පොත් විත්ති
බුදුන් දවස අසිරිමත් කථා
කර්තෘ -
හලලියේ කරුණාතිලක
බුදුන් දවස අසිරිමත් කථා ග්‍රන්ථය ධම්මපදට්ඨ කථා අනුසාරයෙන් රචිත කථා කිහිපයක්
ඇතළත් ග්රන්ථයකි. ඉතා සරලව ලියා ඇති මෙය පාඨකයාට බුදුදහම කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර
ගැනීමට උපකාරයක්ද වෙයි. මෙය සාහිත පොත් පියසේ ප්රකාශනයකි.
බෝධිපූජා කවි සහ වන්දනා ගාථා
බුද්ධ පූජාමය, බෝධි පූජාමය, ඤන පූජාමය, ප්‍රතිපත්ති පූජාමය, කුසලානිසංස ධර්මය සියලු
කායික, මානසික රෝගාබාධ වලින් මිදී නිරෝගි සැප, බල, දීර්ඝායුෂ දිනෙන් දින ලැබීමට
උපකාර වෙයි. තෙරුවන් වන්දනාව, ධාතු වන්දනාව, බෝධි වන්දනා කවි සහ පිරිත් ද මෙම
ග්රන්ථයට අතුළත්ය. මෙය සාහිත පොත් පියසේ ප්රකාශනයකි.
නිවන් දකින්නට
පෙර පින් ඕනෑමද?
කර්තෘ -
රෝහිත විජයතිලක
ත්‍රිපිටකයෙහි එන සූත්‍ර පිටකයට අයත් දීඝ නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ
ඛුද්දක නිකායෙහි ඇතුළත් සූත්‍ර අටක් සහ සාරත්ථප්පකාසිනි නම් වූ සංයුක්ත නිකායේ
අට්ඨකථාවෙහි එන කථා ද ඇතුළත්ව ඉතා සරලව ලියැවී ඇති මෙම ප්රකාශනය ධර්ම දානය සඳහා
නොමිලයේ බෙදා දෙයි. මෙය අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ ප්රකාශනයකි. |