පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා පුදබිමේ සියලු
විහාරාංග සුදු පිරියම් කෙරේ
උදාවන පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා පුදබිමේ සියලු
විහාරාංග ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා
ගුවන් හමුදාවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් සුදු තීන්ත
ආලේප කිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. මිහින්තලා රජ මහා
විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ
අනුශාසනා පරිදි එම කටයුතු සිදු කෙරේ.
ඉතිරිය» කොක්මාදුව ශ්‍රී පුර්වාරාමයේ සියවස් සමරු පින්කම් 01 සිට
වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානයට සිය වසරක් සපිරීම නිමිත්තෙන්
විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද, තෙල්ලඹුරේ ශ්‍රී
අරියවංස, කොක්මාදුව ශ්‍රී සරණපාල, කොක්මාදුව ශ්‍රී අරියකිත්ති යන නා හිමිවරුන්ගේ හා
මියගිය දායක දායිකාවන්ගේ ගුණ සැමරීමට හා විහාර ගණයේ විහාරාධිපති සරභඤ්ඤ විශාරද
කර්මාචාර්ය ලේල්ලවල ඉන්දජෝති මාහිමියන්ට හා ප්‍රදේශවාසීන්ට ආශිර්වාද කිරීම සඳහා
සංවිධානය කළ පින්කම් මාලාවක් ජූනි මස 01 දින සිට 05 වන දින දක්වා පැවැත්වේ.
ඉතිරිය» ධර්ම දේශනාව:
දැහැමි ජීවිතයකට
ඇරඹුමක්
එක කලෙක මිනිසුන් කණ්ඩායමක් වෙළෙදාම සඳහා නැව් නැග පිටත්ව ගියහ. නොසිතූ අවස්ථාවක
කුණාටුවකට හසුවී නැව ගිලෙන්නට විය.ඉන් එක් තරුණයකු දුෂ්කරතා මැද ගොඩ බිමකට ළගාවිය.
තමා සතු සියලු ධනය අහිමි විය. කුසට ආහාරයක් නැත. ගතට වස්ත්‍රයක්ද නැත. මෙම තරුණයා
කෙසේ හෝ ජීවිතය ආරම්භ කළ යුතු යැයි කල්පනා කළේය.
ගස්වල පොතු පට්ටා උපයෝගී කොට කෝටු කැබලි වලින් ඇඳුමක් සකස් කර ගත්තේය. ටික දුරක් එන
විට මෙම තරුණයාට මැටි භාජනයක් ලැබුණේය. එය සුරතට ගෙන ටික දුරක් ගමන් කරන විට මිනිස්
ජනාවාසයක් දක්නට ලැබුණි. මේ අපූරු තැනැත්තා විටෙක දෙවියකු යැයි ඒ ගම්වැසි සමහරු
ඇදහූහ. ඇතැම්හු තාපසයකු යැයි ද රහතන් වහන්සේ නමක් යැයි ද විශ්වාස කළහ. ලීවලින් සකස්
කර ගන්නා ලද වස්ත්‍රයක් නිසා ඔහු දාරුචිරිය නමින් ප්‍රසිද්ධියට පත් විය. කලක් ගත
විය. මිනිසුන්ගේ ගෞරවය වැඩි විය. නමුත් සත්‍ය එය නොවේ. මේ බව වටහා ගත් , මීට පෙර,
ආත්ම භවයක යහළුවෙක් එක් රුකක දෙවියෙක් වී වාසය කළේය. ඒ දේවතාවා දාරුචිරියගෙන් මෙසේ
ප්‍රශ්න කළේය.
ඉතිරිය»
මහරහත් මිහිඳු මා හිමි දැක්ම
ශ්‍රී ලංකාව බොහෝ රටවලට සාපේක්ෂව සංස්කෘතිකව වෙනස් රාජ්‍යයකි. එහි බහුතර සිංහලයන්ද,
බෞද්ධයන්ද සමඟ සෙසු ජාතීහුද වෙසෙන බව නොරහසකි. එහෙත් මේ සියලු ශ්‍රී ලාංකිකයෝ එකම
සංස්කෘතියකට අයත් වෙති . මෙකී එකම සංස්කෘතියකට අයත්වීම නිසාම ශ්‍රී ලංකාව තුළ බොහෝ
අර්බුද පැන නොනැඟී පැවතිණි. එකී සංස්කෘතිය ක්‍රමයෙන් තුවාලවීමේ ප්‍රතිඵලයක් වශයෙන්
වර්ගවාදී සිතිවිලි ක්‍රියාත්මකව යම් යම් අර්බුද රෙටි පැන නැඟි බවද අපි දනිමු.
තිස්වසරක යුද්ධයකින් පීඩාවට පත් සමාජයක් සිතිය යුත්තේ එකී යුද්ධයට පෙර ශ්‍රී ලාංකේය
සමාජයෙහි තිබූ සංහිඳියාව පැවතුණේ කෙසේද? යන්නයි. ඊට ලැබෙන පිළිතුර විය යුත්තේ
මිහිඳු මහරහතන් වහන්සේගේ චින්තනය හා දැක්ම සමාජගතව තිබූ නිසා වෙනි යන්නයි. මිහිඳු
මහරහතන් වහන්සේ් වඩින්නට පෙරාතුව ශ්‍රී ලංකාවේ විසූයේ ම්ලේච්ඡ ජන සමාජයක්ය යන්න
කල්පිතයකි. නූතන අනාවරණය වීම් අනුව, ශ්‍රී ලාංකේය ආදී සමාජය මිහිඳු මහරහතන් වහන්සේට
පෙරද ශික්ෂිත හා බොහෝ දියුණු සමාජ ලක්ෂණවලින් සමන්විත සමාජයක්ව පැවති බව දත
යුතුයි.යක්ෂ, නාග, ගෝත්‍ර වැනි සමාජ ගෝත්‍රික සමාජ නොවූ බවත්, එකී සමාජයන්හි යම්
යම් සමාජමය සාධනීය ලක්ෂණ තිබූ බවත් දැන් දැන් අනාවරණය වන තොරතුරු අනුව පෙනී යයි.
මෙයින් පෙනෙන්නේ මිහිඳු මහ රහත් ආගමනයට පෙර, මිහිඳු මහරහතන් වහන්සේ විසින් වෙනස්
කරනු ලැබූවද,තරමක දියුණු මානව සමාජයක් මෙහි ස්ථාපිතව පැවැති බවයි. එකී දියුණු මානව
සමාජය මිිහිඳු මහරහතන් වහන්සේ විසින් කරනු ලැබූයේ බෞද්ධමය වූ මුහුණුවරකට හැරවීමයි.
ඉතිරිය» |