වටදාගේ (සේල චෛත්‍යය)
සේල චෛත්‍යය පිහිටි ස්ථානයේ දී මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම
මුණගැසුණි. එය අනුස්මරණය සඳහා දැනට එහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය
පිහිටා තිබේ. මෙහි මුලින්ම ස්තූපයක් (ශිලා චේතියක්) කරවන ලද්දේ මහාදාඨික මහානාග රජු
( ක්‍රි.ව. 1 සියවස) විසිනි.
ආරාධනා ගල
සේල චෛත්‍යය අසළින් ඉහළට නැඟීමට තිබෙන උස් වූ පර්වත කූටය ‘ආරාධනා ගල’ ලෙස
හැඳින්වෙයි. ධර්ම දේශනා ආරම්භ වීමට මත්තෙන් දෙවියන්ට ආරාධනා කිරීම බෞද්ධ භික්ෂූන්
වහන්සේලාගේ සිරිතකි. ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ ආරාධනා ගල මුදුනට නැඟී ධර්ම
ඝෝෂාව (සමන්තා චක්කාවාලේසු, අත්‍රාගච්ඡන්තු දේවත) හාත්පස සක්වල වෙසෙන දෙවිවරු මෙහි
පැමිණෙත්වා ) පැවැත් වූ බව සඳහන් වෙයි.
මිහිඳුසෑය
දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උත්තිය රජු මිහිඳු මාහිමියන්ගේ පරිනිර්වාණයෙන් පසු
ශාරිරික ධාතුන් තැන්පත් කර ඉදිකරන ලද මිහිඳු සෑය ක්‍රි.ව. 7 වන සියවසේ දී
ප්‍රතිසංස්කරණය කරවන ලද බවට සාක්ෂි තිබේ. 1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ගරාවැටී තිබූ ස්තූපය කැනීම් කිරීමේදි රන් කරඬුවක් ද, මැටි කරඬුවක් ද, බුදු පිළිම
කිහිපයක්ද සොයා ගන්නා ලදී.
සිංහ පොකුණ
ඉදිකටු සෑය දෙස සිට මැද මළුවට දිවෙන මහාමාර්ගයේ මැද මිදුල සමීපයේ කණ්ටක චේතියට
පහළින් පාරට ඉහළ දකුණූ පසින් පිහිටි මෙය සිංහ රූපයක් සහිත ජල රඳවනය (ටැංකිය) කි.
පසුපස දෙපාවලින් නැඟී සිටින සිංහයාගේ ඉහළට ඔසොවාගෙන සිටින ඉදිරි දෙපා අල්ලා ගන්නා
අයෙකුට සිංහ මුඛයෙන් වෑහෙන ජලය ස්නානය කළ හැකිය. අඩි 7 ක් උස සිංහ රූපය දෙපා අතර
පළල අඩි 2 කි.පිහිටි පර්වතයේ ස්වාභාවික ලෙස කැටයම් කර ඇත.
පියගැට පෙළ
ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති පැරණි පියගැට පෙළ අතරින් අද්විතීය අසමසම නිර්මාණය මිහින්තලේ
පියගැට පෙළයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ කොටස් තුනකිනි. මැද මළුව තෙක් දිවෙන පියගැට
පෙළ එකකි. කණ්ටක චේතිය දක්වා වූ කොටස හා මැද මිදුලේ සිට අම්බස්තලය දක්වා විහිදෙන
පියගැට පෙළ අනික් දෙකයි. තවත් පිය ගැට පෙළක් උඩ මළුවේ සිට මහසෑය මළුව දක්වා දිවේ.
මැද මළුවට දිවෙන පියගැට පෙළ ස්වාභාවික පර්වතයෙන් නෙලන ලද පියගැට 150 කින් පමණ යුක්ත
වන අතර, සෙසු කොටස් පියගැට අල්ලා සකස් කර තිබේ. වර්ෂ 1952 කරන ලද ගණන් බැලීම අනුව
මුළු පියගැට පෙළ පඩි 1840 කින් යුක්තය.
ඉදිකටු සෑය
විහාර සංකීර්ණයක් වූ මෙය සෙල් පුවරුවලින් ඉදිකළ ප්‍රාකාරයකින් වට කර ඇත. ඇතුල්වීමට
දකුණු පසින් ලොකු හා කුඩා දොරටු දෙකක් ඇත. අභ්‍යන්තරය කොටස්වලට වෙන් කර
ප්‍රාකාරවලින් ආරක්ෂා කර ඇත. මෙහි ගොඩනැගිලි කිහිපයක්ම තිබේ.
කණ්ටක චේතිය
මිහින්තලා කන්ද ආරම්භ වන තැන් සිට ඇති පර්වතයේ පියගැට පෙළින් හෝ සිංහ පොකුණ අසලින්
ඇති පියගැට පෙළින් හෝ පැමිණි විට තිබෙන පැරැණි දාගැබ මෙයයි. දේවානම්පියතිස්ස රජු (
ක්‍රි.පූ. 247207) අටසැට ලෙන් කරවූයේ කණ්ටක චේතිය හාත්පස බව සඳහන් වන බැවින් එතුමා
විසින් මෙය ඉදිකරවන්නට ඇතැයි මතයක් තිබේ.
කළුදිය පොකුණ
මිහින්තලේ නගරයේ සිට නුවර පාර ඔස්සේ මහනුවර (ගල්කුලම දෙසට ගමන් කරන විට වම් පසින්
තිබෙන ස්වාභාවික සෞන්දර්යයෙන් අලංකාර වු සංඝාරම සංකීර්ණය ‘කළුදිය පොකුණ’ නමින්
හැඳින්වේ. එහි පිහිටි පොකුණේ ඇති ජලය කළුවන් පැහැයට පෙනෙන බැවින් එම නම ව්‍යවහාර වන
බව පෙනේ. පරිසරයට හානියක් නොකර ගොඩනැගිලි ආදිය ඉදිකර ඇති සාම්ප්‍රදායික ඉදිකිරීම්
තාක්ෂණය සඳහා හොඳම සැලසුම කළුදිය පොකුණයි.
IV වන මිහිඳු රජුගේ
මිහින්තලේ පුවරුලිපිය
මැද මළුවෙන් ඉහළට ඇති පියගැට පෙළින් ගොඩ වූ විට සන්නිපාත ශාලාවට වම් පසින් ඉහළ
භූමියේ ඇති ගොඩනැගිල්ලේ (ධාතුඝරය) දොරටුව දෙපස සවිකර තිබෙන ඔපමට්ටම් කර ඇති අක්ෂර
ලියා ඇති සෙල් පුවරු දෙක ‘මිහින්තලේ පුවරු ලිපිය’ නමින් හැඳින්වේ. ක්‍රි.ව. 10
සියවසේ 4 වෙනි මිහිඳු රජු විසින් රචනා කරවන ලද මෙහි චේතියගිරියේ (මිහින්තලේ)
විහාරස්ථානවල අභ්‍යන්තර පාලනය පිළිබඳ නීතිරීති, භික්ෂූන් පිළිපැදිය යුතු නීතිරීති,
සිරිත් විරිත් හා සම්ප්‍රදායයන්ද උන්වහන්සේලාට රජයෙන් කළ ගරු සැලකිලි, විහාරයේ සේවක
පිරිස හා ඔවුන්ට ගෙවූ වැටුප් හා විහාරයට ගම්බිම්වලින් අයත් විය යුතු බදු මුදල්
යනාදි කරුණු පිළිබඳ විස්තරයක් ඇත.
මිහිඳු ගුහාව
මිහින්තලේ සිට අනුරාධපුරයටත් අනුරාධපුරයේ සිට ආපසු මිහින්තලේටත් වැඩම කළ මිහිඳු
මහරහතන් වහන්සේ නාග පොකුණෙන් ස්නානය කර පර්වතයට වැඩම වූ බව (මහාවංශය 16.6) සඳහන්
වෙයි. නාග පොකුණට ඉහළින් කන්දේ අනික් පස බෑවුමේ ඇති එකම ලෙන වර්තමානයේ හැඳින්වෙන්නේ
“මිහිඳු ගුහාව“ නමිනි. වංශකතා තොරතුරුත් මේ නමත් අනුව මිහිඳු මාහිමියන් වැඩ විසුවේ
මෙම මිහිඳු ගුහාවේ බව පැහැදිලිය. මෙය කෙනෙකුට සයනය කළ හැකි පරිදි සෙල් පෘෂ්ඨය ඇඳක්
මෙන් සකසා ඔප මට්ටම් කර තිබේ.
ඇත් වෙහෙර
මිස්සක පව්වේ උසම ස්ථානය ඇත් වෙහෙර කන්දයි. කන්ද මුදුනේ මීටර 14 ක් විෂ්කම්භය ඇති
මළුවක ‘ඇත් වෙහෙර” නමැති ස්තූපය ඉදිකර ඇත. ගඩොලින් ඉදිකළ ස්තූපයේ දැනට උස මීටර් 3.5
කි. පේසා වළලු තුනේ උස මීටර් 2 කි. පේසා වළලු බොරදම්වලින් අලංකාර කර ඇත. ස්තූපයේ
වටප්‍රමාණය මීටර් 6 කි. දැනට එය තිබෙන්නේ වර්ෂ 1984 දී සංරක්ෂණය කරන ලද ආකාරයටය.
නාග පොකුණ
දේවානම්පියතිස්ස රජු “නාගචතුෂ්ක” නම් ස්ථානයක සිට බත් අනුභව කළ බවත් , මිහිඳු මා
හිමියන් නාගචතුෂ්ක නම් ස්ථානයේ විලකින් පැන් සනහා පර්වතයට වඩින බවත් 1 වෙනි
අග්ගබෝධි රජු ( ක්‍රි.ව. 571 -604) ‘නාගසොංඩි පොකුණ කළ බවත් මහාවංශයේ සඳහන් වෙයි.
පර්වත බෙයඳේ කැටයම් කර තිබෙන පෙන පහකින් යුක්ත නාගයෙකුගේ පෙන ගොබයේ හැඩය තිබෙන
බැවින් පසුකාලීනව එනමින් හැඳින්වෙන්නට ඇත.
පුරාවිද්‍යා කෞතුකාගාරය
මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරය තුළ එම භූමියේ පුරාවිද්‍යා ගවේෂණ හා පර්යේෂණවලින්
සොයාගන්නා ලද ලෝහමය , ශෛලමය. මැටි හා හුණු බදාම ආදියෙන් නිර්මාණය කරන ලද පුරාවස්තු
රාශියක් ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. එහි තිබෙන විශේෂාංගයක් වන්නේ මිහින්තලේ කඳු
මුදුනේ (ගිරිභණ්ඩ ස්තූපය) දාගැබක් කැණීමෙන් අනාවරණය කරගන්නා ලද ස්තූපයක ධාතු ගර්භය
නිරූපණය කරන ආදර්ශයයි.
ශිලා ලේඛන
මිහින්තලේ ගල් ලෙන්වල තිබෙන 106 කට අධික වූ ලෙන් ලිපි ක්‍රි.පූ. 3 වන සියවසේ සිට
රචනා වු මෙරට පැරැණිම මෙන්ම මුල්ම සෙල්ලිපිය. ඒවායේ සඳහන් වන්නේ එම ලෙන් සතර දිගින්
වඩින සංඝයාට පූජා කරන ලද බවයි. දේවානම්පියතිස්ස රජුගේ බිසවකගේ හා උත්තිය රජුගේ
සෙල්ලිපි ද මේ අතර තිබේ. උඩමළුවේ වර්තමාන කාර්යාලය අසල ගල් පර්වතයක තිබෙන
ත්‍රිකායස්තව පර්වත ලිපිය බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය, සම්භෝගකාය හා නිර්මාණකාය යන
ත්‍රිකායට වන්දනා කරන සංස්කෘත ශ්ලෝක තුනක් තිබෙන මහායානිකයන්ගේ සෙල් ලිපියකි. මෙය
ක්‍රි.ව. 7 වන සියවසට අයත්වේ.
නුවර යුගයේ නිර්මාණ
ක්‍රි.ව. 18 වැනි සියවසේ අගභාගයේ මිහින්තලේ පූජා භුමිය අනාවරණය කර ගැනීමෙන් අනතුරුව
විවිධ ආගමික ගොඩනැගිලි කිහිපයක්ම නිර්මාණය විය. ඒ අතර මහාසෑයත්, මිහිඳු සෑයත් අතර
පිහිටා තිබෙන විහාර මන්දිරය මහනුවර යුගයේ ඉදිකරන ලද්දකි. එහි විශාල සැතපෙන
(පරිනිර්වාණ) බුද්ධ ප්‍රතිමා වහන්සේ ශ්‍රාවකයන්ගේ ප්‍රතිමාද නෙළා තිබේ.
අටසැට ලෙන්
මිහින්තලේට වැඩමවූ මිහිඳු මා හිමියන් ඇතුළු පිරිස අනුරාධපුරයට වැඩමවා දින 7 කට පසු
නැවත මිහින්තලේට වැඩි දිනයේ මහාරිට්ඨ අමාත්‍යයා සහ පනස් දෙනෙකු පැවිදි වූහ. එදින
සිට භික්ෂූන්ගේ නේවාසික පහසුකම් සපයනු පිණිස අටසැට ලෙන් සැකසීම ආරම්භ විය. කණ්ටක
චේතිය අවට ස්වාභාවික ලෙන්වල කටාරම් කොටා ( පසු කාලයේ ඉදිරිපස බිත්තිවලින් ආවරණය
කොට) අනතුරුව එළැඹි ඇසළ මස පුරපසළොස්වක පෝය දින භික්ෂූන්ට පුජා කරන ලදී. මේ හැර
මිහින්තලේ ප්‍රධාන පියගැට පෙළ වම්පසින්ද රාජගිරි ලෙන කන්දේ කළුදිය පොකුණ අවට හා
සිංහ පොකුණට උතුරින්ද පසුකාලයේ ලෙන් සකස් විය. කටාරම නිසා වැසි ජලය ලෙන තුළට
වැස්සීම අවහිර විය.
පැරැණි රෝහල
පැරැණි දේශීය ආයුර්වේද රෝහල ධ්ධ් සේන රජු (ක්‍රි.ව. 853887) විසින් චේතියගිරියේ
වැඩවිසූ 2000 ක් පමණ වූ භික්ෂූන් වහන්සේලාට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඉදිකරන ලදී.
දිග , පළල මීටර් 18.6 ය. 97.6 ක විශාල වූ ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක් වූ මෙහි
මැද මිදුලක් ද එහි මධ්‍යයේ ටැම්පිට විහාරයක් වු බුද්ධ ප්‍රතිමා ගෘහයක් ද විය.
ප්‍රධාන ද්වාරය, දකුණූ දිගින් ද අනු ද්වාර දෙකක් ඊසාන දිගින්ද පිහිටා තිබේ. මෙම
ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක සැලසුම ශ්‍රී ලංකාවේ සෙසු පැරණි රෝහල් ගොඩනැගිලිවල
සැලසුමට සමානය. මැද මිදුලටත් එහි තිබු බුදු මැදුරටත් මුහුණලා ඒ හාත්පස රෝගීන්ගේ
නේවාසික කුටි පිහිටා තිබේ.
කටුසෑය
ජනප්‍රවාදවල කියවෙන පරිදි මිහින්තලේ ගොඩනැගිලි ආදි කර්මාන්ත සඳහා භාවිත කළ අවි ආයුධ
හා උපකරණ තැන්පත් කර කටුසෑය ඉදිකර තිබේ. නැගෙනහිරින් දොරටුව, මුරගල්, කොරවක් ගල්,
සඳකඩ පහණ, පියගැට පෙළ ආදිය තිබේ. සෙ.මී. 85 ක් වූ වේදිකාවක් මත ඉදිකර ඇති චෛත්‍යයේ
පේසාවළලු සෙල්වලින් නිර්මාණය කර තිබේ. |