|
යුද බිය දුරු කොට සාමය උදා කළ
බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය
බුදුරදුන් බුද්ධත්වයට පත්ව පස්වන වර්ෂය ද උදාවෙමින් පැවතුණි. ලෝවැසියන් පිළිබඳ පතළ
මහා කරුණාවෙන් ලොව දෙස බලා වදාරණ බුදුරජාණන් වහන්සේ එකල ලංකාවේ වාසය කළ චුලෝදර හා
මහෝදර නම් නාරජුන්, දෙපොළ මැණික් පුටුවක් මුල් කරගෙන යුද්ධ කිරීමට යන බව සැවැත්නුවර
ජේතවනාරාමයේ සිට දිවැසින් දුටු සේක.
යුද්ධයක් හටගත්තේ නම් ලක්වැසි නාග පිරිසට සිදුවිය හැකි විනාශය දුටු බුදුරජාණන්
වහන්සේ ඊට මාස කීපයකට පෙර තම ඤාතීන් වූ ශාක්‍ය, කෝලිය දෙපිරිසට අනුකම්පා කර යුද්ධයේ
ආදීනව පෙන්වා වදාළේ යම් සේ ද? එපමණ ම වූ මහා කරුණාවෙන් යුක්තව ලක්දිව නාගදීපයට වැඩම
කර විනාශකාරි යුද්ධය වැළැක්වීමට කටයුතු කළේ අද වන් බක් පොහෝ දිනක ය.
එදා ශාක්‍ය වංශිකයන් හා කෝලිය වංශිකයන් යුද්ධයක් ආරම්භ කළේ ජලය මුල් කරගෙන ය. මෙදා
නාග ගෝත්‍රිකයින් ලංකාවේ යුද්ධයක් ආරම්භ කළේ මැණික් පුටුවක් හෙවත් සිංහාසනයක් මුල්
කරගෙන ය. රෝහිණී ගඟේ ජලය තමන්ට දෙන්නැයි කියමින් ශාක්‍යයන් හා කෝලියයන් කලහ කරන්නට
වූ අතර මැණික් පුටුව තමන්ට දෙන්නැයි කියමින් චූලෝදර හා මහෝදර විවාද කරන්නට වූහ.
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක පෝය
බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි.
31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31
වනදා සෙනසුරාදා ය.
මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.
|
|
|
|
|
|
|