දේශමාමක විරුවන් දේශද්‍රෝහීන් කර තිබූ වැරැදි තීන්දුව නිවැරැදි
කිරීම ඓතිහාසික අවස්ථාවක්
ඌව වෙල්ලස්ස සටනේ නායකයන් ජාතික විරුවන් ලෙස නම් කරන ලද
ගැසට් පත්‍රයට අත්සන් තබමින් ජනපති කියයි
රටේ අඳුරු යුගයක සිදු වූ බරපතළ වැරැදි තීන්දුවක් නිවැරැදි කිරීමේ ඓතිහාසික කටයුත්ත
වත්මන් රජය සිදුකළ බවත් එය දේශප්‍රේමීන් දේශ දෝහීන් කරමින් රටේ අභිමානයට අවමන් කළ
සංසිද්ධියක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
තිස් වසරක යුද සමයේ රට වෙනුවෙන් සටන් වැදුණු සියලු ආරක්ෂක හමුදා පොලීසිය ඇතුළු
විරුවන් දේශප්‍රේමීන් බවද මෙවැනි අවස්ථාවක ඔවුන්ට ජාතියේ අභිමානය පිරිනැමිය යුතු
බවද ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ මහනුවර ඓතිහාසික මගුල්මඩුවේදී ඉකුත් දා (01) පැවැති ඌව
වෙල්ලස්ස නිදහස් අරගලයට නායකත්වය දුන් විරුවන් අසූ දෙදෙනෙකු ජාතික විරුවන් ලෙස නම්
කිරීමේ ගැසට්පත්‍රය අත්සන් තබමිනි.
ඉතිරිය»
ජාත්‍යන්තර වෙසක් උත්සවය
මෙරටදී පැවැත්වීමෙන්
ලොවට පණිවුඩ රැසක් දිය හැකියි - මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි
බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි සඳහන්වන සමාජ සාධාරණත්වය සහ එයින් ගොඩනඟා ගත හැකි
තිරසාර ලෝක සාමය තේමාව කරගත් ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙරටදී පැවැත්වීමෙන් ලෝකයට
පණිවුඩ රැසක් ලබාදිය හැකි මහඟු අවස්ථාවක් උදා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර
වෙසක් දින සැමරීමේ ජාත්‍යන්තර සංගමයේ උප සභාපති සහ එක්සත් ජාතීන්ගේ සංගමයේ
අධ්‍යාපනික, සාමාජික හා විද්‍යාත්මක සංගමයේ (යුනෙස්කෝ) බෞද්ධ කටයුතු පිළිබඳ නියෝජිත
මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ පැවැසූහ.
ඉතිරිය» සිරිපා වන්දනාව
ත නිරාමිස සුවය සඳහා ශ්‍රී පාදස්ථානය වාර්ෂිකව වන්දනා කෙරෙන අතර ඒ සඳහා
ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් සිරිපා කරුණා කරන සියලු වන්දනාකරුවන් මහත් ඇප කැපවීමෙන්
පැමිණීම අගයනු ලැබේ. සම්බුදු පා පහස ලද සමනල ගිර පිළිබඳව ශ්‍රී පාදස්ථානය, පලාබත්ගල
විහාරය, නල්ලතන්නිය, බෞද්ධා-රාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරය, රත්නපුර
පොත්ගුල් රජ මහා විහාරය හා පැල්මඩුලු පුරාණ දාගැබ් රජ මහා විහාරය යන විහාරයන්හි
අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රත්නපුර
මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත
බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘බුදුසරණ’ සමඟ කළ
සාකච්ඡාවකි මේ. සබරගමු වැසි ප්‍රාදේශීය නායක රජෙක් වන සුමන සමන්
දෙවිතුමාගේ ගෞරවණීය ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේ පන්සිය නමක්
සමඟ වැඩමවා සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළහ. එදා සිට මේ ලක් දෙරණ
පාරිශුද්ධත්වයට පත්වුණි. මෙය සත්‍ය සිදුවීමක් වේ. එසේ නොවේ නම් මේතාක් වන්දනා
කරමින් ගෞරව දැක්වේද?
ඉතිරිය» ධර්ම දේශනාව: බුදු දහමෙහි භාවනා පිළිවෙත සහ අරමුණු
මේ වන විට බෞද්ධයා තුළ භාවනාව පිළිබඳව විශේෂ උනන්දුවක් ඇතත්,තථාගත බුදුරදුන් විසින්
අනාවරණය කොට දක්වා ඇති භාවනාව පිළිවෙත පිළිබඳ නිරවුල් හා පැහැදිලි අවබෝධයක් එහි
යෙදී සිටින බොහෝ දෙනා තුළ දක්නට ඇති බවක් නොපෙනේ. භාරතීය ආගමික ඇතැම් සම්ප්‍රදායන්
තුළ ද භාවනා නමින් හඳුන්වන ලබන චිත්ත සමාධිය සඳහා ඉවහල්වන චිත්තේකාග්‍රතා විධි
ක්‍රමයන් පිළිබඳ ඉගැන්වීම් විශේෂයක් ඇති අතර භාරතීය යෝගාභ්‍යාස ශාස්ත්‍රය ඒවා අතර
ප්‍රමුඛස්ථානයක් ගනී. එවැනි බොහෝ ඉගැන්වීම් භාරතීය ආගමික චින්තනයෙහි ප්‍රධානතම මූල
සාධකයක් වූ ‘ආත්මවාදය’ පසුබිම් කොට සැකසී ඇති බව කිව යුතුය.
එසේම නිර්මාණවාදී, දේව සංකල්පය පදනම් කොටගත් ආත්මවාදී චින්තනය අනුව සැකසී ඇති
පිළිවෙත් ක්‍රම ද බුදුදහමෙහි දැක්වෙන භාවනාමය අරමුණු හා කිසිසේත් එකඟ නොවන බව සඳහන්
කළ යුතුය.
ඒ අතර බුදුදහම ඇතුළු ඇතැම් භාරතීය ආගමික සම්ප්‍රදායන් විසින් උගන්වනු ලබන චිත්ත
භාවනා හා යෝග විධි ක්‍රමානුගතව සැකසී ඇති කායික හා මානසික අභ්‍යාසමය විධික්‍රමයන්
ඔස්සේ කරනු ලබන පර්යේෂණයන්ට අනුගත වෙමින් කායික හා මානසික ඇතැම් රෝග නිවාරණයෙහි ලා
චිකිත්සක ක්‍රම විධියක් ලෙසද “භාවනාව“ ඉදිරිපත් කරනු දක්නට ලැබෙයි.
ඉතිරිය» |