැ. ඒ විදියට පි‍්‍රය
වශයෙන් මෙනෙහි කරන්නේ නැති වුණාම කෙලෙස් මාරයාට හසුවන්නේ නැහැ.
මම කලින් මේ පින්වතුන්ට මතක් කළානේ, බුදුන් වහන්සේගේ කාලයේ සිටි භික්ෂුවක් නැත. ඒ
භික්ෂුවට රූප සුන්දරිය සිහි වීම නිසා භාවනාවට සිත් යොමු කරන්න බැරි වුණා. එතැන
ප්‍රශ්නය තිබෙන්නෙ රූප සුන්දරියගේ ද? භික්ෂූවගේ ද? භික්ෂුවගෙයි, අප ලෝකය සමග හදා
ගෙන තිබෙන ප්‍රශ්න ලිහා ගත යුතු යි. ප්‍රශ්න තිබෙන්නෙ ලෝකය නිසා නොවෙයි. ප්‍රශ්නය
තිබෙන්නේ අප තුළමයි. මේ ඇලීම ගැටීම නැති කර ගත යුත්තේ අප තුළින්මයි.
ඉතින් මේ දේ කරන්න ආරණ්‍යයකට යා යුතු නොවේදැයි කෙනෙකු හිතන්න පුළුවන් නෑ. මේ සඳහා
සුදුසුම තැන ඔබ ජීවත්වන පරිසරයම යි.
අර භික්ෂුව පත් වී සිටි තත්ත්වය ගැන බුදුන් වහන්සේට ආරංචි වුණා. බුදුන් වහන්සේ
දුටුවා තව ටික දිනකින් මේ රූප සුන්දරිය මිය යන බව බුදුන් වහන්සේ ප්‍රාදේශීය රජතුමාට
කීවා. ඇය මිය ගියාම මිනිය වළලන්න එපා දින කිහිපයක් අමු සොහොනෙහිම තබන ලෙස, අමු
සොහොනේ දින කිහිපයක් ගත වූවා පමණයි, ඒ අසලකටවත් යන්න බැරි තරම් දුර්ගන්ධයක් ඇති
වුණා. බුදුන් වහන්සේ සංඝයා පිරිවරා ගෙන ඒ සොහොනට වැඩියා. එතැන ප්‍රාදේශීය රජවරුන්
මෙන්ම අර භික්ෂුව ද සිටියා. ඇය ජීවත්ව සිටි කාලයේ කහවනු දහස් ගණනක් ගෙවූ කිසිවෙක්
දැන් කහවණු සමඟ දෙනවා කීවත් ඇය ළඟට ළං වන්න ඉදිරිපත් වන්නෙ නැති බව බුදුන්වහන්සේ
පෙන්වා දුන්නා.
අර භික්ෂුවට කරුණු වැටහුණා. මේ රූපය අනිත්‍ය දෙයක් බව වටහා ගත් භික්ෂුව යළි ධර්ම
මාර්ගයට පිවිසුණා. අප අසිහියෙන් ජීවත්වන නිසා තමයි අප ක්ලේශ මාර්ගයට හසු වී මේ තරම්
දුකකට පත්වෙලා තිබෙන්නෙ. කෙලෙස් නැති ජීවිත තිබෙන්නෙ සතර සති පට්ඨාන ඇති තැනයි.
කෙලෙස් වැගිරෙන ජීවිත තිබෙන්නෙ සතර සතිපට්ඨාන නැති තැනයි.
රූප දකින විට (ශබ්ද ඇසෙන විට) රස දැනෙන විට ඒවා සමඟ ලෝභ, ද්වේෂ, මෝහ ඇති නොවන
විදියට සිත පරිහරණය කිරීමට පුරුදු විය යුතු යි. දක්ෂ විය යුතු යි. එය මහා සැනසීමක්
උදාකරනු ඇති. මුගලන් රහතන් වහන්සේ මෙසේ දේශනා කරන විට බුදුන් වහන්සේ “සාධු සාධු
මොග්ගල්ලාන මා ඔය කාරණය ගැන දේශනා කළත් දේශනා කරන්නෙ ඔය විදියටම” යි කියා මුගලන්
රහතන් වහන්සේගේ දේශනය අනුමත කළා.
අපිත් බුද්ධ ශ්‍රාවකයන් විදියට හැකි තරම් මාරයාට හසු නොවී ඉන්න උත්සාහ කළ යුතු යි.
ඉන්ද්‍රිය පරිහරණය කරන විට සංවර භාවය තුළින්ම පිහිටා ලෝකය, දකින්න ලෝකය විඳින්න
පුරුදු විය යුතු යි. එවිට කෙලෙස් වැගිරෙන ජීවිතයක සිට කෙලෙස් නොවැගිරෙන ජීවිතයකට
ප්‍රවිෂ්ට වීමට අපට හැකි වේවි. |