|
|
අස්ගිරිය
ඓතිහාසික ගෙඩිගේ විහාරය |
|
|
|
අස්ගිරිය ඓතිහාසික
ගෙඩිගේ රාජමහා විහාරය
විහාරවංශ කථාවේ වසර 652 ක ඉතිහාසයක් ඇති සෙංකඩගල පුරවරයේ අස්ගිරිය මහා විහාරයීය
ඓතිහාසික ගෙඩිගේ විහාරය ක්රි.ව. 1347-1375 සමයේ ගම්පොල යුගයේ රාජ්ය මෙහෙයවූ තෙවන
වික්රමබාහුරජතුමා විසින් සිය මෑණියන්වූ චන්ද්රවතී බිසව සිහිපත් කිරීම මුල්කරගෙන
ඉදිකර ඇති බව පොතපතින් දැක්වේ.
එම වර්ෂය ක්රි.ව. 1364 වශයෙන් දැක්වෙන අතර, චන්ද්රවති බිසවගේ ආදාහන කටයුතු ද මෙහි
දී සිදුකර ඇත. සිහිවටනයක් ලෙස චන්ද්රාවති නමින් රෝපණය කළ බෝධින් වහන්සේ නමද අදත්
මෙහි වැඩහි¼දියි. චන්ද්රවති බිසවගේ භෂ්මාවශේෂ මෙහි තැන්පත් කළ නිසා මෙම පූජනීය
ස්ථානය ආදාහනමලුව වශයෙන්ද හඳුන්වනු ලැබේ. වික්රබාහු රජතුමා විසින් ගෙඩිගේ විහාර
සම්ප්රදාය අනුව මෙහි විහාර මන්දිරයක් ඉදිකොට ඇත.ශෛලමය බුද්ධ ප්රතිමා වහන්සේ නමක්
නිර්මාණයකර සංඝාවාසයක් ද මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කර ඇති බව සඳහන් වේ. සියම්
දේශයේ ප්රවර උපාලි මාහිමියන් අස්ගිරිය ගෙඩිගේ විහාරයේ වැඩ සිට ශාසනික මෙහෙවරෙහි
යෙදී සිටියදී අපවත්වීමෙන් උන්වහන්සේගේ ආදාහනය ද මෙහි දී සිදුකර ඇත
ඉතිරිය»
|
|
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා
අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන
දා සඳුදා ය.
මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|