
මිහින්තලා ලේක්හවුස් කප් රුක් පූජා පෙරහර 12 වන වරටත් වෙසක්
පුන් පොහෝදින පානදුර නල්ලුරුව බෝධිරුක්ඛාරාම පාරේ පදිංචි
ශ්‍යාමලී උයන්ගොඩ මෙනෙවිය ඇතුළු පවුලේ සියලුදෙනා විසින් සිදු
කළ අතර අනුරාධපුර, පාලිත, රංජිත්, දිල්රුක්, අනුරාධා සහ හෙලානා
පි‍්‍රන්ටර්ස් ආයතනයේ සේවක මඩුල්ල එක්ව මෙවර කප්රුක් පුජාවට
සමගාමීව පානීය ජල බෝතල්, සිසිල් පැන්, හේවිසි කණ්ඩායම්,
අටපිරිකර ආදිය පිරිනැමූහ. ශ්‍යාමලී මෙනෙවියගේ උපන් දිනය
සැමරීමත් ශ්‍යාමලී උයන්ගොඩ මෙනෙවියගේ මිය ගිය පියා වන සීඩින්
උයන්ගොඩ මහතාට පින් අනුමෝදන් කිරීමත් උදෙසා මෙවර කප්රුක්
වස්ත්‍ර පූජාව පැවැත්වීමට දායකත්වය ලබා දී තිබුණි.
ඡායාරූප - හිදෝගම සමූහ.
චිත්‍රාරත්න කළුආරච්චි |