UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සප්ත ආර්ය ධනය:- ඔත්තප්පිය ධනය: පවට බිය වෙමු

ඔත්තප්පිය ධනය: පවට බිය වෙමු

" පව්කරන්නන් සද්පුරුෂයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. බොහෝ විට තම දරුවන් පවා එවන් පුද්ගලයින්ගේ ඇසුරින් ඈත් කිරීමට මව්පියෝ කටයුතු කරති. මේ නිසා තමා සමාජයෙන් නිරායාසයෙන් ම ප්‍රතික්ෂේප වී යාම නොවැළැක්විය හැකි ය. එයට ඇතැම් පුද්ගලයෝ බිය වෙති. තමන් කරන පව් කටයුතු, නරක ක්‍රියාවන් සෘද්ධිමතුන් හා දිව්‍ය බ්‍රහ්මයින් ආදීන් දැනගන්නේ යැයි ඇති බිය නිසා පව්කිරීමෙන් වැළකීම ලෝකාධිපත්‍යෙය ඔත්තප්පිය යනුවෙන් හැඳින්වේ."

අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ ධන වර්ගයේ පස්වන සූත්‍රයේ ආර්ය (උතුම්) ධර්ම හතක් පිළිබඳව සඳහන් වේ. එනම්,

සද්ධාධනං සීලධනං
හිරි ඔත්තප්පියං ධනං
සුතධනං ච චාගො ච පඤ්ඤා
චෙ සත්තමං ධනං

යනුවෙනි. එනම්,ශ්‍රද්ධා ධනය , සීල ධනය,හිරි ධනය, ඔත්තප්පිය ධනය,උගත්කමේ ධනය , ත්‍යාග ධනය, හා ප්‍රඥ්ඥා ධනය යනුවෙනි. මෙයින් හතර වන උතුම් ධනය ලෙස දක්වා ඇත්තේ ඔත්තප්පිය ධනයයි.

එනම්,පව්කිරීමට ඇති බියයි. ඔත්තප්පිය සිව් වැදෑරුම් වේ. බහිද්ධා තමුත්ථාන ඔත්තප්පිය, ලෝකාදිපත්‍යෙය ඔත්තප්පිය ,භය සභාව ඛන්ථිච ඔත්තප්පිය,වජ්ජී භී රුක භය දස්සාවි ඔත්තප්පිය යනුවෙනි. බහිද්්ධා තමුත්ථාන ඔත්තප්පිය යනුවෙන් හඳුන්වන්නේ අනුන් ගැන, සමාජයෙන් ලැබෙන නින්දාවට ඇති බියෙන් පවින් වැළකීමයි.

මෙය යහපත් සමාජයක් ගොඩනැඟීමේ දී තමන්ට මෙන්ම අනුන්ට ද, අර්ථයක් සිදුවන්නකි. පව්කරන්නන් සද්පුරුෂයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. බොහෝ විට තම දරුවන් පවා එවන් පුද්ගලයින්ගේ ඇසුරින් ඈත් කිරීමට මව්පියෝ කටයුතු කරති. මේ නිසා තමා සමාජයෙන් නිරායාසයෙන් ම ප්‍රතික්ෂේප වී යාම නොවැළැක්විය හැකි ය.

එයට ඇතැම් පුද්ගලයෝ බිය වෙති. තමන් කරන පව් කටයුතු, නරක ක්‍රියාවන් සෘද්ධිමතුන් හා දිව්‍ය බ්‍රහ්මයින් ආදීන් දැනගන්නේ යැයි ඇති බිය නිසා පව්කිරීමෙන් වැළකීම ලෝකාධිපත්‍යෙය ඔත්තප්පිය යනුවෙන් හැඳින්වේ.

සමාජයක ජීවත්වන උසස් සද්පුරුෂයන් තමාගේ පහත් ක්‍රියාවන් දැනගැනීම ඇතැම් පුද්ගලයන් බියට පත්වන්නකි. භය සභාව ඛන්ථිච ඔත්තප්පිය යනුවෙන් හඳුන්වන්නේ පව්කරන්නන්ට අපා දුක් විඳින්නට වන්නේ යැයි සළකා පවින් ඈත් වීමයි.

පස් පව්, දස අකුසල් ආදිය කරන විට තමාගේ හදවතට සිතට විරුද්ධව ක්‍රියා කරන විට තමන්ගෙන් ම ඇති වන දෝෂාරෝපණයට හා අන්‍යයන්ගෙන් ඇතිවන දෝෂාරෝපණයට බියෙන් පව්කම් කිරීමෙන් වැළකීම වජ්ජ භී රුක භය යනුවෙන් හැඳින් වේ. පව්කරන්නාට යහපත් සමාජයෙන් සමාවක් නැත.

ඔහු නිරන්තරයෙන් ම දෝෂදර්ශනයට ලක් කරයි. මෙයින් තමන් කායික , මානසික වශයෙන් ම නොයෙකුත් පීඩාවන්ට පත් වේ. කායික දුෂ්චරිතාදියට මේ භවයේදීත් දුක් විඳීමට සිදුවන බියත්,පරලොව නරකයේදී අපාදුක් විඳීමට ඇතිවන බියත් ඔත්තප්පිය ලෙස හැදින්වේ. එනිසා පුද්ගලයා පවින් වැළකීම හේතුවෙන් තමන්ට සසර විඳීමට සිදුවන සැපය ඔත්තප්පිය ධනය ලෙස හඳුන්වයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින අවස්ථාවක එක්තරා දෙවියෙකු පැමිණ භික්ෂූන් වහන්සේගේ නොපිරිහීමට බලපාන හේතු පිළිබඳ විමසූ විට සත්විධ ධර්මයන් උන්වහන්සේට දේශනා කළ බව සඳහන් වේ.

එහි සත්විධ ධර්ම අතර සත්වන ධර්මය ලෙස සඳහන් වන්නේ ද ඔත්තප්ප ගෞරවය ඇති බවයි. නිවන් සැපය ලබාගැනීමට ඔත්තප්පිය ධනය හේතුවන නිසා එය ආර්ය ධනය ලෙස සඳහන් කළ හැකි ය.

 

  මැදින් අව අටවක පෝය


 මැදින් අව අටවක පෝය මාර්තු 09 වන දා සිකුරාදා පූර්ව භාග 03.47 ට ලබයි. 10 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය මාර්තු 17 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]