ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ
ත්‍යාග ප්‍රදානෝත්සවය 27 දා
ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතන ධර්ම විද්‍යාලයෙහි 2015 ත්‍යාග ප්‍රදානෝත්සවය
නොවැම්බර් 27 දින විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි
නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. ළමයින් දහසක් පමණ සිංහල හා ඉංගී‍්‍රසි
මාධ්‍යයන්ගෙන් අධ්‍යනය හදාරණ එම ධර්ම විද්‍යාලයෙහි කණිෂ්ඨ අංශයේ ත්‍යාග
ප්‍රදානෝත්සවය ගල්කිස්ස, වටරප්පල පාරේ පදිංචි චමත්ද සිල්වා මහතා සහ එම මහත්මියගේ
අනුග්‍රහයෙන් එදින පෙරවරු 08.30 සිට පැවැත්වේ. සම්පත් බැංකුවේ සභාපති චන්න
පලන්සූරිය මහතා විශේෂ ආරාධිතයෙකු වශයෙන් සහභාගිවන එම උත්සවයේ මුලසුන ශ්‍රී ලංකා
අමරපුර මහා නිකායේ අනුනායක, ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය අග්ගමහා
පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් විසින් උසුලති.
ඉතිරිය»
බුදු දහමේ පණිවුඩය ලොවට ගෙන යෑමට
බෞද්ධ සිනමාවට කළ හැකි මෙහෙවර සුවිශාලයි
බෞද්ධ සිනමා ඉතිහාසය 1952 තිර ගත වූ ‘සිරිසඟබෝ’ චිත්‍රපටය දක්වා ඈතට දිව ගියද, අපේ
රටේ බෞද්ධ චිත්‍රපටයන්හි එතරම් පොහොසත් නිර්මාණ කලාවක් දැකිය නොහැකිය. බෞද්ධ
සාහිත්‍යයේ එන චරිත සහිත සිනමා පට, ජාතක කතා ඇසුරින් කරන ලද හා බෞද්ධ තේමා ඇසුරින්
කළ චිත්‍රපට ලෙස අංශ කිහිපයකින් බෞද්ධ සිනමාව නිර්මාණය වී ඇති ආකාරය පැහැදිලිය.
‘සිරිසඟබෝ’ ඉතිහාසයෙන් ගත් චරිතයක් වුවද ඔහු පිළිබඳව ගෙතී ඇති සියලු කතා බහ බෞද්ධ
ස්වරූපයක් ගන්නා නිසා එය මුල්ම බෞද්ධ සිනමා කෘතිය ලෙස සැලකිය හැකිය. එහෙත් සිරිසඟබෝ වාණිජමය වශයෙන් මෙන්ම කලාත්මක බව අතින්ද සාර්ථක වූයේ නැත. 1964 වසරේ
තිරගතවූ ‘පටාචාරා ‘ , 1978 වසරේ නිෂ්පාදිත, ‘කුණ්ඩලකේශී’ 1981 නිර්මාණය වූ
‘අජාසත්ත’ ආදී සිනමා පටයන්ට විෂයය වී ඇත්තේ බුද්ධ කාලීන භාරතීය සමාජයේ ජීවත් වූ
චරිතය. ඒ අතරින් ‘අජාසත්ත’ බොක්ස් ඔෆිස්’ වාර්තා තැබූ සිනමා කෘතියකි. මේ එකදු
චිත්‍රපටයක් හෝ කලාත්මක අගයක් ඇති ඒවා ලෙස හඳුන්වා දිය නොහැකි වුවද ‘අජාසත්ත’
වාණිජමය වශයෙන් ඉතා සාර්ථක විය. පිය , පුතු සම්බන්ධය අනුවේදනීය ලෙස ඉදිරිපත් වී
තිබීම ඊට හේතු වන්නට ඇත. එහෙත් ‘පටාචාරා’ චරිතය ඊට වඩා අනුවේදනීය වුවද වාණිජමය
වශයෙන් සාර්ථකත්වයක් ලැබීමට නොහැකි විය.
ඉතිරිය»
ධර්ම දේශනාව: ජීවිතය සැපවත් කරන
අරපිරිමැස්ම
බුදුන්වහන්සේ දේශනා කළ ධර්ම දේශනා අතර ලෞකික ජීවිතයෙහි සාර්ථකත්වය උදෙසා වදාළ එක්
මාතෘකාවක් නම් අරපිරිමැස්මයි. මෙය බෞද්ධ සම්ප්‍රදායෙහි ඉතා ඉහළින් අගැයීමට ලක්වූවක්
බව බෞද්ධ සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් මැනවින් ප්‍රකට වෙයි. අධිපරිභෝජනවාදී හා
තරගකාරී ආර්ථික ක්‍රමයක් තුළට තල්ලු වී ගොස් සිටින ලෝකවාසීන් අරපිරිමැස්මෙන් තොරව
යන ගමන කොතැනින් නිමාවේදැයි සිතා ගැනීමට පවා බැරි තරම් ය. බුදුන් වහන්සේ තම
ශ්‍රාවකයින්ට යථාලාභ සන්තුෂ්ටිය අදාළ කරගත් අල්පේච්ඡ ජීවිතයක් නිර්දේශ කරන අතර
එවැනි බෞද්ධ ජීවන ක්‍රමයක් මත මිනිසා පමණක් නොව ගහකොළ, සතා සීපාවා මෙන්ම ජලය, භූමිය
වැනි පරිසර සාධක ද නොනැසී ආරක්ෂා වෙයි.
විශේෂයෙන් ම අරපිරිමැස්ම පිළිබඳ බුදුන් වහන්සේ තම භික්ෂු ශ්‍රාවකයින්ට වදාළ කරුණු
අතිශයින් ම වැදගත් වේ. මේ පිළිබඳ සුවිශේෂ සිදුවීම් රැසක් බෞද්ධ සාහිත්‍යයේ ද නො
අඩුව දක්නට ලැබේ. එයින් එක් අවස්ථාවක් නම් භික්ෂූන් වහන්සේගේ සිවුර සම්බන්ධයෙන්
බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ හා කොසොල් මහ රජතුමා අතර
ඇතිවන සංවාදය. මෙකී කතා පුවත ධම්මපදට්ඨ කතාවේ පහත පරිදි සඳහන්ව ඇත.
ඉතිරිය»
|