UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

දුවේ පුතේ,

ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට ඔබගේ නිර්මාණ එවිය හැකි ය.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

196. කතරගම - ශ්‍රී බෝධිරාජ විහාරයේ
3 ශ්‍රේණියේ
ගෝදාවේ චන්දරතන හිමි.

197. කතරගම - ශ්‍රී බෝධිරාජ විහාරයේ -
3 ශ්‍රේණියේ
කැකුන්දෙණියේ ශාන්ත හිමි.

198. බණ්ඩාරවෙල –
ධර්මපාල ද්විතියික විදුහලේ - 8 ශ්‍රේණියේ
එච්.එම්. අපූර්ව චන්දූප

199. කිතුල්ගල – ප්‍රභාෂ්වර ප්‍රාථමික විදුහලේ -
5 ශ්‍රේණියේ
ජී.ආර්. සනුදි ගයාෂා ගම්ලත්

200. පන්විලතැන්න - ශ්‍රී ධර්මඥාණ දහම් පාසලේ -
01 ශ්‍රේණියේ
ආර්.ඩී.ජී. අචිනි අයේෂා

201. අරනායක - සිරිධම්මරතන දහම් පාසලේ -
4 ශ්‍රේණියේ
ඩබ්.ආර්. සඳුනි උමේෂා

202. කඩවත - ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලයේ -
7 ශ්‍රේණියේ
චනිතු මනුජිත්

203. පිළියන්දල – මධ්‍යමහා විදුහලේ -
6 ශ්‍රේණියේ
එස්.ඒ. විද්‍යා විනිවිදිනි.

204. කළුතර – පානදුර රාජකීය විදුහලේ, -
3 වසර
එල්.ඒ. නෙහාත් ජෙනුජ

205. රත්නපුර – මිහිඳු විදුහල, -
9 ශ්‍රේණියේ,
ඩබ්.කේ. රුවන්දිනි පෙරේරා

206. ඇතිමලේ - ද්විතික පාසලේ -
9 ශ්‍රේණියේ
කේ.එම්. කලණි


කලණ මිතුරා හඳුනාගනිමු

මිනිසාගේ මෙලොව මෙන්ම පරලොව යහපත සඳහා කල්‍යාණ මිත්‍රයාගේ ආශ්‍රය ඉතා වැදගත් වෙයි. මේ බව භාග්‍යවතුන් වහන්සේ කක්කරපත්ත නම් කෝලිය ගමේදී කෝලිය පුත්‍රයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ලබා දුණි.

කල්‍යාණ මිත්‍ර ඇසුර යනු යහපත් මිතුරන් ආශ්‍රය කිරීම යි. මිතුරාගේ වයස නොව ගතිගුණ ගැන විශේෂයෙන් සැලකිළිමත් විය යුතුය. බාල වැඩිහිටි හෝ සම වයසක වුවද ආශ්‍රය කළයුත්තේ සාකච්ඡා කළ යුත්තේ ඔවුන් තුළ සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග සම ප්‍රඥා යන ගුණධර්ම ඇතිනම් පමණි. මිතුරාගේ ගුණ දහම් අනුව කෙනෙක් පවටත් පිනටත් ළංකළ හැකිය. ඒ නිසා කලණ මිතුරා අපගේ ජීවිතයට ඉතාමත් වටිනා පුද්ගලයෙකි.


සුන්දර නිවන

පින් පව් නො දැන දැන
නො නැවතී යන ගමන
මිරිඟුවට මෙන් රැවටී
ඉපිද මැරෙමු යළි යළිත්

එනමුදු යම් දිනෙක
නිවන හමු වූ දාක
නිවීයන පහන සේ
සියලු දුක් කෙළවර ය


මව් සෙනෙහස

ලේ කිරිකර පොවා මා හැදු මගෙ අම්මේ
කැතකුණු අතගගා මා වැඩු මගෙ අම්මේ
අඩුවක් නැතුව යහමග හුරු කළ අම්මේ
මේ ණය ගෙවන්නේ මා කවදක ද අම්මේ

දුක් කම්කටොලු මැද මා හැදු මගෙ අම්මේ
ඔබේ දහඩිය මට මුතුකැටයකි අම්මේ
ගුණ දහමින් මා පොහොසත් කළ අම්මේ
මතු සසරෙදී ඔබ බුදුවේවා අම්මේ


ලෝකය සුන්දර කරමු

මේ ලෝකයේ ඕනෑම තැනක ජීවත්වීමට උපකාරි වන වටිනා මෙන් ම රැකගත යුතු ධර්මයකි සිල්වත් බව. අප නිතර ම විහාරස්ථානයේ දී, නිවසේ දී, පාසලේ දී, වෙනත් උත්සවවල දී ප්‍රථමයෙන් ම පන්සිල් සමාදන්ව සියලු වැඩ කටයුතු ආරම්භ කරන්නට පුරුදු වී සිටින්නේ එනිසා ය. පන්සිල් රකින්නා නිසා මුලු ලෝකයම රැකේ.

මේ ලෝකයේ යුධ, මිනීමැරුම්,අනතුරු වගේම ස්වභාවික විපත් ආදියට ද මිනිසුන්ගේ ක්‍රියා කලාප බෙහෙවින් බලපායි. කෙනෙක් අනුන්ගේ දේ සොරා ගැනීමට තම ජීවිතය පරදුවට තබති. සතුන් සිය දහසක් කිසිදු අනුකම්පාවක් නො මැතිව මරා දමති. මත්පැන් මෙන් ම දුම්වැටි භාවිතය නිසාද මිනිසා විනාශයට පත්වෙයි. සොරෙන් වනාන්තර කපා දැමීමෙන් ද පරිසරයට වන හානිය විශාල ය. ස්වභාවධර්මය රැකුණොත් මේ ලෝකය ද රැකේ. මුලු ලෝකයේ ම මිනිසුන් හදවතින් ම පන්සිල් රකින්නේ නම් මේ ලෝකය ඉතා සුන්දර ය. මිනිස් හදවත් තුළ පන්සිල් රැකීමට ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.


යුක්තිය සුරකිමු

යුක්තිය යනු සාධාරණය යි. අයුක්තිය යනු අසාධාරණය යි. අයුක්තිය ඉදිරියට යාමෙන් මේ ලෝකයේ බොහෝ අපරාධ වැඩි වේ. මගේ පුංචි සිතට දැනුන දෙයක් මම මෙසේ සටහන් කරමි. යුක්තියට කැමැති පුද්ගලයන් මුලින් ම බිහි කළ යුතු වන්නේ පාසල තුළිනි. යුක්තියට ගරු කරන්න වගේ ම යුක්ති ගරුක දරුවෙක් වීමට මම ඉතා කැමැති ය. යුක්තිය පරදා අයුක්තිය රජවීමට මාන බලන ලෝකයේ යුක්තිය රජ කිරීමට දරුවෙන් ලෙස අපි පෙළ ගැසෙමු. අයුක්තියට කිසි දිනෙක ජය ලැබෙන්නේ නැත. ජය ලැබුව ද ඒ ජය තාවකාලික ය. ප්‍රමාද වී හෝ යුක්තිය ජය ලබනු ඇත. ඒ ජය ස්ථිරය.


දීපංගොඩ බ්‍රාහ්මණගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ ශ්‍රී අරියවංශ ගුණානුස්මරණ දහම් පාසලේ 2018 වර්ෂයේ ත්‍යාග ප්‍රදාන උත්සවයෙනි.


සංස්කරණය - නයනා නිල්මිණි

 

  මැදින් අව අටවක පෝය


 මැදින් අව අටවක පෝය මාර්තු 09 වන දා සිකුරාදා පූර්ව භාග 03.47 ට ලබයි. 10 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය මාර්තු 17 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]