UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම මැදින් පුර පසළොස්වක පොහෝදා (01) පස්වරුවේ මිහින්තලා පුද බිමේ දී සිදු කෙරිණ.

මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පුණ්‍ය කර්මය සිදු කළහ. සෑම පොහෝදිනකම ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් පවත්වනු ලබන කප්රුක් පූජා පින්කම මෙවර සිදුකරනු ලැබුවේ තිස්සමහාරාම, පන්නගමුව අයි.ජයසූරිය මහත්මිය ඇතුළු උපාසක උපාසිකාවන්ගේ දායකත්වයෙනි.

මිහින්තලා පුදබිමේ මැදමළුවේ සිට පෙරහරින් සාධු නාද මධ්‍යයේ එම කංචුකය වැඩමවාගෙන යාමෙන් අනතුරුව මිහින්තලා මහා සෑ චෛත්‍යරාජයාණන් වෙත පූජා කිරීම සිදු විය. අනතුරුව සැදැහැවතුන් විසින් මිහින්තලා සේල චෛත්‍යය වෙත ද කංචුක පූජාවක් සිදු කළේ ය.

මිහින්තලා රජමහා විහාරවාසී වෙරුප්පන්කුලමේ පියරතන හිමියන් විසින් ආගමික වතාවත් සිදු කළහ.

එහිදී අනුශාසනාව සිදු කරමින් වෙරුප්පන්කුලමේ පියරතන හිමියෝ මෙසේ පැවසූහ. ලේක්හවුස් ආයතනය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ආලෝක පූජාමය පින්කමට සමගාමීව සමාජ ආගමික සේවාවන් රැසක් සිදු කරනවා. තිස්සමහාරාමය වැනි දුර බැහැර ප්‍රදේශයක සිට පැමිණ මිහින්තලා පුදබිමේ මෙබඳු පින්කම් සිදුකිරීම මිහින්තලා පුදබිමෙහි පවතින ඓතිහාසිකත්වය ද හේතුවන්නට ඇති බවත්. අනුබුදු මිහිඳු මා හිමියන් වැඩම කළ මේ උතුම් පින්බිමෙහි මෙවැනි පින්කම් සිදුකිරීම ඉතා මහඟු පුණ්‍යවන්ත අවස්ථාවක් බව ද උන්වහන්සේ පැවසූහ.

තිස්සමහාරාම, පන්නගමුව පදිංචි අයි. ජයසූරිය මහත්මිය ඇතුළු දායක දායිකාවන් විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කිරීම ද සිදුවිය.

එම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ බුදුසරණ කර්තෘමණ්ඩල උපදේශක සීසර් සුදුසිංහ, ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් පි‍්‍රයන්ත කුමුදුසිරි, අනුරාධපුර ලේක්හවුස් ශාඛා කාර්යාල ප්‍රධාන එන්.පී. මංජුල යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.

 
   
 

  මැදින් අව අටවක පෝය


 මැදින් අව අටවක පෝය මාර්තු 09 වන දා සිකුරාදා පූර්ව භාග 03.47 ට ලබයි. 10 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය මාර්තු 17 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]