මිහින්තලා ලේක්හවුස්
ආලෝක පූජාව
ජුනි 7 වනදා සිට පුරා දින පහක්
සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

මිහින්තලා රජමහාවිහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි |
මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය ජුනි මස 7,8,9,10,11 දිනවලදී මිහින්තලා
රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා
පරිදි පැවැත්වේ.
මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පැවැත්වෙනුයේ 55 වතාවටය. එම ආලෝක පූජාවට ලංකා
විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වයි.
මිහින්තලා පුදබිමේදී ඉකුත් මස 29 වනදා ආරම්භ කෙරුණු වාර්ෂික සති පිරිත් දේශනාවේ
දොරකඩ අස්න අනුශාසනාව ජුනි මස 4 වනදා පැවැත්වේ. |