කය:
කයෙහි අසුභ ස්වභාවය
මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි
" සමහරු මේ කය සුන්දරව, දැකුම්කළු ලෙස සැරසීමට උත්සාහ දරනවා. තම දරුවා බොහොම
කැමැත්තෙන් තුරුළුව, සිප වැළඳ ගන්නවා. එක්තරා මොහොතක මේ දරුවා මියගියහොත් දවස් දෙක
තුනකින් ඒ මෘත ශරීරයෙහි සිදුවන වෙනස්වීම් පිළිකුල් සහගතයි. එය සතිපට්ඨාන සූත්‍රයට
අනුව විවිධ අවස්ථාවන් පෙන්නුම් කරනවා. මේ කයෙහි අසුභ ස්වභාවය මෙබඳු යැ’යි නිබඳව ම
කල්පනා කළ යුතු බව බුදුන් වහන්සේ දේශනා කර වදාළා.'
මාගන්දියා බුද්ධ කාලයේ විසූ රූමත් කාන්තාවක්. ඇයගේ මව්පියන්ට අවශ්‍ය වුණේ තම
දියණියට යහපත් ස්වාමි පුරුෂයකු සරණ පාවා දීමට යි. එයට බුදුන් වහන්සේ සුදුසු යැ’යි
ඔවුන් තෝරා ගත්තා. මේ බමුණු මව්පියන් බුදුරදුන්ට පැවසුවේ සරණ පාවා ගැනීම සඳහා තම
දරුවාගේ අතිනත අල්ලා ගන්නා ලෙසයි. වීතරාගී සම්බුදුරදුන්ට බුද්ධත්වය ලබන මොහොතේ
දීවත් මරඟනන් කෙරෙහි ඇල්මක් ඇති වුණේ නැහැ. එසේනම්, මල ,මූත්‍රා වලින් පිරුණු
කයකින් යුතු මේ තැනැත්තිය මා අතින් නොව පාදයෙන්වත් ස්පර්ශ නොකරමි’යි බුදුන් වහන්සේ
වදාළා.
තව ද එකල විසූ වක්කලී ද අසම සම වූ බුදු සිරුරෙහි අසිරිය විඳිමින් වාසය කළා. ඒ නිසා
වක්කලී බුදුන් වහන්සේ නිබඳව ම හමු වුණා. හැබැයි, ඒ ධර්මය කෙරෙහි ඇති ඇලීමකින්
නෙවෙයි. බුදු සිරුර දෙස බලා සිටීමේ ඇලීමෙන් වක්කලී පැවිදි වුණා. එහි දී බුදුන්
වහන්සේ , මේ පිළිකුල් සහගත වූ සිරුර දෙස බැලීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැ’යි වක්කලී
හාමුදුරුවන්ගෙන් විමසුවා.
සමහරු මේ කය සුන්දරව, දැකුම්කළු ලෙස සැරසීමට උත්සාහ දරනවා. තම දරුවා බොහොම
කැමැත්තෙන් තුරුළුව, සිප වැළඳ ගන්නවා. එක්තරා මොහොතක මේ දරුවා මියගියහොත් දවස් දෙක
තුනකින් ඒ මෘත ශරීරයෙහි සිදුවන වෙනස්වීම් පිළිකුල් සහගතයි. එය සතිපට්ඨාන සූත්‍රයට
අනුව විවිධ අවස්ථාවන් පෙන්නුම් කරනවා. මේ කයෙහි අසුභ ස්වාභාවය මෙබඳු යැ’යි නිබඳව ම
කල්පනා කළ යුතු බව බුදුන් වහන්සේ දේශනා කර වදාළා. කය ස්කන්ධ පංචකය හෙවත් පංචස්කන්ධය
නමින් හැඳින්වෙනවා. මේ පංචස්කන්ධය රූප, වේදනා,සංඥා, සංඛාර,විඤ්ඤාණ යන කොටස් පහකින්
සැකසී තිබෙනවා. පංචස්කන්ධයේ රූප කොටස කය යි. මේ ස්කන්ධ පහ නාමරූප වශයෙන් ද වෙයි.
එහි නාම සහ රූප කොටස දෙයාකාරයි. එහි රූප කොටසට අයත් වන්නේ කය යි. එනම්, රූපස්කන්ධය
යි. ඒ ස්කන්ධ පංචකයේ රූප කොටස හෙවත් කය කොටස් විසි අටකට බෙදා දැක්වීමෙන් අටවිසි රූප
නම් වෙයි. එහි කොටසක් වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී සතර මහා භූතයන්ගෙන් කය
නිර්මාණය වී තිබීම යි.
මෙසේ නිර්මාණය වූ කය චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය යන පංච ඉන්ද්‍රිය මඟින් නිර්මාණය
වී තිබේ. මේ පංච ඉන්ද්‍රියන්ට ගොදුරු වන දෑ ආරම්මන යි. ඒ රූප , ශබ්ද, ගන්ධ, රස,
ස්පර්ශ යි. මෙහි තවත් කොටසක් වන්නේ ස්ත්‍රී රූප සහ පුරුෂ රූප වශයෙන් ගොදුරු වීම යි.
බුදුන් වහන්සේ “කායේ කායානු පස්සී විහරති” යනුවෙන් කයේ ස්වභාවය පිළිබඳව නිබඳව ම
සිතා බලන්නැ’යි දේශනා කොට වදාළා. එය ධම්මපදයේ “කුම්භෝ පමං කායමිමං මිදිත්වා”
යනුවෙන් සඳහන් වෙයි. එනම්, මේ කය අපිරිසුදු දෑ පුරවා, පිටින් විසිතුරු කළ කළයකට
සමාන වෙයි. මෙහි අශුභ කොටස් වශයෙන් හඳුන්වන්නේ දෙතිස් කුණුප කොට්ඨාශ යි. (අපිරිසුදු
දේ) ඒ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මස්, නහර, අට්ඨි, අට්ඨි මිජ්ජා, වක්කං,හදයං,
යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරිසං, පිත්තං, සෙම්හං,
පුබ්බෝ, ලෝහිතං, සෙදෝ, මේදෝ, අස්සුවසා, ඛෙලෝ , සිංඝානිකා, ලසිකා, මුත්තං ආදී කුණුප
කොටස් ය. ශරීරය පිරී පවතින්නේ මේ කුණප කොටස්වලින්.
මෙය බාහිර වශයෙන් දැකීමෙන් නිරන්තරයෙන් ම දැනෙන්නේ පිළිකුලක්. තව ද මේ කය ද්වාර
නොහොත් දොරටු නවයකින් සමන්විත යි. පෙර සඳහන් සේ නව ද්වාරයන් වන චක්ඛු, සෝත, ඝාන,
ජිව්හා, කාය කොටස කයෙහි පවතින ස්වභාවය යි.
කයෙහි ඇති විඤ්ඤාණස්ඛන්ධය ඉවත්ව ගිය විට ඒ මිය ගිය කය කිසිදු වැඩකට නැති වියළුණු
දරකඩක් බඳු බව බුදුරදුන් පෙන්වා දුන්නා.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |