|
|
(වම) ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි.
(දකුණ) 26 වන දා සිසු අයිතියට පැවරීමට නියමිත
වූ තෙමහල් පාසල් ගොඩනැගිල්ල. |
|
|
නැණ පහන් දැල්වීමට
සෙවණ හදන මහ යතිවරයාණෝ
පන්නිල ආනන්ද නාහිමියන්ගේ පාසල් ගොඩනැගිලි ඉදිකරවීමේ ව්‍යාපෘතිය යටතේ කිරිඳිවැල
සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල දැනට ඉදිවෙමින් පවතී. අලවල මහා
විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලද ඉදිවෙමින් පවතී. එමෙන්ම ඉකුත් වසරේ දී මුල්ගල
තබන ලද වේයන්ගොඩ ශාන්තමරියා විද්‍යාලයේ ගණිත හා විද්‍යාගාර ගොඩනැගිල්ල ද මේ වන විට
ඉදිකරමින් ඇත. එමෙන්ම තිහාරිය අල් අස්හාර් මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලද
ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් දැනට ඉදිවෙමින් පවතී.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන
දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන
දා සිකුරාදාය.
මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|