UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රභාෂ්වර සිත

ප්‍රභාෂ්වර සිත

ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි,

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරන විට හොඳ චිත්ත ඒකාග්‍රතාවයෙන් සහ විමර්ශනාත්මක නුවණින් ශ්‍රවණය කිරීමෙන් තමයි එහි ධර්මාවබෝධය අපට සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ.

භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා අමතා වදාළා,

“පභස්සර මිදං භික්ඛවෙ චිත්තං– මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එය ද වනාහි, ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වන්නේ ය.”

‘ප්‍රභාෂ්වර’ සිත ගැන නැතිනම් ‘කිලිටි නැති’ සිත ගැන කරන හැඳින්වීමේ දී අටුවාව අපට පැහැදිලි කරන්නේ ‘භවාංග සිත’ ප්‍රභාෂ්වර බවයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන අධ්‍යාත්මික ආයතනයන්ට රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ, ධම්ම යන බාහිර ආයතනයෝ හමුවන මොහොතට ඒ අරභයා යොමුවීමක් වෙනවා. ආවර්ජනය වීමක් වෙනවා. ඒ ආවර්ජන සිත පහළවන අවස්ථාවට මුලින් මතක් කරන ලද පිරිසුදු යැයි සැලකෙන භවාංග සිත නිරුද්ධ වී , වීථි සිත් උපදිනවා. ඒ වීථී සිත්වල ජවන් කෙරෙහි උපදිනා ආගන්තුක රාගාදි කෙලෙස් එකතුවී සිත කිලිටිවන බවයි පෙන්වා තිබෙන්නේ. මේ ආකාරයට තෘෂ්ණා ,දෘෂ්ටි, මාන ආදි ක්ලේශ ගති එකතුවී ඒ ඒ චිත්ත වීථි ක්‍රියා වීමයි. කර්ම වීමයි, ඒ කියා අවසානයේ දී නැවත උපාදාන ප්‍රත්‍යයෙන් භව වීම කියන කර්ම රැස්වීමක් වෙනවා. මේ කර්ම භවයයි.

ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස යන අධ්‍යාත්මික ආයතනයන්ට රූප, ශබ්ද, ගන්ධ,රස, ඵොට්ඨබ්බ, ධම්ම යන බාහිරායතනයන් මොහොතක් හමුවී, ඒ ඒ මොහොත නිරුද්ධ වෙනවා. මේ ක්ෂණයේ දී ඊට අනුරූප වූ ආවර්ජන සිත පහළවන විට,භවාංග සිත නිරුද්ධ වෙනවා. අනතුරු ව ඒ චිත්ත වීථියට අදාළ සිත් ද ඇති වී නිරුද්ධ වන විට නැවත පිරිසුදු යැයි සැලකෙන භවාංග සිත පහළ වෙනවා. මේ තමයි අටුවාව ඉදිරිපත් කරන කාරණයේ සාරාංශය.

අපි දැන් මේ කාරණය පැහැදිලි කරගන්නට බලමු.

මේ සන්තාන තුළ තිබෙනවා. ‘නිදිගත් කෙලෙස්’ කියා ස්වභාවයක්. ඒවා නිතර ම ඉදිරිපත් වී ක්‍රියාකාරි වන්නේ නෑ. එනම්,නිදාගෙන සිටිනවා වාගේ. ඒ නිසා ඒවාට කියනවා ‘අනුසය සහගත කෙලෙස්’ කියා.

ධර්මයේ පෙන්වනවා අනුසය ධර්ම – එනම් නිදිගත් කෙලෙස් – සතක් (7) ගැන

‘මම වෙමි’යි කියන ගතිය ඇතිකරන දිට්ඨි අනූසය,

සැකය ඇති කරන විචිකිච්ඡා අනුසය,

රාගය ඇති කරන රාග අනුසය,

තරහා ඇති කරවන පටිඝ අනුසය,

මැනීම ඇති කරවන මාන අනුසය,

‘භවයට එකතු කරවන’ භවරාග අනුසය

චතුරාර්ය සත්‍යය නොදක්නා වු අවිජ්ජා අනුසය

නමුත් මුලින් මතක් කළ පරිදි

මේ ඇස ආදී ආයතනයන්ට වර්ණ, රූප ආදි ගෝචර රූප ගැටෙන විට හෝ, එසේ ගැටුණේ නැතත් මනින්ද්‍රිය මුල් වීමෙන් හෝ මනසිකාර ඇතිවී, එනම් ‘සිහිවීම් සිදුවී සිත් උපදින විට, ඉහත නිදිගත් ක්ලේශ ධර්මයන් ද අවදි වීමක් සිදු වෙනවා. එයට ‘පරියුට්ඨාන’ කියා කියනවා.

දැන් මේ සිත් සමඟ මේ නිදිගත් ක්ලේශ ධර්මයන් ක්‍රියා වීමක් සිදුවෙනවා. එය ‘වීතික්කමණ” යනුවෙන් හඳුන්වනවා.

නැවත, ඒ ඒක්‍රියා අවසානයෙහි ඒ ක්ලේශ ධර්මයන් ‘මුලින් තිබුණාට වඩා ශක්තිමත්වී නිදිගත් අනුසය ස්වභාවයකට පත්වෙනවා.


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]