UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රංශයේ ජේතවනාරාමයේ වෙසක් පින්කමෙන් ... : ප්‍රංශයේ ජේතවනාරාමස්ථ දායක සභාවේ සංවිධායකත්වයෙන් සිදු කරනු ලැබූ වෙසක් පින්කම ජේතවනාරාමයේ දී සිදු කරනු ලැබීය. විහාරාධිපති මුරුංගාගස්යාසේ ඤාණිස්සර නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති එම වෙසක් පුණ්‍යෙීත්සවයට පැරිස් විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද නාහිමි, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නා හිමි, එක්සත් රාජධානි මැන්ඩෙස්ටර් කේතුමතී බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිදවිල්ලේ පියතිස්ස හිමි, වරකාගොඩ ගල්ලෙන රජමහ විහාරාධිපති නාගල්ලේ සුමන නාහිමි, වෑවල සුසීමාරාමාධිපති සේදවත්තේ පඤ්ඤාවංස හිමි, ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව බෞද්ධ මධ්‍යස්ථානයේ ඉත්තදෙමලියේ ධම්මසිරි හිමි, ප්‍රධානඝර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරින්දේ පඤ්ඤාතිස්ස හිමි, මාකුරේ පියනන්ද හිමි, කැන්දවින්නේ රාහුල හිමි, කහත්තේවෙල සුගතසිරි හිමි, දොලුවේ චන්දානන්ද හිමි, ඇතුළු වියට්නාම බුරුම ජාතික හිමිවරුද සහභාගි වූහ. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා ඇතුළු වියට්නාම, කාම්බෝජ, චීන, ලාඕස්, ප්‍රංශ හා ශ්‍රී ලංකාව යන රටවලට අයත් පින්වතුන් රැසක් එම පුණ්‍ය උත්සවයට සහභාගි වූහ.

 

 

උඩරට අමරපුර මහා නිකායේ සාසනජෝතිකා කාරක සංඝසභාවේ උපසම්පදා විනය කර්මය ජූනි 22 – 23 දිනවල

උඩරට අමරපුර මහ නිකායේ සාසන ජෝතිකා කාරක සංඝසභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්මය උඩරට අමරපුර මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාය නුවරඑළියේ චන්දජෝති මහානාහිමියන්ගේ සහ අනුනායක සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම, වජිරජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජූනි මස 22 සහ 23 යන දිනයන්හි මහනුවර ගැටඹේ ආසන්න වරාතැන්න සිරිමහ බෝධි උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වේ. උපසම්පදා අපේක්ෂක සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් පෙර පුහුණුව ජූනි මස 15,16,17 යන දිනවලදී ද උපසම්පදා පරීක්ෂණ විභාගය ජූනි මස 17 වෙනි දින පැවැත්වෙන අතර උපසම්පදා අපේක්ෂක අයදුම්පත් බාර ගැනීම මැයි මස 01 සිට ජූනි මස 05 දක්වා සිදු කෙරේ. නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍ර, ලේඛකාධිකාරී ශ්‍රී සුගත මහා විහාරය මැදවල හාරිස්පත්තුව යන ලිපිනයට එවිය යුතු බව සම ලේඛකාධිකාරීන් වන පණ්ඩිතාචාර්ය වත්තේගම ධම්මාවාස නාහිමියන් සහ ශාස්ත්‍රපති මාදිපොල ධම්මික හිමියන් නිවේදනය කරන ලද බව කාරක සභික ද්විතීය අධිකරණ සංඝනායක, පිරිවෙන්පති ශාස්ත්‍රවේදී පණ්ඩිත බටුගොඩ සංකිච්චායන හිමියෝ සඳහන් කරති.

ඉතිරිය»

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]