|
|
දේවගිරි රජමහා
විහාරස්ථානය |
|
|
|
|
රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේදී
රාජ්‍ය වෙසක් උත්සවය මේ මස 28 වැනිදා තෛ‍්‍රනිකායික මහානායක ස්වාමින් වහන්සේ
ප්රමුඛ මහා සංඝරත්නය ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා
විහාරස්ථානයේදී පැවැත්වේ. රාජ්‍ය වෙසක් මහෝත්සවය අප්‍රේල් 26 සිට මැයි 02 දක්වා
පුරා සතියක් පැවැත්වෙන අතර “චිත්තං දන්තං සුඛාවහං” එනම් “දැමුණු සිත සුව ගෙනදේ”
යන්න මෙවර වෙසක් මහෝත්සවයේ තේමාව වී තිබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෞද්ධ පුනරුදය ඇතිවන ආකාරයේ
කටයුතු පහුගිය මාස කිහිපය තිස්සේම සිදු කෙරුණු අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 ම
ආවරණය වන පරිදි අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150ක්ද ජංගම සේවා වැඩසටහන් 6ක්ද දහම්
පාසල් ගුරු පුහුණු වැඩ සටහන් 16ක්ද සෞඛ්‍ය හා බුදු දහම පිළිබඳ වැඩසටහන් 61ක් ද
පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
මීට අමතරව ළමා භාවනා වැඩසටහන් 30ක්ද වෘත්තිකයන් උදෙසා බුදු දහම පිළිබඳ වැඩසටහන්
18ක්ද , සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් 20ක්ද , මාපිය දූ දරු
සෙනෙහස මුල් කරගත් වැඩසටහන් 37ක්ද සංවිධානය කර ඇති බවද ඇමැතිවරයා පවසයි.
ඉතිරිය» |
|
වෙසක් පුර පසළොස්වක පෝය
වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි.
30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල්
29 වන දා ඉරිදා ය.
මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා
|
|
|
|
|
|
|