UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිහඬ සේවයෙන් බුහුමන් ලබන ධම්මින්ද හිමියෝ

නිහඬ සේවයෙන් බුහුමන් ලබන ධම්මින්ද හිමියෝ

වලස්මුල්ල දලුවක්ගොඩ ශ්‍රී ධර්මායතනාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත ගැටමාන්නේ ධම්මින්ද හිමිපාණෝ 82 වියට පා තබති.

ධර්මායතන දායක සභාව සහ සීල භාවනා කුළඟන සමිතිය ඇතුළු සංවිධාන රාශියක් ධම්මින්ද හිමියන්ට දිගාසිරි පැතීමේ බෝධිපූජා පින්කමක් සහ පිරිත් දේශනයක් මාර්තු 09 වෙනි දින සහ 10 යන දෙදින පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

සි.දො. සමරනායක හා සිරිමලී කොඩිතුවක්කු දම්පතින්ගේ පුත්‍රයෙකු ලෙස ගැටමාන්නේ දී උපත ලබා ගැටමාන්න මහ විදුහලින් හා ඉත්ත දෙමලිය මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලැබීය. තම ඥාතිවරයෙකු වූ වෛද්‍ය විශාරද ගලහිටිය වෙදරාළ හාමිගේ ඇසුරෙන් දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ප්‍රායෝගිකව පුහුණුව ලබද්දීම 1952 දී පනන්වෙල ගණේගොඩ පුරාණ මහා විහාරාධිපති නෙලරම්පිටියේ චන්දානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් ගැටමාන්නේ ධම්මින්ද නමින් පැවිදි විය. සිය ගුරු හිමියන්ගේ ඇසුර ලබමින් ගුණ දහම් බණ පිරිත් හදාරා උසස් අධ්‍යාපනය සඳහා මාතර මහාමන්තින්ද උපාධි පීඨයෙන් අධ්‍යාපනය ලැබූහ. 2500 සම්බුද්ධ ජයන්තිය සිහිවටනයක් කරමින් මහනුවර මල්වතු උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටියහ. 1962 දී සරසවි වරම් ලැබ ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධි ලබා ගත්හ. මාතර පුෂ්පාරාම පිරිවෙනේ පිරිවෙන් ආචාර්යවරයෙකු ලෙස දස වසරක් පමණ උසස් අධ්‍යාපනික සේවයක් ඉටු කළහ.

මාතර මන්තින්ද උපාධි පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්හ.

1960 සිට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ආගමික වැඩසටහන්වලට සහභාගිවෙමින් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා, ධර්ම චින්තා, බෞද්ධ කතා ඉදිරිපත් කරන්නේ ජනතා ප්‍රසාදය දිනාගනිමිනි. ප්‍රවෘත්ති පත්‍ර සඟරා ආදියට ලිපි සැපයීමත් මන්තින්දය, මැදුම් පිළිවෙත සිංහල පරිනිබ්බාන සූත්‍රය, වැනි ග්‍රන්ථ සම්පාදනය කොට ශාස්ත්‍රීය සේවයක් ඉටු කරති. ජපානය, ඉන්දියාව, නේපාලය, දඹදිව ආදී රටවල ධර්ම ප්‍රචාරය සඳහා වැඩමවා උදාර සේවයක් ඉටුකොට ඇත. 1976 දී පිරිවෙන් ගුරු සේවයෙන් වෙන් වී රජයේ ගුරු සේවයට සම්බන්ධ වූ ධම්මින්ද හිමිපාණෝ හ/ මුත්තෙට්ටුගම විදුහල හ/ ඉහළ බෙලිගල්ල මහ විදුහල යන විදුහල්වල සේවය කළ අතර දකුණ කණුමුල්දෙනිය විදුහලේ විදුහල්පති ලෙස ක්‍රියා කළහ.

ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේලාගේ සුව පහසුව සඳහා වලස්මුල්ල දිසා රෝහලේ භික්ෂු වාට්ටුව සෑදවූයේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගනිමිනි. 1985 සිට රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගයත් , පළාතේ විද්‍යාලයන්හි සහයෝගයත් ලබාගෙන රෝහලේ බෝධිපූජා, ගිලන් සංග්‍රහ පවත්වමින් අසරණ රෝගීන්ට සෙත් පිරිත් පවත්වමින් උදාර සේවයක් දැනටත් සිදු කරති. රෝහල් කමිටුවේ අනුශාසක ලෙස කටයුතු කරමින් නිහඬ සේවයක් සිදුකරන ශාස්ත්‍රපති ගැටමාන්නේ ධම්මින්ද හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා!

 

  මැදින් අව අටවක පෝය


 මැදින් අව අටවක පෝය මාර්තු 09 වන දා සිකුරාදා පූර්ව භාග 03.47 ට ලබයි. 10 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය මාර්තු 17 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]