ධම්මචාරී වීම හා අධම්මචාරී වීම
සාරිපුත්ත ජාතික අධ්‍යාපන
විද්‍යා පීඨයේ
තණමල්විල රාහුල හිමි
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් ම.නි. මූල පණ්ණාසකයේ
සාලෙය්‍යක සූත්‍රය. මෙම දේශනාව සිදු කරන සමයේ බුදුරජාණන් වහන්සේ සදහම් චාරිකාවේ
වැඩම කරමින් සිටියේ. මෙසේ සදහම් චාරිකාවේ වඩිමින් සිටින අතරතුර බුදුරජාණන් වහන්සේ
‘සාලා’ කියන ගමට වැඩම කළා. එසේ වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේ දකින්ට, උන්වහන්සේගේ
නිර්මල දහම අසන්නට ඒ ගමේ සිටි බොහෝ දෙනා උන්වහන්සේ වැඩසිටි ස්ථානයට පැමිණියා. ඒ අය
මෙලෙස බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න පටන් ගත්තා.
“ශාක්‍ය කුලයෙන් නික්මෙලා රජසැප සම්පත් අත්හැරලා පැවිදි වූ උතුමන් වහන්සේ කෙනෙක්ලු.
උන්වහන්සේ සියලුදෙනා සියලු දුකින් මුදාලීමේ මාර්ගය දේශනා කරනවාලු. මුල, මැද, අග,
අර්ථ සහිත නිවනට පමුණුවන ප්‍රකාශන මාධ්‍යයෙන් ධර්මය දේශනා කරන උතුමන් වහන්සේ
නමක්ලු. යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ එකිනෙකා කතා කරන්න පටන් ගත්තා.
මේ පිරිස එකතුවෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට ගියා.
“භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස අපට අහන්නට ලැබෙනවා සමහර අය මියගිය පසු ඉතාමත්ම
දුක්ඛිත වූ නිරය ආදි සතර අපායන්හි උපදින බව. ඒ වගේම තවත් පිරිසක් මියගිය පසු
සුගතියෙහි උප්පත්තිය ලබන බව. එම නිසා බුදුරජාණන් වහන්ස, කෙනෙක් මිය ගිය පසු කෙලෙසද
දුගතියට යන්නේ? මොනවගේ ප්‍රතිපදාවක් කළ පසුද? කෙනෙක් සුගතියට යන්නේ?. යනුවෙන් මේ
පිරිස බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. එවිට බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්නයට
සරල පිළිතුරක් ලබා දුන්නා.
“යමෙක් සමාජය තුළ අධම්මචාරීව, විෂමචාරීව ජීවත් වෙත් ද ඒ අය මිය ගිය පසු ඒකාන්තයෙන්
සුගතියට යන බවත් යමෙකු ධම්මචාරීව සමචාරීව සමාජයේ ජීවත් වෙත් ද ඒ අය මිය ගිය පසු
සුගතියෙහි උපදින බවත් බුදුරජාණන් වහන්සේ පිළිවදන් දුන්නා.” ඒත් මේ පිළිතුරෙන් සාලා
ගමේ වැසියන් සෑහිමකට පත් වුණේ නෑ.
“ස්වාමිනි භාග්‍යවතුන්වහන්ස, ඔය ආකාරයට සරලව පැහැදිලි කළාට අපට තේරෙන්නේ නැහැ. අප
දන්නේ නැහැ. අධම්මචාරී කියන්නේ කුමක්ද, ධම්මචාරී කියන්නේ කුමක්ද කියලා. ඒ නිසා මේ
කාරණාව සවිස්තරාත්මකව දේශනා කරන්න.’
සාලා නුවර වැසියන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඉන් පසු බුදුරජාණන් වහන්සේ
සාලා නුවර වැසියන් ඇසූ මෙම ගැටලුවට සවිස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. එනම් කෙලෙසද
කෙනෙකු අධම්මචාරී වන්නේ සහ එයින් ලැබෙන ප්‍රතිඵල එකිනෙක විස්තර කරමින් උන්වහන්සේ
පැහැදිලි කළා. එහිදී සිත, කය, වචනය යන තිදොරින් කරනු ලබන වැරැදි නිසා කෙනෙක්
අධම්මචාරී හා විසමචාරී වන බවත් ඒ තුළින් අපායගාමී වන බවත් දේශනා කළා.
සමහරු කය මුල් කරගනිමින් ප්‍රාණඝාතය, සොරකම, කාම මිථ්‍යාචාරය සිදුකරනවා, එවැන්නෝ
අධම්මචාරීයි. මුසාවාදා, ඵරුසාවාචා, සම්පප්ඵලාපා වචනය මුල් කරගෙන සිදුකරනවා. එවැන්නෝ
ද අධම්මචාරීයි.
අභිඤ්ඤාවව, ව්‍යාපාදය, නියති මිථ්‍යා දෘෂ්ටිය ආදී වැරැදි මනස මුල්කරගෙන සිදුවෙනවා.
මේ ආකාරයට තිදොර මුල් කරගෙන කරනු ලබන ක්‍රියාවන් දුගතියට යෑමේ මූලාරම්භය බවත් තිදොර
මුල්කරගෙන කරනු ලබන හොඳ ක්‍රියාවන් සුගතියට යෑමේ මූලාරම්භය බවත් බුදුරජාණන් වහන්සේ
පැහැදිලිව දේශනා කළා.
“භවත් ගෞතමයන් වහන්ස, නුඹ වහන්සේගේ ධර්මය ඉතා යහපත්ය. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු
කර තැබූ භාජනයක් උඩුකුරු කොට තබන්නාක් මෙන් යටපත් වූ නිධානයක් විවෘත කරන්නාක් මෙන්
මං මුලා වූවෙකුට මග කියන්නාක් මෙන් ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක්
දල්වන්නාක් මෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණුවලින් ධර්ම දේශනා කරන
ලද්දාහ. භාග්‍යවතුන් වහන්ස, අපි ඔබවහන්සේද, ධර්මය, සංඝරත්නයද සරණ යමු.
සාලා ගම් වැසියෝ බුදුරජාණන් වහන්සේට ඉතා සතුටින් දන්වා සිටියා. අධම්මචාරී ජීවන මඟ
අත්හැර ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට අධිටන් කර ගනිමු. සිත, කය, වචනය යන
තිදොර සංවර කර ගමු. කුසල් සිතිවිලි වඩමු. |