සොඳුරු බක්මහේ අවුරුදු සිරි
නිකදලුපොත කලටුවාගම
රාජ මහා විහාරාධිකාරී,
කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානාධිපති,
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
උතුරාවල ධම්මරතන හිමි
අප්‍රේල් මාසය සිංහල ක්‍රමයට ‘බක්’ මාසයයි. ‘බක්’ මාසය යන්නෙහි තේරුම සෞභාග්‍ය,
ඓශ්වය¸ය, සමෘද්ධිය, සම්පත්තිය යන්නයි. බක් මාසයේ ගස් වැල් කොළලයි. මලින් බර වෙයි.
පල හට ගනියි. එරබදු ගස් රතු පාටින් කජු ගස් කහ රතු පාටින් කජු පුහුලන් වලින්
බරවෙයි. බක් මාසය එළඹි බව ලොවට කියයි.
ගස් වැල් එසේ නව පණලබද්දී ගිරා සැළලිහිණි කොවුල් ආදී සියොතුන් අඹ, දඹ, වැළ, වරකා
ආදී ඵල රසයෙන් කුල්මත් වෙයි. කොවුලන්ගේ ගීත මිහිර ගම් දනව් සිසාරා රැව්දෙයි. ළමා
ළපටියෝ පී‍්‍රති ඝෝෂා නගමින් සෙල්ලම් පිටි කරා දුවති. වෙල් ඉපනැල්ල වෙත දුවති.
වැඩිහිටියෝ වතු පිටි ගේ දොර සුද්ද පවිත්‍ර කරති. ගෙදර දොර පාට ගාමින්, දොර ජනෙල්
රෙදි දමමින් අලංකාර කරති. ඔවුහු අලුත් ඇඳුම් මසති. කෑමිබීම් සඳහා විවිධ වූ ධාන්‍ය
වර්ග රැස් කරති. අලුත් මැටි වළං ගෙන එති.
බක් මාසයේ එළඹෙන අවුරුද්ද බොහෝ දෙනෙක් සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස සළකති. එයට
හේතුව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හෙවත් සිරිත් විරිත් පැරණි හින්දු චාරිත්‍රයනට
අනුකූලවද සකස් වී ඇති නිසයි. අවුරුද්දක් ප්‍රධාන කොටස් තුනකි.
පරණ අවුරුද්ද
පුණ්‍ය කාලය හා
අලුත් අවුරුද්ද ලෙසය.
පොළව සූර්යා වටේ රවුමක් ගොස් මීන රාශියකට පැමිණි පසු එයින් ලැබෙන රැස් අවසන්වීමට
ළඟා වූ විට දෛනික ජීවිතයේ කරගෙන ආ වැඩ කටයුතු බොහෝ දෙනෙක් අවසන් කරති.
සූර්යයා, ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයායි. සූර්යාලෝකයෙන් ආකර්ශනය, පිරිසුදුකම,
ජීවය ලැබේ. එසේ වැඩකටයුතු අවසන් කිරීම පරණ අවුරුදු ලෙස හඳුන්වා ඇත. මීන රාශියේ
අන්තිම අංශකයේ අන්තිම කොටසින් ඉරුරැස් වැටෙන කාලයත් මේෂ රාශියේ මුල් අංශකයේ මුල්
කොටසින් ඉරුරැස් වැටෙන කාලයත් දෛනික ජීවිතයේ වැඩ කටයුතු සඳහා යෝග්‍ය නොවේ. එනිසා එම
කාලය නොනගතය ලෙස සලකති. එම අවස්ථාව වැඩ කටයුතු කිරීමට සුදුසු නොවේ. එම කාලය පුණ්‍ය
කාලයයි.
නොනගතය හෙවත් පුණ්‍ය කාලයේ පින් දහම් කරමින් සිටින විට නැවත නැකැත් එළඹේ. නැවත වැඩ
කටයුතු කළ යුත්තේ සුබ මොහොතකටයි. ඒ ආරම්භ වන සුබ මොහොත අලුත් අවුරුද්ද ලෙස සලකනු
ලැබේ. අලුත් අවුරුද්ද සමරනුයේ ලිප් බැඳ ගිනි මොලවා ආහාර පිස, අනුභව කොට, වැඩ ඇල්ලීම
හා ගනුදෙනු කිරීමෙනි. හිසතෙල් ගෑම, ස්නානය, රැකී රක්ෂා සඳහා පිටත්වීම අලුත්
අවුරුද්දේ එළඹෙන නව නැකැත් අනුව සිදු කරති.
රාජ රාජ මහාමාත්‍යාදීන් පවා අලුත් අවුරුදු උත්සව පවත්වා ඇති බව ඉතිහාසය තුළින්
පැහැදිලි වේ. අලුත් අවුරුදු උත්සවය ජාතික, ආගමික හා සංස්කෘතික අතින් ඉහළ තැනක්
ගන්නා උත්සවයකි.
අවුරුදු උත්සව සමයේ බොහෝ දෙනෙක් විවිධ වූ ක්‍රීඩාවල යෙදෙති. එමඟින් විනෝදාස්වාදය
ලබති. ගම්බද මෙම ක්‍රීඩා අතර ප්‍රධාන තැනක් ගන්නේ රබන් ගැසීමයි. ඒ සඳහා දක්ෂ
කාන්තාවෝ සිටිති. රබන් පද විනෝදාස්වාදය ලබන්නට ගොතා ඇත. මේ එවැනි රබන් පද පන්තියකි.
වත්තේ නැන්දගෙ රෙද්දෙ තුත්තිරි සිද්ද පත්තිනි දෙයියනේ
තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත් තිත්තමයි හැම දෙයියනේ
රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චි
ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චි
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
වණ්ඩු දෙකක් උඩ පිට්ටු දෙකක් ඇත
තුඹ ගැට තුඹ මල් දෙන්න කැකිරි මල්
බිසවට දෙන මල් මහෙ ගෙන රඹ මල්
අලුත් අවුරුදු සමයේ නෑ, නො නෑ හැම දෙනාම එකතුව සතුට පිණිස කරන ක්‍රීඩා රැසකි.
දාම් ඇදීම, ගල් කෙටීම, කජු දැමීම, ඔළිඳ කෙළිය, පංච කෙලිය, ඒ අතර ප්‍රධාන වේ.
වැඩිපුර මේ ක්‍රීඩාවල යෙදෙන්නේ කාන්තාවෝ වෙති. තරුණ, ළමා ළපටියෝ අතර ජනපි‍්‍රය
ක්‍රීඩා ලෙස.
එල්ලේ ගැසීම, තාච්චි පැනීම, ගුඩු පැනීම, ඔංචිලි පැදීම, අඹ ඇට පැනීම, කැට ගැසීම,
කණාමුට්ටි සෙල්ලම යන ක්‍රීඩා අදත් ගම්බද සිදු කරති. විශාල පිරිසක් සතුටු වෙති.
වත්මන් ලංකාවේ මෙම ක්‍රීඩා නවීකරණය වී ඇති බවක් පෙනේ.
බයිසිකල් තරඟ (ගැහැනු, පිරිමි) කාර් රේස්, යතුරුපැදි තරඟ, අශ්ව රේස්, අලි රේස්,
ගී‍්‍රස් ගහේ නැඟීම, අලියට ඇස තැබීම, පොල් අතු විවීම, පොල් ගෑම, බනිස් කෑම, ගම හරහා
දිවීම, හැන්දේ දෙහි ගෙන යෑම, ඉදිකටුවට නූල දැමීම, විල්බැරෝ පැදීම, හිමිහිට දිවීම,
දඟර නැටුම් ලෙසිනි.
පුරාණ ලංකාවේ මල්ලව පොර, ද්වන්ද පොර, කඩු හරඹ, පොලි හරඹ, ඇත් පොර, හා පොර කුකුල්
පොර ආදී සටන්කාමී තරඟ තිබූ බව ඉතිහාසය කියයි. ලක්දිව සමහර තැනක දක්නට ලැබෙන කැටයම්
මූර්ති කලාවන්ගෙන් ඒ බව ස්ඵුට වේ. අවුරුදු කුමර කුමරී තේරීමද මෙකල දක්නට ලැබෙන තවත්
ක්‍රීඩාවකි.
අවුරුදු සමයේ අමුත්තෝ පැමිණෙති. ගෘහණියෝ අමුත්තන්ට ආහාර පාන වලින් සංග්‍රහ කරති.
කතා බහ කරති. වැඩිහිටි අයට බුලත් හුරුලු දී දින තුන්සිය හැට පහකදී සිදු වූ වැරදි
ක්ෂමා කර ගනිති. ගෙයින් ගෙට ගොස් අලුත් අවුරුදු සමයේ හොඳ සිත වර්ධනය කර ගනිති. සුව
දුක් විචාරති. මේ නිසා ඔවුනොවුන් අතර සමඟිය සාමය හා සමාදානය ඇතිවේ.
අලුත් අවුරුද්දේ තවත් උත්සවයක් වන්නේ හිස තෙල් ගෑමයි. දින තුන්සිය හැට පහකට නිදුක්
නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ගෙවල් දොරවල් වල හෝ ආගමික ස්ථාන මුල් කොට හිසතෙල්
ගෑම ලක්වැසියෝ නැකත් අනුව චාරිත්‍රානුකූලව සිදු කරති. මේ සඳහා ආගමික නායකයෝ පෙරමුණ
ගනිති. අනතුරුව ලැබෙන සුබ මොහොත නැකැත අනුව කිරිබත් අනුභව කොට තම තමන්ගේ රැකී රක්ෂා
කටයුතු සඳහා පිටත්ව යති. මේ සිංහල අලුත් අවුරුද්ද ඔබට යහපතක්ම වේවා යනු අපගේ
සතුටයි. |