බුදුදහමින් ප්‍රකටවන සමානාත්මතාවය
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම
මහා සංඝ සභාවේ මහානායක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති,
ආචාර්ය
ඉත්තෑපාන
ධම්මාලංකාර මහා නා හිමි
වසර විසිනවයක ගිහි ජීවිතය ගත කළ අප මහා බෝසතාණන් වහන්සේ සා අවුරුද්දක් දුෂ්කර
ක්‍රියා කොට එමඟින් සත්‍ය ගවේෂණය කළ නොහැකි බව දැන පසක් කොට අත්තකිලමතානුයෝගය,
කාමසුඛල්ලිකාණු යෝගය යන අන්ත්ද්වයෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපදාවට යොමුව පිළිවෙලින්
පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය ඥානයන් ලබා උතුම් ජය ශ්‍රී මහා බෝමැඩ දී
සව්කෙලෙසුන් නසා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.
පුරා පන්සාළිස් වසක් දෙව්මිනිසුන්ට හිතසුව පිණිස දිවා රෑ මහා කරුණාවෙන් හා මහා
ප්‍රඥාවෙන් කටයුතු කළ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල්
උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. මේ අසිරිමත් තෛ‍්‍රමංගල්‍ය වෙසක් පුර පසළොස්වක්
පොහෝ දිනක දී සිදුවුයෙන් ලෝවැඩ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් එම උතුම්
දිනය සමරනු ලබයි. බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මය අකාලික
බවින් යුක්ත ධර්මයකි.
එම උතුම් ධර්මය ඵදාට පමණක් නොව අද ද මනාව ගැළපේ. වර්තමාන මිනිසා වෛරය, ක්‍රෝධය,
ඊර්ෂ්‍යාව, මානය, කුහකකම ආදී නුගුණ හිත්හි දරාගෙන එකිනෙකා පරයමින් නැගී සිටීමට
උත්සාහ කරනු ලබයි. ජාති, ආගම්, කුල ආදිය පාදක කොට පුද්ගලයන් අතර විවිධ ගැටුම් අද
දක්නට ලැබේ. මෙම තත්ත්වය පුද්ගලයාගෙන් ඔබ්බට ගොස් රටවල් අතර ද අද දක්නට ලැබේ. මේ
හේතුව නිසා අද වනවිට රටවල් අතර යුදමය තත්ත්වයන් ද හටගෙන ඇති අතර එමගින් මිනිස්
ප්‍රජාවට අත්ව ඇති ඉරණම ඛේදනීය බව වෙසෙසින් සඳහන් කළ යුතු ය.
බුදුදහමේ ඉගැන්වෙන සමානාත්මතා යන්නෙන් අදහස් කරන්නේ සියල්ලන් සමව සැලකීමයි.
බුදුරජාණන් වහන්සේ පහළ වූ අවදියේ සමාජය බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ක්ෂුද්‍ර
වශයෙන් කුල හතරකට වෙන්ව තිබුණි. එමගින් පුද්ගල සමානාත්මතාවය විභේදනයකට ලක්විය.
බුදුරජාණන් වහන්සේ මෙම කුල ක්‍රමය නිර්දය ලෙස විවේචනයට ලක් කළහ. උන්වහන්සේ නිරතුරුව
අවධාරණය කළේ එලෙස මිනිසා වර්ග කිරීමට නොහැකි බවත් සියල්ලෝ සමව සැලකිය යුතු බවත් ය.
‘චත්තාරෝ වණ්ණා සම සමා’ යන්නෙන් ඒ බව උන්වහන්සේ මැනවින් පැහැදිලි කළහ. යමෙක් කරන
රැකියාව හෝ ඔහුගේ උප්පත්ති තත්ත්වය මත ඔහු කුලහීනයෙක් හෝ කුලීනයෙක් නොවන බවත් ඔහුගේ
ක්‍රියාව අනුව ඔහු කුලහීනයෙක් හෝ කුලීනයෙක් වන බවත් වසල සූත්‍රයේ දී බුදුරජාණන්
වහන්සේ
‘න ජච්ඡා වසලෝ හෝති
– න ජච්ඡා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති
– කම්මනා හෝති බ්‍රාහ්මණෝ
යන්නෙන් පැහැදිලි කළහ. මෙමගින් පැහැදිලි වන්නේ ද මිනිස් සංහතියේ සමානාත්මතාව තහවුරු
කිරීමට බුදුරජාණන් වහන්සේ ගත් උත්සාහයයි. සුනීත සෝපාක, රජ්ජුමාලා වැන්නන්ට පිහිට
වෙමින් ද දුගී පැල්පතකට හා රජ ගෙදරට වැඩමවමින් ද උන්වහන්සේ පෙන්වීමට උත්සාහ කළේ වෙන
කිසිවක් නොව සමාජය තුළ පැවැතිය යුතු මේ සමානාත්මතා ලක්ෂණයයි. සිව් මහා ගංගාවන්ගේ
ජලය මුහුදට වන් විගස ලවණ රසය ගන්නා සේ ම සිව් මහා කුලයන්ගෙන් බුදු සසුනට පිවිසිය
වුනට එකම විමුක්තිය රසය විඳිය හැකි බව බුදුරදුන්ගේ ඉගැන්වීමයි.
බුදුරජාණන් වහන්සේ සීලයේ ස්වභාවය පදනම් කරගෙන සමානාත්මතාව විග්‍රහ කර ඇති බව
අංගුත්තර නිකායේ බාල සංගහවත්ථු සූත්‍රයේ දක්නට ලැබේ. සෝවාන් වූවන් සමාන වන්නේ
සෝවාන් වූවන්ට පමණි. සකෘදාගාමි වූවන් සමාන වන්නේ සකෘදාගාමී වූවන්ට පමණි. අනාගාමී
වූවන් සමාන වන්නේ අනාගාමී වූවන්ට පමණි. රහත් බව ලැබූ උතුමෙක් සමාන වන්නේ රහත් බව
ලැබූ උතුමෙකුට පමණි. ඒ බව තවදුරටත් පැහැදිලි වේ. එසේම බුදුරජාණන් වහන්සේ අන්‍යන්ගේ
සුවදුක් දෙකෙහි දී සමව කටයුතු කළ අවස්ථා දක්නට ලැබේ. උන්වහන්සේ අන්‍යයන්ගේ සතුට
පැසසුමට ලක් කළ අතර, දුක් සහගත අවස්ථාවන් හි දී පිහිට වූහ. එම උතුම් මිනිස් ගුණය
උන්වහන්සේ සතුව පිහිටියේ උන්වහන්සේගේ සමානාත්මතාව නිසා ය.
බුදුදහමේ ඉගැන්වෙන සහජීවනය යන්නෙන් අදහස් කරන්නේ සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන් එකට
ජීවත්වීමයි. එය මනුෂ්‍ය සමාජයේ තිබිය යුතු උසස්ම ගුණාංගයකි. ‘සමවායෝ ඒව සාධු’
සමගියම යහපති. ‘සමග්ගා හෝථ මා විවදථ’ සමගි වන්න. වාද විවාද නොකරන්න. මෙවන් උපදේශයන්
මඟින් මෙන් ම සමගියේ ආදීනව දැක්වෙන බෞද්ධ ජාතක කතා මඟින් ද පැහැදිලි වන්නේ සහජීවනයේ
අත්‍යවශ්‍ය වැදගත් බවයි. එකිනෙකා අතර අන්‍යෝන්‍ය සුහදතාව ගොඩ නගමින් පි‍්‍රයශීලිව
ඔවුනොවුන් අගය කරමින් ජීවිතය ගොඩ නැගීම සහජීවනයේ ප්‍රමුඛතම ලක්ෂණයක් බව බුදුරජාණන්
වහන්සේ දේශනා කළහ.
සමාජය තුළ උසස් පහත් වශයෙන් වෙනසක් ඇති කරන්නේ නම් එය සහජීවනය නොවේ. සියල්ලෝ සමය යන
ආකල්පයෙන් කටයුතු කිරීම සහජීවනය තුළ දැකිය හැකි උතුම් ලක්ෂණයක් වේ.
සහජීවනය සඳහා උපකාර වන වැදගත් කරුණක් වන්නේ පන්සිල් සුරැකීමයි. පන්සිල්හි ඉගැන්වෙන
අයිතිවාසිකම ඉල්ලීම වෙනුවට යුතුකම් ආරක්ෂා කිරීම කළ යුතු බව බුදුදහම උගන්වයි.
යුතුකම් තහවුරු කිරීමෙන් අයිතිවාසිකම් ආරක්ෂා වන බව බුදුරජාණන් වහන්සේ උගන්වා
වදාළහ. සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ ද බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සහජීවනයේ ඇති
වැදගත් බවයි. සදිසා මඟින් සහජීවනය ගොඩනැගෙන ආකාරය මනාව පෙන්නුම් කර ඇත.
සහජීවනය ගොඩනැඟීමට අත්‍යවශ්‍ය අංගයක් ලෙස ඉවසීම දැක්විය හැකි ය. අදහස්, මතිමතාන්තර,
ආකල්ප පුද්ගලයන් අතර විවිධ වේ. එම විවිධත්වය නිසා සමාජ සම්බන්ධතා ගොඩනැගීමේ දී
විවිධ ගැටලුවලට මුහුණපානු ලබයි. එවන් මොහොතක පුද්ගලයා සතු ඉවසීම අතිශයින් ම වැදගත්
වේ. ඉවසීම නොමැතිවිට සහජීවනය දුරස්වන බව බුදුදහම තවදුරටත් සඳහන් කරයි.
බුදුරජාණන් වහන්සේ තම දර්ශනය ජනතාවට ටික කාලයකින් හඳුන්වා දුන්හ. එකල පැවැති විවිධ
ශාස්තෘවරුන්ගේ ගැරහිලි හා දොස්පරොස්වලට බුදුරජාණන් වහන්සේ ලක්වූහ. එනමුත් ඒ සෑම
අවස්ථාවක දී ම උන්වහන්සේ ඉවසීමෙන් කටයුතු කළහ. අන්‍යයන්ගේ මතයන්ට නිරතුරුව ගරු කළහ.
කිසිවෙක් කිසිවිටෙක හෙළා දැක්වීම නොකළහ. බුදුරජාණන් වහන්සේ සතු වූ ඉවසීම හා
අන්‍යයන්ට ගරු කිරීම පිළිබඳ කරුණු දැක්වෙන සූත්‍රයක් වශයෙන් මජ්ක්‍ධිම නිකායේ උපාලි
සූත්‍රය හැඳින්විය හැකි ය. වරෙක, නිගණ්ඨ ශ්‍රාවකයෙකු වන උපාලි ගෘහපතියා කර්මයේ දී
වැදගත් වන්නේ කය යන්න සාකච්ඡා කිරීමට බුදුන් හමුවට යයි. බුදුරජාණන් වහන්සේ සමඟ ඒ
කරුණ සාකච්ඡා කළ පසු වඩාත් සිත ප්‍රමුඛ වන බව උගනියි. අනතුරුව බුදුන් වහන්සේ සරණ
යෑමට අවසර ඉල්ලයි. බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් සිතා බලන්න යැයි ඔහුගෙන් ඉල්ලා
සිටිති. අවසන ඔහු තෙරුවන් සරණ යයි. බුදුරජාණන් වහන්සේ තම පැරැණි ශාස්තෘවරයාට සැලකීම
කළ යුතු බවත්, සංග්‍රහ කළ යුතු බවත්, ඔහු අත් නොහැර කටයුතු කළ යුතු බවත් ඔහුට
දන්වති. මෙයින් පෙන්නුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ සතු වූ අන්‍යමත ඉවසීමේ ගුණයයි.
බුදුරජාණන් වහන්සේ කිසිවිකෙට අන්‍යාගමික දර්ශනවාද හෝ මතයන් ගැරහීමට ලක් කළේ නැත.
ඒවායෙහි පැවැති අසාරත්වය පමණක් ම පෙන්වා දුන්හ. තමන් කෙරෙහි ශ්‍රාවකයන් ඇඳ බැඳ
තබාගැනීමටවත් අන්‍යයන්ගේ ශ්‍රාවකයන් තම ශ්‍රාවකයන් බවට පත්කර ගැනීමවත් උන්වහන්සේ
සිදු කළේ නැත.
කාලාම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ තම ධර්මයේ යථාර්ථය අන්‍යයන්ට හඳුන්වාදුන්
ආකාරය පැහැදිලි වේ. එහිදී බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට සිතීමේ හා විමසීමේ නිදහස
මැනවින් ලබා දුන්හ. තම මතවාදය පමණක් නිවැරැදි යැයි ප්‍රකාශ කරන අනෙක් ශාස්තෘවරුන්ට
වඩා සහනශීලී නම්‍යශීලී පිළිවෙතක් ඔවුන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කළහ.
යමෙක් තලා පෙළා තම දහම පැතිරවීමේ පූර්ණ අවශ්‍යතාවයක් බුදුරජාණන් වහන්සේට නොතිබිණි.
මේ කරුණු මැනවින් තේරුම් ගත් කාලාමවරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි පවතින
යථාර්ථවාදී ලක්ෂණ අවබෝධ කොටගත්හ. භික්ෂූන්ට ශික්ෂා පැනවීමේ දී ද බුදුරජාණන් වහන්සේ
අන්‍යමත ඉවසූහ. ඒ පිළිබඳ නිදර්ශන සූත්‍ර පිඨකයේ දක්නට ලැබේ.
බුදුදහමේ ඉගැන්වෙන සමානාත්මතාව, සහජීවනය හා අන්‍යමත ඉවසීම වර්තමාන සමාජයට අතිශයින්
වැදගත් වේ. සමාජ ගැටුම්, රටවල් අතර පවතින ගැටුම්, දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් මේ
ආදී විවිධ සමාජ ගැටලු නිරාකරණය කිරීමට මෙම සංකල්පනාවන් අතිශයින් වැදගත් වේ.
|