
උතුම් වූ වෙසඟ
ශ්‍රී බුද්ධ වර්ෂ 2562ක් වූ වෙසක් පුන් පෝය අපි විසින් සමරන්නට වීමු. වෙසක් පෝ දින
ප්‍රධානතම වැදගත්කම වන්නේ උතුම් තෙමඟුල සිදුවීම ය. තවද දීපංකර බුදු රදුන්ගෙන් අප
බෝසතුන් මතු බුදුවීමට නියත විවරණ ලබාගැනීම, යසෝදරාව උපදින සැම අත්බව්හි බෝසතුන්ගේ
බිරිඳ වීමට නියත විවරණ ලැබීම, ආනන්ද හිමි පිරිනිවන් පෑම, රුවන්වැලි මහා සෑයේ
අත්තිවාරම දැමීම, ආදියද වෙසක් දා සිදු විය. අපි ආමිස, ප්‍රතිපත්ති යන දෙයාකාරයෙන්
මේ දවස සමරන්නට වීමු. නමුත් සුගතයන් වහන්සේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම්යැයි
සැළකූ සේක. මල් දම් ආදියෙන් මා පුදන්නෝ නිසිලෙස මා පුදන්නෝ නොවෙති. මා වදාළ
ධර්මයෙහි හැසිරෙන්නෝ මා නිසිලෙස පුදන්නෝ ය. බුදු හිමි වදාළේ එහෙයිනි. එසේ වුවත් අප
ප්‍රතිපත්තිය පමණක් වඩා ආමිසය නොවඩා සිටීමෙන් වැළකිය යුතු ය. වෙසක් පෝයෙහි වටිනාකම
රඳා පවතින්නේ අපගේ ක්‍රියාකාරකම් පදනම් කොටගෙන ය. වෙසක් පොහොයෙහි අපරිමිත වටිනාකම
සැලකිල්ලට ගෙන නොයෙකුත් විලාසිතා, වෙස් මුහුණුවලින් වැළකී සද්ධර්මයෙහි හැසිර දෙලොව
දියුණුව ළඟා කර ගැනීමට කටයුතු කළ යුතුයි.
යූ.ජී. නෙත්මි කාවින්ද්‍යා ජයතිලක
11 ශ්‍රේණිය
බෝයගොඩ ශ්‍රී ධර්මාශෝක දහම් පාසල ඉබ්බාගමුව
****
තෙමඟුල
වෙසඟේ අසිරිය පුන් සඳින් ගෙනේ
දඹදිව සුපතල සාල වනේ
සක්වල සැම දෙස එළිය උනේ
බෝසත් සිදුහත් උපන් දිනේ
ඇතිවන නැතිවෙන හේතු සොයා
සියල්ල අනියත වේය නියා
බුදු නැණ විහිදා ලොවට කියා
බුදු වී වෙසඟේ බෝ මැඩදි ගයා
පන්සාළිස් වසක් ලෝකය එකලු කළ
සදහම් ගඟුල ලෝ සත වෙත තිළිණ කළ
තිලොවග තිලක සම්බුදු හිමි සපත කළ
වෙසඟේ පෝ දිනේ පිරිනිවි නිවන තුළ
ගෝදාවේ චන්දරතන හිමි
බෝධිලංකාර පිරිවෙන, කතරගම
****
වෙසක්
පෝය
අප සරණගිය අපගේ ශාස්තෘන් වහන්සේගේ කරුණා ධාරාව ගලා යාමෙන් මහා පොළොව අජීවි, සජීවි
සෑම වස්තුවක් ම නිවී සැනසුන සේක. ධර්මයේ ආලෝකයෙන් මුළු තුන් ලොව ම එළිය වුණි.
වීතරාගි බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන අසිරිමත් මංගල කරුණු ,
පුජනීයත්වයට, පාරිශුද්ධත්වයට, ඓතිහාසිකත්වයට පත්වුණු සේක. සමස්ත ලෝකවාසී බෞද්ධ
ජනතාවගේ පරම පූජනීය දිනය වන වෙසක් දිනය නිමිතිකොට ගෙන පෙර අපර සියලු දෙනා ආමිස සහ
ප්‍රතිපත්ති පූජාවෙන් උන්වහන්සේ පුදති. බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
පෑලියගොඩ සුගුණධම්ම හිමි
2 වසර
ශ්‍රී සුමණකීර්ති මහා පිරිවෙන, ගම්පහ.
****
සමරමු බුදු ගුණ
නැගෙන හිරු බසින විට,
පොහොය සඳ නැගෙන විට,
උතුම් ලුම්බිනි උයන,
වෙනස් විය නො සිතු ලෙස,
මහපොළොව ගුගුරුවා දෙවියො හඬ නඟන කල,
සාදු නාද ලොව පුරා
ගිගුම් දී ඇසෙන විට
බුදු උපත සිදු වී ය.
සත් පියුම් මතින් වැඩ......
කාලයක් ගෙවී ගොස්
වෙසක් සඳ නැගෙන දින
රශ්මි කඳ පතුරුවා.....
එකලු විය මුළු ලොවම ......
දුකින් පිරි ලෝ සතුන්
දුකින් මුදවා ගන්න.
බෝසතුන් බුදු වී ය
ඇසතු බෝ සෙවන යට......
අසු විය උදා විය.....
දම් ගඟුල නිමා විය.....
මුළු ලොවක් හැඬවීය
කුසිනාර නුවර
බුදුන් පිරිනිවන විය.....
වෙසක් පුන් පෝය සඳ
අදත් පායා නැගෙයි
දහම් හඬ තව ඇසෙයි
මේ උතුම් පින් බිමේ
තවත් අපමණ කලක්
එළිය දෙයි දම් පහන.....
මුදිතා මේධාවිනි
12 ශ්‍රේණිය
බෞද්ධ කාන්තා විද්‍යාලය,
කොළඹ 07
****
වෙසක් සඳ බැස යයි
විහාර භූමිය පිරිසුදු වන්නේ
බොදු කොඩිවැල් ඉහළට එසවෙන්නේ
දස අත නිසසල බව ඇතිවන්නේ
වෙසක් පොහොය බැතියෙන් දිස්වන්නේ
වෙහෙර වහන්සේ කිරිපැහැ ගැන්වෙයි
බණ පද අසමින් ශ්‍රද්ධා ඇතිවෙයි
මල් ආසන සෝදා පිරිසුදු වෙයි
තෙමඟුල් සිරියට මුළු ලොව සැරසෙයි
නෙළුම් මල් පිපී වැව්දිය මත්තෙන්
පහන් එළි පෙනෙයි මාවත දෙපසින්
බොදු ගී නද ඇසෙයි විහාරය අසලින්
වෙසක් සඳ බැබළෙයි ඈත අහසින්
ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, බලන්ගොඩ
****
තෙමඟුල

දෙහිවත්තේ විභාවි හිමි
1 වසර බී
ශ්‍රී සුමන කීර්ති මහා පිරිවෙන – ගම්පහ
****
බුදුබව ලැබීම

පනාමුරේ සුදේව හිමි
මූලික ශ්‍රේණිය
ශ්‍රී සුමනකීර්ති මහා පිරිවෙන
ගම්පහ
****
ශාස්තෘන් වහන්සේ

වලේබොඩ සමිත හිමි
2 වසර
විද්‍යා නිකේතන මූලික
පිරිවෙන – බලංගොඩ
****

පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු කෙටියෙන් ලියා බුදුසරණ වෙත එවන්න. නිවැරැදිව එවන
පිළිතුරු තෝරා ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය ද නිවැරැදිව ලියා
එවන්න. ජයග්‍රාහකයන්ගේ නම් මැයි මස පුර අටවක පෝදා පත්‍රයෙහි පළ වේ.
1.) බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සැදැහැවතුන් විසින් සියැසින් දැක වැඳ පුදා පහන්
සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතර නම් කරන්න?
2.) දෙ වැදෑරුම් බුද්ධ පූජාව කුමක් ද?
3.) අනුරපුරයේ උඩමළුවේ වැඩ සිටින ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳව කෙටි සටහනක්
කරන්න?
****
බුදුසරණ
සදහම් අරණ
ළමා සමාජයේ සාමාජිකයෝ
275. මොරටුව – ශාන්ත දහම් පාසලේ
12 ශ්‍රේණියේ
බී.ගිහානි මලීෂා
276. ගොකරැල්ල – ශ්‍රී ගෝතමී දහම් පාසලේ
06 ශ්‍රේණියේ
එස්. පූර්ණිමා කල්‍යාණි
277. ගම්පහ- හේමමාලි බාලිකා විදුහලේ
11 ශ්‍රේණියේ
ඩබ්.ඒ.අනුෂා ගිම්හානි
278. ගම්පහ - ශ්‍රී සුමණකීර්ති මහා පිරිවනේ
1 වසරේ
දෙහිවත්තේ විභාවි හිමි.
279. ගම්පහ - ශ්‍රී සුමනකීර්ති මහා පිරිවනේ
මූලික ශ්‍රේණියේ
පනාමුරේ සුදේව හිමි.
280. බලංගොඩ - සිරි ශාන්තිදේව විද්‍යානිකේතන පිරිවනේ
2 ශ්‍රේණියේ
වලේබොඩ සමිත හිමි.
281. බොරළුවතැන්න - සිරි පියරතන දහම් පාසලේ,
12 ශ්‍රේණියේ
පී.ජී. ගිම්හානි කවීෂා වර්ණසිරි
282. නුගේගොඩ - බෝසත් දහම් පාසලේ
2 වසරේ
රවිදි චමත්මා ජයතිලක |