UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය - සසර යහපතින් ජීවත්වීම සැමගේ ඒකායන අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය සම්පත් ප්‍රාර්ථනාවෙන් කෙනෙකුට ලබාගත නොහැකිවන අතර පිළිවෙතින් සරුබවටම හේතුවෙයි. දන්දීම දස කුසල්හි නිරතවීම හේතුවෙන් ම මේ සම්පත් ලබාගත හැකිය. ඒ සම්පත් මොනවාද?

පිළිතුර

අභිවාදන සීලිස්ස
නිච්චං වද්ධා පචායිනෝ
චත්තාරො ධම්මා වඩ්ඩන්ති
ආයුවණ්නො සුඛං බලං
ආයුෂ – වර්ණය, සැපය
කීර්තිය - දෙව්ලොව උපත

ප්‍රශ්නය – බුදු දහමට අනුව පංචස්කන්ධ විවරණයෙහි දී දුකෙහි ඉතා ගැඹුරු තැන් ද විවරණය වෙයි. ‘සංඛිත්තෙන පංච උපාදනක්ඛන්ධා දුක්ඛා’ යනුවෙන් එය දේශනාවෙහි දැක්වෙයි. ‘සංඛාර දුඞඛය’ මනාව වටහාගත හැකිවන්නේ ආර්යශ්‍රාවකයාට පමණි. ‘සංසාර දුඞඛයෙහි ස්වභාව හතරක් ඇත. ඒ මොනවාද?

පිළිතුර – දුකෙහි ඇති ඒ ස්වභාව හතර නම් මෙසේය.

01. පීඩන ස්වභාවය සිත කය රිදවන ස්වභාවය
02. සංඛත ස්වභාවය. කිසියම් හේතුවක් නිසා හටගන්නා බවය.
03. සංතාප ස්වභාවය නම් ගින්නකින් මෙන් නැවත නැවත දවන්නා වූ ගතියයි.
04. විපරිනාම ස්වභාවය නම් නැවත නැවත බිඳි බිඳී යන ගතියයි.

ප්‍රශ්නය – බුදුන් වහන්සේගේ අදහස අනුව රටක ඕනෑම කෙනෙකු පාලකයෙකු වීම සඳහා සුදුසුකම් නොලබයි. එසේ ම කිසියම් තැනැත්තෙකු පාලක සුදුසුකම් සපුරා තිබිය යුත්තේ පාලන තන්ත්‍රය ලබාගැනීමට පෙර විය යුතුයි. රාජ්‍ය පාලක හෙවත් පාලකයකු වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාදැයි පැහැදිළි කරන්න.

පිළිතුරු

01. උභතො සුජාතො

හත්මුතු පරපුරෙන්ම සූජාත වූ උපතක් තිබීම.

02. අඩ්ඩො මහද්ධනො

මහත් වූ ධනය ඇති බව

03. බලවා බලකායො

බලවත් හමුදාවක් තිබිය යුතුය

04. පරිණායකො පණ්ඩිතො

විචක්ෂණ නැණවත් අනුශාසකයෙකු සිටිය යුතුය.

05. යසො කීර්ති ඝෝෂාවක් පැවතීම

 

  නිකිණි අමාවක පෝය

 නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි. සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]