බුදු ගුණ කැටිකළ
බොදු සිනමා ගී
ආචාර්ය
ප්‍රණීත් අභයසුන්දර
දෙසැ 15
නෙළුම් පොකුණේදී පැවැත්වෙන
33 වැනි සරසවිය සම්මාන උළෙල නිමිත්තෙනි
සිංහල සිනමාවේ ජාතක කථා වස්තු, බෞද්ධ සාහිත්‍ය මෙන්ම ස්වතන්ත්‍ර බෞද්ධ කථා වස්තූන්
ද තේමාකොට නිර්මාණය වූ කෘතීන් කීපයක් අපට දැක ගත හැකිවී තිබේ. ඇතැම් චිත්‍රපට අපේ
දෑසින් නැත. විසිවැනි සියවසේ දියුණුවට පත්වූ කථාව, කවිය, ගීතය, නැටුම් , සංගීතය,
රඟපෑම, තාක්ෂණය, කැමරාව, ශිල්පීය භාවය කලාව හා කර්මාන්තය එකට කැටිකළ ආකර්ෂණශීලි
මාධ්‍යය සිනමාවයි. එහිදී රූපය හා ශබ්දය ප්‍රධාන වෙයි.
හුදෙක් කාර්මික ක්‍රියාවලියක්ම පැවැති චිත්‍රපටය රස ජනනය කිරීමේ ශක්තියෙන් යුත් කලා
මාධ්‍යයක් බවට මුලින්ම සංවර්ධනය කළ තැනැත්තා ඇමරිකන් ජාතික ඩී.ඩබ්ලිව්.
ගි‍්‍රෆිත්ය. එදා මෙදා තුර ලෝකයේ දහස් ගණන් චිත්‍රපට නිෂ්පාදනය වී ඇත. ධනායෝජන
නිධානයක් වූ චිත්‍රපට කලාව කර්මාන්තය ලංකාවේද ප්‍රචලිත වූ යේය. මේ තිරයේ වැටෙන හා
එකම මායාව තුළ පේ‍්‍රක්ෂකයෝ ගිලී ගියහ. මිනිසුන්ගේ හිත්වල පවතින කෙලෙසුන් නිසා
මැවෙන බොල් සිතුවිලි සිහින බවට පෙරළා ඒ මගින් ඔවුන්ගේ මනදොළ පිනවීමේ බොළඳ ක්‍රියාව
තවම සිදුවේ.
චිත්‍රපටය හැදෙන්නේ ඇසේය. මනස හා සම්බන්ධවන මොලය සංජානනය .මේ හා බැඳී ඇති
ක්‍රියාවලියයි. මැජික් ලන්තෑරුම් නමින් මුල්කාලයේ ප්‍රචලිත මේ යන්ත්‍රෝපකරණය මගින්
ගම් නියම් ගම්වල දේශනා හැඳින්වීමේදී අනගාරික ධර්මපාලතුමා මෙන්ම පසු කලෙක
බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර තුමාද මහත් ප්‍රයෝජන ලැබීය. ඒ මහජනතාව තුළ සැදැහැ
ගුණ නැංවීමට වෙහෙර විහාර සිද්ධස්ථානවල නිශ්චල ඡායාරූප පෙන්වීමෙනි. වර්තමානය වන විට
පරිගණකය ආශි‍්‍රතව සිනමා කර්මාන්තය අති දැවැන්ත සංවර්ධනයක් ලබා ඇත. මේ සිනමා කලාවේ
ප්‍රයෝජන දුටු වී අයි.ලෙනින් නායකයා රුසියානු සමාජය තුළ සමාජවාදී අදහස් වැපිරීමට
චිත්‍රපට උපයෝගී කොට ගත්තේය.
වෙසක් උත්සව සමයට කොළඹ මෙන් ඇතැම්විට තදාසන්න නගරවල බෞද්ධ චිත්‍රපට පෙන්වනු ලැබේ.
අපි බාල සන්ධියේ පටන් එබඳු බෞද්ධ කතා වස්තූන් අන්තර්ගත චිත්‍රපට නරඹා ඇත්තෙමු.
රූපවාහිනිය ලාංකික සමාජයට පැමිණියේ 1979 න් පසුවය. රූපවාහිනිය බිහිවූයේ 1940
ගණන්වලය. මුලින්ම ලංකාවේ තිරගත වූ චිත්‍රපටය කඩවුණුපොරොන්දුවයි. අතිවිශාල තිරයක
දර්ශනය වන රූප හා සවනට ඇසෙන හඬ දෙබස් කථනය, ගීත සාමාන්‍යයෙන් රූපවාහිනී කුඩා තිරයේ
දුටු දෙයට වඩා මිනිස් මනසේ රැඳී පවතී. අපේ සිනමාව ඇරඹෙන්නේම දකුණු ඉන්දීය ආභාෂයෙනි.
මේ කියන ලෝකයේ වැඩිපුරම භාවිත කෙරෙන්නේ කාමෝද්දීපන හා ප්‍රචණ්ඩත්වයයි. වීරයෙක්
සිටී. දුෂ්ටයෙක් සිටී. ගැටුමක් ඇත. අවසානයේ වීරයා දිනයි. මේ සරල සූත්‍රයට එහා ගිය
උතුරු මිනිස් දහම් රූපණය කිරීමට චිත්‍රපටය යොදාගත් අවස්ථා නැතුවාම නොවේ. අංගුලිමාල
චිත්‍රපයටයේ භාරතීය ගායක මන්නාඩේ ඇතුළු ශිල්පීන් ගැයු බුද්ධං සරණං ගච්ඡාමී ගීතය
කරුණාරත්න අබේසේකර විසින් සිංහලෙන් රචනා කොට මොහිදින් බෙග් ඇතුළු පිරිස ගැයූ සිංහල
දෙබස් කැවූ චිත්‍රපටයේ ඇතුළත් විය. දශක ගණනාවක් තිස්සේ ඉන්දියානු භජන් ශෛලියේ එම
ගීතය බෞද්ධ උත්සවයන්හි අපට නිතර ඇසෙයි. ග්‍රැමෆෝනයේ මෙන්ම ඇතැම්විට බෞද්ධ තේමා
රැගත් චිත්‍රපටවල බුදුගුණ බුදුදහම සම්බන්ධ ගීත ගායනා කළේ ශ්‍රී ලාංකික බෞද්ධ නොවන
ගායක ගායිකාවන් විසිනි. මෙය ඉතාමත් අගය කළ යුතු වන්නේ අද අප රටේ වාද භේද කල්ලි,
ලබ්ධි ගැටුම් බාහිරවත් අභ්‍යන්තරිකවත් දැකිය නොහැකි බැවිනි. එම ගායක ගායිකාවන්ට
ජාතිභේද ආගම් භේද නොතිබුණි. ඔවුහු ඉතා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් රසික හදවත ආලෝකය වන
පරිදි එම ගීත ගයා ඇත. රන් මුතුදූව චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලියු
පාරමිතා බලපූරිත පූජිත බුද්ධ දිවාකාරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකාරයානෝ
සැනසෙමු පුදදී මුනිසිරිපාදේ
පිහිනමු පිහිනමු බුදුගුණ මූදේ
මේ ගීතය අපරිමිත ජනාදරයට ලක් වූ ගීතයකි. මේ ගීතය ජනයා අතරට පැමිණෙනුයේ චිත්‍රපට
මාධ්‍යයෙනි. පසුව සෑම සමාජ ස්තරයකට විවිධ මාධ්‍ය ඔස්සේ පතළ විය.
සාදර කරුණා දයා ගුණේ කෝ
කොහේ ගියාදෝ ගියේ කොහේදෝ
සාගරයෙත් නෑ ගංගා වෙත් නෑ
බැලු බැලු ආ ගිය කොතැනත් නෑ
හා සංයෝගා වියෝ ගාන්ථා
බුදුන් වදාළේ මේක නිසාදෝ
අමරදේවයන්ගේ සංගීතයට රුක්මණීදේවි ළා දළු චිත්‍රපටයේ ගැයු ගීතයයි. මෙහිදී අනිත්‍යතාව
ලෝක ධර්මතාවයක් බව චිත්‍රපටයේ සමස්තය කුළුගන්වා ගීයෙන් විශද කරයි.
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැපදුක සමබර වේ
මේ ජීවන කතරේ
සැප දුක සමබර වේ අටලෝ දහම සිහි කරමින් සිකුරු තරුව චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න
මානවසිංහ ලියූ සුප්‍රකට ගීතයකි. අමරදේව ගායකයාණෝ මේ ගීතය ගැයූහ. එම චිත්‍රපයටම නාරද
දිසාසේකර ගැයූ
ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මං තලේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ
ගීතය ද බෞද්ධ දර්ශනය, ධර්මය වටහා ගැනීමට සැදැහැ ගුණ නුවණ නැංවූ ගීතයකි. ඒ ගී
සංගීතවත් කළේ ආර්. මුත්තුසාමිය. මහගමසේකර රන්සළු චිත්‍රපටයට ලියූ
සිරිපා පියුමේ
රොන්සුනු තැවරී
වෙනස් ආකාරයේ බෞද්ධ ගුණ සුවඳ මුසුවූ ගීයකි.
මඩවල ඇස් .රත්නායක පටාචාරා චිත්‍රපටයට ලියූ අමර දේවයන් ගැයූ
තණ්හා ආශා ඔලොගු කරේලා
ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සාමා චිත්‍රපටයට ලියු
ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා (දේවානන්ද වෛද්‍ය සේකර) සුළවත් හදේ මතක
සටහන් වී තිබේ. දෙසියයන්ගේ රටේ, සිරිපතුල, අජාසත්ත, සැනසුම කොතැනද, සසර චේතනා,
අධිෂ්ඨාන, විරාගය උප්පලවණ්ණා, පත්තිනි වැනි චිත්‍රපට කීපයක් මගේ මනසේ මැවෙයි.
සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා (අමරදේව)
ධර්මසිරි ගමගේ, පේ‍්‍රමසිරි කේමදාස )
අම්මාවරු නේ සම්මා සම්බුදු
අම්මාවරුනේ (ධර්මසිරි ගමගේ විශාරද නන්දා මාලනී , ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස) බෞද්ධ
දර්ශනය බෞද්ධ සංස්කෘතිය පිළිබඳ සැදැහැ ගුණ නුවණැස දැල්වීමට නිර්මාණ කාර්යයෙන් දායක
වු කීපදෙනෙකි. සැකෙවින් අප සිතට ගත යුත්තක් නම් බුදුදහම පහදාලීමට චිත්‍රපට මාධ්‍යය
මෑත යුගයේ සාධනීය මෙහෙවරක් කළ බවයි. |