ස්වර්ණමාලි මහා සෑ වන්දනාව සහ නිවන් මඟ දේශනා මාලාව 10 වන දා
රුවන්වැලි මහා සෑ පුදබිමේ දී
ස්වර්ණමාලි මහා සෑ වන්දනාව සහ නිවන් මඟ දේශනා මාලාව මාර්තු 10 වන දා සවස 3 සිට
පසුදා උදෑසන 6 දක්වා රුවන්වැලි මහ සෑ පුදබිමේ දී පැවැත්වේ.
මහා සෑ රදුන් වහන්සේ උදෙසා මහා අධිෂ්ඨාන බල කංචුක පූජාව, මහා පුෂ්ප උපහාර පූජාව,
මහා සුවඳ දුම් පූජාව, නොඉඳුල් දියනොමුසු කිරි ආහාරපූජාව, බුදු, පසේබුදු මහරහත්
උත්තමයන් උදෙසා පුදන ආසන පූජාව, ශතාධික සඟරුවන සහභාගිත්වයෙන් මහා සෑ වන්දනාව,
ගිලන්පස, අෂ්ඨපාන පූජාව, විදුලි ආලෝක පූජාව මහා ඖෂධ පූජාව ද පැවැත්වේ.
ස්වර්ණමාලි මහ සෑ රදුන් අබියස සිට ආර්ය අෂ්ටාංගික මාර්ගය විවරණය කරමින් පැවැත්වෙන
ධර්ම දේශනා මාලාවේ දී කහගොල්ලේ සෝමවංශ හිමි, පිටිගල ගුණරතන හිමි, කෝරළයාගම සරණතිස්ස
හිමි, බළංගොඩ රාධ හිමි, උඩුදුම්බර සෝභිත හිමි, දහම් දෙසුම් පවත්වති. |