බුදුපිළිමයේ උපත - 60:
බුද්ධ චරිතය නිරූපිත
ලොව ප්‍රකට
අජන්තා බිතු සිතුවම්
පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
අජන්තා බිතුසිතුවම් ලොව පුරා සංචාරකයින්ගේ විශේෂ අවධානයට යොමු වී ඇත්තේ එහි ඇති
බෞද්ධ චිත්‍ර කලාව නිසාය. මේ අතරේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් චරිතය හා සම්බන්ධ
වූ අවස්ථා රැසක්ම නිරූපණය සඳහා යොදා ගෙන ඇති බිතු සිතුවම් ඉතා ප්‍රකටය. බුද්ධ චරිතය
පමණක් නොව බුද්ධත්වයට පෙර බෝසතාණන් වහන්සේ පෙරුම් පුරණ සමයේ දී ඉතා ප්‍රකට බෞද්ධ
සාහිත්‍යයෙහි සඳහන් වන ජාතක කතාද මෙම බිතු සිතුවම්වලින් නිරූපණය කර තිබේ. එම බිතු
සිතුවම් ඉතාමත් නිර්මාණශීලී මෙන්ම තාත්වික භාවයෙන්ද යුක්ත බව මේ පිළිබඳ
විචාරකයින්ගේ මතය වන්නේ ය.
‘අජන්තා බිතුසිතුවම් ඇති ලෙන් අතරේ අංක 9 දරන ලෙන සුවිශේෂ වන්නේය. මෙහි සද්දන්ත
ජාතකය, බිතුසිතුවමට නංවා ඇත. මෙම බිතුසිතුවම් වලින් ගුප්ත රාජ යුගය ගුප්ත රජවරුන්
රජකළ (ක්‍රිස්තු වර්ෂ පහ, හය ( 5 – 6) සියවස්වලට අයත් වන බිතු සිතුවම් ඉතා විශිෂ්ට
මෙන්ම නිර්මාණාත්මක බිතුසිතුවම්වලට අයත් වන්නේ ය. එම යුගයට අයත් බිතුසිතුවම් අජන්තා
ලෙන්වල මෙන්ම මධ්‍ය ඉන්දියාවේ භාජා ලෙන්වල දැකිය හැකි ය.
(2500 Years of buddhism – prof p.v bapat p 288 – 289
- India - 1956 )
කි‍්‍රස්තු වර්ෂ පස්වන සියවසේ දී සාදන ලද අංක 1 දරන ලෙන් විහාරය වාස්තු විද්‍යාත්මක
ලෙසින් (ගෘහ නිර්මාණ අනුව) ඉතා විශිෂ්ට එකක් බව ප්‍රකටය. මෙම ලෙනෙහි ඉදිරිපස අලංකාර
ලෙස නිර්මාණය කර ඇති අතර සාලයේ තිබෙන කුළුණු හයෙන් එහි අලංකාරය තවත් වැඩි වී තිබේ.
එහි ඇති විසිතුරු දොරටුවෙන් ඇතුලු වූ පසුව විශාල ශාලාවක් හමුවෙයි. එම ශාලාවට
ප්‍රවේශවීමට පළමුව විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හමුවේ. එම ශාලාවේ තුන් පැත්තකම
කුඩා කාමර පේළියකි. ඉහතින් සඳහන් කළ විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ අසල පස්වග
මහණුන්වහන්සේලා මූර්තිමත් කර තිබේ. ධර්ම චක්‍රය මැදින් සිටින සේ මුවන් දෙදෙනෙකු ඒ
දෙපස සිටින සේ මූර්තිමත් කර ඇත. මෙය බුදුරජාණන් වහන්සේගේ ධම්ම චක්ක පවත්වන සූත්‍රය
දේශනා කරන අන්දම නිරූපණ කරන මූර්තියකි. දකුණු පැත්තේ ඇති ස්තම්භයක මුවන් හතර දෙනෙකු
ඉතා නිර්මාණාත්මක ලෙසින් මූර්තිමත් කර ඇත. එහි විශේෂත්වය වන්නේ එම මුවන් සතර දෙනාටම
එකම හිසක් නිර්මාණය කර තිබීමයි. ඒ මුවන් සතර දෙනාටම එම හිස එක් එක් දෙස සිට බලන විට
ඒ හිස අයත් වන සේ මූර්ති ශිල්පියා නිර්මාණය කර ඇත.
(භාරත – ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 82 – 2006)
අජන්තා ලෙන් විහාරවලට අයත් 16 වන ලෙනෙහි ඉතා ප්‍රකට ජාතක කතාවක් වන වෙස්සන්තර ජාතකය
නිරූපණය කරන බිතුසිතුවම් ඉතා අලංකාර ලෙසින් නිමවා තිබේ. බුදුරජාණන් වහන්සේගේ
අසිරිමත් බුද්ධ චරිතයට අදාළ සිදුවීම් වූ මාරපරාජය, නාලාගිරි දමනය මෙන්ම සිදුහත් උපත
බුද්ධත්වයට පත්වීම මහා පරිනිර්වාණය ද මෙම අජන්තා ලෙන්වල දැකිය හැකිය. බුදුරජාණන්
වහන්සේගේ මහා පරිනිර්වාණය නිරූපණය කර ඇත්තේ මූර්තියක් මගිනි.
බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙක අතර දකුණු ඇලයෙන් සැතපී සිටින ආකාරයෙන් මෙම මුර්ති
නෙළා ඇත. ආනන්ද හා මහා කාශ්‍යප හිමියෝ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දැක වැළපෙන
ආකාරයද මෙහි මූර්තිමත් කර ඇත. සම්බුද්ධ පරිනිර්වාණ මංචකය ඉදිරිපිට වැළපෙන මහා සංඝයා
වහන්සේලා ද මෙහි නිරූපිතය. මෙම මූර්ති ඵලකයට ඉහළින් දෙවිවරුන් මල් ඉසින ආකාරයද
මූර්තිමත් කර ඇත. එය අජන්තා අංක 26 ලෙනෙහි දක්නට ලැබේ.
(Discourse in early Buddhist art visual narratives of India – by vidya dehejia –
1996 – p – 235 – India )
තෙමඟුල අනුස්මරණය කෙරෙන වෙසක් පුර පසළොස්වක දිනයේ දී ඉතිහාසයෙහි සඳහන්වන විජය
කුමාරයා ලංකාවට සිය පිරිස සමඟ පැමිණීමද අජන්තා ලෙන් අංක 17 හි නිරූපණය කර ඇති අන්දම
දැකිය හැකිය. නැවක් මුහුදු බත් වීම නිසා වෙළෙඳුන් පන්සියයක් සමඟ පැමිණි කුමාරයා
ගොඩබැසීමත් වෙස්වලාගත් රූමත් කාන්තාවකගේ ග්‍රහණයට ඔවුන් හසුවීමත් මෙසේ චිත්‍රයට
නංවා ඇත.
ඉතා තාත්වික අන්දමින් චිත්‍රයට නංවා ඇති මෙම සිදුවීමට අයත් යාත්‍රා වෙරළ සහ නැටුම්
දක්වන පිරිසද ඇතුන් සහිත පෙරහරක්ද අවසානයේ අභිශේකයක්ද සිතුවම්වලට නංවා තිබේ.
|