|
නාස්තිකාර නොවන බොදු සැරසිලි
ශ්‍රී ලංකාවේ බෞද්ධයන් විසින් වෙසක් උත්සවය සමරනු ලබන්නේ ආගමික උත්සවයක් වශයෙන්
පමණක් නොවෙයි.ඔවුන් අලුත් අවුරුදු උත්සවය සමරා නිම වු පසු බොහෝ විට මාසයකටත් අඩු
කාලයක් තුළ එළඹෙන වෙසක් උත්සවය ආගමික වශයෙන්ම පමණක් සමරනවා නම්, ආගමික ඇවතුම්
පැවතුම් වලින්ම එය සැමරීමට ඉඩ තිබුණි. ඒත් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් බහුතරයක්
ආගමික භාවයෙන්ද, ඊට අමතරව විනෝදාශ්වාද ස්වරූපයෙන්ද, සැරසීමට උත්සාහ කරයි. වෙසක්
සැරසිලි සඳහා වැඩි අගයක් ලැබීමට එය හේතුවක් වෙයි.වෙසක් සැරසිලි භාණ්ඩ අලෙවිය සඳහා
වන වෙළෙඳ පොළක් නිර්මාණ වී තිබෙන ආකාරය දක්නට ලැබෙයි. වෙසක් උත්සවයක් සැමරීෙමිදී
ඉතා ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙයි. වෙසක් උත්සවය බුදුහාමුදුරුවන්ගේ උපත
,බුද්ධත්වය ,පිරිනිවීම, සමරන උත්සවයක් . එය පිරිපුන් ලාංකේය නොවන , පිරිපුන් බෞද්ධ
උත්සවයක්. බුදුපියාණන් වහන්සේ නිරර්ථක දේ පිටු දැක්ක දේශකයාණන් වහන්සේ නමක්.
උන්වහන්සේගේ දේශනා වල කිසිදු ස්ථානයක නාස්තිය නොපිළිගෙන තිබීම පමණක් නොවෙයි,
උන්වහන්සේ නාස්තිය කිහිප තැනක නොකළ යුත්තක් ලෙස දේශනා කර තිබෙනවා.
ඉතිරිය»
|
|
වෙසක් පුර අටවක පෝය
වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන
දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා
බදාදාය.
මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|