මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ශ්‍රී ලංකා පොලිසියේ සහභාගීත්වයෙන්
ලේක්හවුස් ආයතනය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා එක්ව මිහින්තලා
පුදබිමේ දී බිනර පෝදා පැවැත් වූ හතරවන කප්රුක් පූජාව ඉතා සාර්ථකව පැවැත්වීම පිළිබඳ
මහා සංඝ රත්නයේ ආශිර්වාදය පුද කරනවා යැයි මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර
වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ
සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණ වැවේ
ධම්මරතන නා හිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි 2016 පොසොන් පොහොය දින සිට නොකඩවා සෑම
පුර පසළොස්වක පොහොය දිනකම මිහින්තලා මහ සෑයට කප්රුක් පූජාවක් පැවැත්වීමට තීරණය කර
තිබුණි.
ඉතිරිය» කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදානය 24 වනදා
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සිංහල සාහිත්‍ය කමිටුව සංවිධානය කරන 2016 සමස්ත ලංකා ගද්‍ය,
පද්‍ය, රචනා, ගායනා, කථික හා චිත්‍ර අවසාන මහා තරඟයේ සහ පාලි අභිධම්ම විභාගයේ
ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
මහතාගේ සහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හිටපු සභාපති නොයෙල් විජේනායක මහතාගේ
ප්‍රධානත්වයෙන් මෙම මස 24 වනදා පස්වරු 2 ට කොළඹ තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී
පැවැත්වේ.
ඉතිරිය»
සියල්ල සිදුවන්නේ
කර්මය අනුවද?
කර්මය නම් යමක් කිරීමයි. කළ දෙයින් ලැබෙන ඵලය කර්ම විපාකය යි. ලෝකයා කර්මය වශයෙන්
සලකන ගොවිකම, වෙළෙඳාම, වෙදකම ආදිය මෙහි කර්ම වශයෙන් නො සැළකේ. බුදුදහම කර්මය
යනුවෙන් දක්වන්නේ සත්ත්වයා විසින් රැස් කරනු ලබන පින් හෝ පවය. හොඳ හෝ නරක සිතින්
කරනු ලබන ක්‍රියාකාරකම් ය. ඒවාට මුල් වන්නේ චේතනාවන් ය. හැඟීමක් සිතිවිල්ලක් නැතිව
කරන හෝ කෙරෙන ක්‍රියාවන්ගේ විපාකයක් නැත. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූල තුන මුල් වී
සිතින්,කයින් හෝ වචනයෙන් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාකාරකම් කර්ම වශයෙන්
දැක්වේ. ඒ අනුව කර්මයක් සැකැසීමේදී ලෝභ, ද්වේශ, මෝහය යන සිතිවිලි තුන ප්‍රධාන වන
බවත් ඒ චේතනාව ම කර්ම වශයෙන් ද දක්වා ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දැහැමි දිවිය සදයි සුවය
බුදුරජාණන් වහන්සේ විසින් තවත් සිව් මසකින් තමන් වහන්සේ පිරිනිවන් පානා බව දේශනා
කෙළෙන් දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ පිරිවරා අතනොහැර හැසිරෙන්නට වුණා.
ආර්යයන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වූ අතර අනාර්ය භික්ෂූන් හඬා වැළපෙන්නට වුණා. මේ
අතර ධර්මාරාම නම් භික්ෂුවක් මේ කිසිවෙකු සමඟ මුසු නොවී හුදෙකලාව ධර්මය මෙනෙහි
කරමින් වාසය කළා. මේ පිළිබඳ විවිධ භික්ෂූන් උන්වහන්සේ විමසා සිටියා. තමන් වහන්සේ
තවම පෘථග්ජන නිසා බුදුරදුන් ජීවමානව සිටියදීම රහත්වීමට අවැසි බවත් ඒ සඳහා ශ්‍රී
සද්ධර්ම දේශනා ආවර්ජනය කෙරෙමින් විමුක්ති සුවය ප්‍රාර්ථනය කෙරෙමින් වාසය කරන බවත්
පවසා සිටියා. භික්ෂූන් වහන්සේලා මේ බව බුදුරජාණන් වහන්සේට සැළකර සිටියා.
බුදුරජාණන් වහන්සේ ධර්මාරාම භික්ෂුව කැඳවා භික්ෂූන් සැළකර සිටි මේ ප්‍රශ්නය
විමසුවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම තවම අනාර්යයි, පෘථග්ජනයි. ඔබ වහන්සේ තව,
සිව් මසකින් පිරිනිවන් පානා බව සැළවුණා. එනිසා ඔබවහන්සේ වැඩසිටින මේ කාලය තුළදීම
කෙසේ හෝ රහත්ඵල ලැබීමේ අදිටනින් ශ්‍රී සද්ධර්මය ආවර්ජනය කෙරෙමින් දැඩි උත්සාහයක
නිරතව සිටින්නෙමැයි ප්‍රකාශ කළා.
ඉතිරිය»
පිරිත් දේශනාවෙහි සමාජ විද්‍යාත්මක පසුබිම
සංස්කෘත භාෂාවෙන් “පරිත්‍රාණ” යනුවෙන් ද පාලි භාෂාවෙන් 'පරිත්ත 'යනුවෙන්ද සිංහල
භාෂාවෙන් 'පිරිත්' යනුවෙන් ද හඳුන්වනු ලබන්නේ හාත්පසින්ම ආරක්ෂාව, පිළිසරණ සලසන්නා
වූ බවයි.
වර්තමාන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී පිරිත් දේශනාව විවිධ ආකාරයෙන් සමාජගතව
පවතින ආකාරය හඳුනා ගත හැකිය. ඒ අනුව වරු පිරිත්, ගිහි පිරිත් හා භික්ෂූන් වහන්සේලා
විසින් දේශනා කරන පිරිත් වශයෙන් වෙන්කොට දැක්විය හැක. එසේම විවිධ උත්සව අවස්ථාවන්
කේන්ද්‍ර කොට ගනිමින් සමාජයේ විවිධ ස්ථරවල බෞද්ධයන් ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි
පිරිත් සජ්ඣායනා කරවාගන්නා ආකාරය දැකිය හැකිය.
ඉතිරිය» |