|
සුනන්දාරාම මහා විහාරය
ගාල්ල බෙලිගහ – කරාපිටිය මාර්ගයේ ගමන් කළ විට හමුවන කරාපිටිය ග්‍රාමයෙහි 1770
වසරේදී ආරම්භ කරන ලද පුරාණ සුනන්දාරාම මහා විහාරය පින් සිත් සනසන සැමට සෙත සලසන
පින් කෙතකි. එකල බෝධීන් වහන්සේ පමණක් මුල්කොටගෙන කිරින්දේ රතනසාර නා හිමියන්ගේ
නායකත්වයෙන් විහාරස්ථානය බිහි කොට ඇත.
විහාරස්ථානය තුළ හෙළ වාස්තු විද්‍යා සම්ප්‍රදායේ උඩදා ගෙයක් සහිත ඉපැරණි බුදු
මැදුරක් මීට වසර දෙසිය හතළිස් හයකට පෙර දී ඉදිකොට ඇත. මෙය නුවර යුගයට අයත් චේතිය
සම්ප්‍රදායකි. ඊට යාබදව ඉදිකොට තිබූ දැනට දක්නට නොමැති ආවාස ගෙයක වැඩ සිටිමින් එම
කටයුතු 1869 දී නිමකොට ඇත්තේ තෙලිකඩ සරණපාල නා හිමිපාණන්ගේ කාලයේදීය. මෙය වත්මන්
පුරා විද්‍යා ස්මාරකයකි.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන
දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන
දා සිකුරාදාය.
මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|