|
|
සම්බුදු පහස ලද ඓතිහාසික මහියංගණ රජ මහා විහාරය වෙත ඉකුත් දා (22) ගිය ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා එම විහාරස්ථානය වැඳ පුදා ගත්තේ ය. විහාරාධිපති උරුලෑවත්තේ
ධම්මරක්ඛිත නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා අට පිරිකර ද
පූජා කළේ ය. අනතුරුව ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ පුදා
ගත්තේ ය. |
|
|
|
|
ජගත් වෙසක් උළෙලින් ආගමික සංහිඳියාව ලොවට රැගෙන යා හැකියි - අගමැති
ජාත්‍යන්තර වෙසක් උත්සවය මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් ආගමික සංහිඳියාව ලොවට
රැගෙන යාමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවේ සංහිඳියාවේ පණිවුඩය ලෝකය වෙත ගෙන යාමට ලැබුණු අවස්ථාව සාර්ථකව
ප්‍රයෝජනයට ගත යුතු බවත්, වෙසක් උත්සවය සඳහා බෞද්ධ නොවන අයගේ දායකත්වයත් ඉතා වැදගත්
බවත් අගමැතිවරයා කියා සිටියේ ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරු
පැමිණීම නිසා සියලු දෙනාම ලංකාව දෙස බලා සිටින බවත් එය සාර්ථක කර ගැනීම සියලු
දෙනාගේම වගකීම බවත් අගමැතිතුමා පෙන්වා දුන්නේ ය.
ඉතිරිය» |
|
වෙසක් පුර අටවක පෝය
වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන
දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා
බදාදාය.
මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|