සතුට නඩත්තු කිරීම
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ගෞරවනීය ස්වාමීන් වහන්ස , ජීවත්වීෙමිදී සතුට අවශ්‍යම වන කාරණාවක්. එම සතුට ලඟා
කරගනිමින් සතුට නඩත්තු කරගන්නේ කෙසේද?
නඩත්තු කිරීම යන වචනය කතා කරනවිට සාමාන්‍යයෙන් අපගේ මතකයට නැගෙන්නේ නඩුවක් පිළිබඳව
අදහසක් හෝ වාහනයක් නඩත්තු කිරීම, ඇන්ජිමක් නඩත්තු කිරීම, නිවසක බ්ත්ති නඩත්තු කිරීම
,වහළ නඩත්තු කිරීම වැනි භෞතික ක්‍රියාකාරකමක් ලෙසයි. එසේ වුවත් සතුට නඩත්තු කිරීම
වැනි කාරණාවක් තිබිය හැකිද?සතුට නඩත්තු කරන්නේ කොහොමද? කියා හැඟෙනවා වගේම දැනෙනවා.
ඒත් සතුට නඩත්තු කරනු ලබන රටවල් ලෝකය තුළ ඕිනෑ තරම් තිබෙනවා. බොහෝ රටවල මිනිස්සු
සතුට නඩත්තු කරනවා. කියුබාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල සතුට නඩත්තු කරනවා
වගේම සතුට නඩත්තු කරනු ලබන ඇතැමි සමාජ හා කුල ගෝත්‍රද දක්නට ලැබෙනවා. ඔවුන් ජීවිතය
තුළ වැඩිපුරම සතුට නඩත්තු කරනවා මිස ගෙවල් දොරවල් නඩත්තු කිරීම එතරමි වැදගත් දෙයක්
ලෙස සිතන්නේ නැහැ. ගෙදරක සිටින සියලු දෙනාම එම ගෙදර නඩත්තු කළද, එක සමාජිකයකු එම
ගෙදර අවුල් කරමින් හැඩි කරනවා නම් නඩත්තු කිරීමේ තේරුමක් නැතිව යයි. ගෙදරක් නඩත්තු
කරගෙන යාමේදී එම ගෙදර තුළ සාමාජිකයන් දස දෙනකු
සිටිනවා නමි,එම දස දෙනාම එම ගෙදර
පිරිසුදු කළත් එක් අයෙකුට හැඩි කර දැමීමට පුළුවන් . එක් අයෙකුට ගෙදර අතුගාන්නේ නැති
ව සිටිය හැකියි. තවත් අයෙකුට කුස්සිය සුද්ධ පවිත්‍ර නොකර සිටිය හැකියි. එසේ වුණාට
සියලු දෙනාම පිරිසුදු කළත් ප්‍රතිලාභය සියලු දෙනාටමයි. පිරිසුදුකම පවුලේ සියලු
දෙනාටමයි. යමි කිසි නිවසක් අපිරිසුදු කරනු ලැබුවහොත් එම නිවසෙහි අපිරිසුදු කමත් එම
පවුලේ සියලුම දෙනාටමයි. පොකුණක් තිබෙනවා යැයි අප අනුමාන කළහොත් එම පොකුණ වෙටිට දස
දෙනෙකු වාඩි විී සිටිනවා නමි එම දස දෙනාම පොකුණෙන් ජීවත් වෙනවා නම්,පොකුණේ වතුර
බොනවා වුණාට එතන සිටින එක් අයෙකුට එම පොකුණට ගලක් ගසා පොකුණ බොරකළ හැකියි. එම ගල
ගැසූ නිසාම එම පොකුණේ වතුර බොරවූ විට දස දෙනාටම බීමට වන්නේ එම බොර වතුරයි. ඒ වගේ
යමි කිසි පවුලක් තිබෙනවා නම්, එම පවුලේ සතුට එම පොකුණ වගෙයි. පවුල පොකුණ වෙටි සිටිය
පිරිස වගෙයි. පොකුණේ ජලය සියලු දෙනාම සතුටින් බුක්ති විඳින්නා සේ පොකුණේ ජලය සියලු
දෙනාම සතුටින් බුක්ති විඳින විට එක් අයෙකුට බොරකළ හැකිවාසේ පවුලේ සියලු දෙනා සතුට
බුක්ති විදින විට පොකුණ බොර කළා සේ සතුට අසතුට බවට පත්කිරීමේ හැකියාව එක් අයෙකුට කළ
හැකියි. සතුට නඩත්තු කිරීම පවුලේ සියලු සාමාජිකයන්ගේ සාමූහික වගකිමක් සේම ඒකාබද්ධ
වගකීමක් වෙයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතුට නඩත්තු කිරීමට කළ යුත්තේ කුමක්ද?
අපට ශරීරයක් තිබෙන්නා සේම එම ශරීරය තුළ පණක් තිබෙනවා. එම පණ ශරීරය තුළ ම ගැට ගසා
ගැනීමට අප කනවා , බොනවා, බේත් හේත් කරනවා යාන වාහන ගන්නවා රැකි රක්ෂා කර මින් හමිබ
කරනවා .මෙතරම් අති බහුතර වැඩ කොටසක් අප කරනු ලබන්නේ අප ගේ ශරීරය තුළ පණ ටික
සුවදායිව තබා ගැනීමටයි. කනවා යනු අපගේ ශරීරය තුළ තිබෙන පණ ගැට ගසා ගැනීමට කරන
වැඩක්. බෙහෙත් කරනු ලබන්නේ ත් ශරීරය තුළ තිබෙන පණ ගැට ගසා ගැනීමට කරනු ලබන්නාවු
සාමූහික ක්‍රියාදාමයක්. ජීවත් වෙනවා යනුවෙන් වෙනම කාරණාවක් තිබෙනවා. ශරීරය තුළ
තිබෙන පණ ශරීරය තුළ ම ගැට ගසා ගැනීම ජීවත් වෙනවා යනුවෙන් ප්‍රකාශ කරන්න බැහැ.
living කියන්නේ නැහැ
living යනුවෙන් වෙන වැඩ පිළිවෙලක් තිබෙනවා. සත්තුන්ට ශරීර
තිබෙනවා,පණ තිබෙනවා ශරීරය තුළ පණ ගැටගසා ගැනීමට වෙන වැඩපිළිවෙලවල් තිබෙනවා.
සත්තුන්ට ජීවිත නැහැ. සත්තු අතර භාර්යාවරු ස්වාමිපුරුෂවරු නැහැ සත්තු අතර ගැහැණු
සතා සහ පිරිමි සතා සිටිනවා. ගැහැණු සතාටත් පිරිමි සතාටත් හැඟීමි නැහැ. දැනීමි නැහැ.
වීඳීම තිබෙනවා. ගැහැණු සතාට පිරිමි සතා අතහැර ගිය හැකියි. පිරිමි සතාට ගැහැණු සතා
අතහැර ගිය හැකියි. හැඟීමි දැනීමි නැති නිසාම සත්තුන් තුළ ශෝකයක් කනගාටුවක් නැහැ. එක
ම වෙලාවට එකම කුසකින් දරුවන් බිහිවූවිට ඔවුන්ට සහෝදරවරු කියනවා. එක කුසකින් බිහිවූ
විට සහෝදරයන් ලෙසද එක කුසකින් එකම වෙලාවට බිහිවුණ විට නිවුන් සහෝදරයන් ලෙස
හඳුන්වනවා. බල්ලන් බළලුන් එක වෙලාවට බිහිවුණත් ඔවුන් නිවුන් සහෝදරවරු වෙන්නේ නැහැ.
ඔවුන් ළඟ සහෝදරකම නැහැ. එම නිසා ඔවුන් දරුවන් වන්නේ නැහැ ඔවුන් පැටවුන් වෙයි. පැටවු
යනු දරුවන් නොවෙයි. දරු පැටවි යනුවෙන් අප ප්‍රකාශ කරන්නේ ආදරයට යි සත්තු ලඟ අමිමාකම
තාත්තාකම සහෝදරකම නැහැ අම්මා තාත්තාව හඳුනන්නේ නැහැ තාත්තා අම්මාය හඳුනන්නේ නැහැ.
අම්මා තාත්තා දරුවො දරුවො වශයෙන් හඳුනන්නේ නැහැ. කාලයාගේ අවෑමෙන් අයියාට නංගි නංගිට
අයියාව, මල්ලිට නංගි හඳුනගන්න බැරි වෙනව. සත්තුන් ගේ හැසීරිම රටාව දෙස බලන විට
සත්තු අතර සහෝදරකම් නැහැ. සහෝදරකම තිබෙන්නේ ජීවිතය තුළයි. අමිමා අප්පචිචිකම
තිබෙන්නේ ජීවිතය තුළයි. කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ ජීවිතයට නොවෙයි ශරීරයටයි. එම
නිසා , ශරීරය තුළ පණ රඳවා තබාගැනීමට ශරීරය නඩත්තු කරනවා කියලා කියනවා. ලෙන්ගතු කම්
සහෝදරකම් අමිමා අප්පච්චිකම් ආදරය කරුණාව ලෙන්ගතුකම් දයාව මෛත්‍රිය විශ්වාසය යන
සියල්ලම අයිති වන්නේ ජීවිතයටයි. මෙම නිර්ණායක දෙස මේ ආකාරයෙන් බලාගෙන යන විට තමන්ට
තිබෙන්නේ ශරීරයක්ද?ශරීරය තුළ පණ ගැටගසා ගැනීම උදෙසා වන ව්‍යාපෘතියක්ද? නැතහොත්
ජීවිතයක්ද? කියා තමන්ටම ස්ෙවිච්ජාවෙන් ම බලාගත හැකියි. සාමාන්‍යයෙන් ඉස්සර කාලය තුළ
ජීවත් වුණ මිනිස්සුන්ට ජීවිත තිබුණා.එම නිසා සෑම හැන්දෑවකම මිනිස්සුන් සන්තෝෂයෙන්
ජීවත් වුණා. සතුට නඩත්තු කළා. අප බොහෝ දෙනා උදේ සිට රෑ වන තුරු හම්බ කරනු ලබන්නේ
සතුට නඩත්තු කිරීමට නොවෙයි. එම නිසා දරුමල්ලන් පිළිබඳව අමිමාට තාත්තාට සොයා බලන්න
වෙලාවක් නැහැ. නඩත්තු කරන්නේ සතුට නොවෙයි. නඩත්තු කරන්නේ ශරීරයක්. අමිමාට තාත්තා
පිළිබඳව සොයන්න අවශ්‍යත් නැහැ තාත්තාට අමිමා පිළිබඳව සොයන්න අවශ්‍යත් නැහැ. අමිමා
තාත්තා ආශ්‍රය නිශ්‍රය කරනු ලබන්නේ කවුරුන්ද යනුවෙන් එකිනෙකාට සොයා බැලීමට
වුවමනාවකුත් නැහැ.ශරීරය නඩත්තු කර තිබෙනවා මිස සතුට නඩත්තු කර නැහැ. සතුට නඩත්තු
කරනවා යනු ජීවිතය නඩත්තු කිරීමයි. එම නිසා ජීවිතය නඩත්තු කිරීමයි, ශරීරය නඩත්තු
කිරීමයි අතර වෙනස මිනිස්සු තේරුමි ගන්නේ නැහැ. ශරීරය නඩත්තු කිරීම පිළිබඳ අර්බුද
ලෝකය තුළ ඕනෑ තරමිි තිබෙනව. එය ජීවිත ගැටළු ලෙස හඳුනා ගතහැකියි. එය ශරීරය නඩත්තු
කිරීමට අදාළ වන්නාවූ ප්‍රශ්න සමූහයක්. ආර්ථිකය භූගෝලය ජීව විද්‍යාව රසායන විද්‍යාව
යන සියලු විෂයයක්ම උගන්වන්නේත් ඉගෙන ගන්නේත් ශරීරය නඩත්තු කිරීම උදෙසායි. සත්‍ය
වශයෙන්ම ජීවිතය නඩත්තු කිරීම යන මාතෘකාව යටතට විෂයයන් නැති තරමි. ජීවිතය නඩතත්තු
කිරීමට සතුට ලෙන්ගතුකම දයාව වැනි කාරණා අවශ්‍ය වෙයි. එම සියල්ලෙන්ම සතුට නඩත්තු
කිරීමත් සමඟම නඩත්තු වන්නේ ශරීරය නොවෙයි සිතයි. එම නිසා ජීවිතය නඩත්තු කිරීම කියන
කාරණාව ඉතාම වැදගත් . ඉස්සර කාලය තුළ ජීවත් වුණ මිනිස්සුන්ට විශාල ගෙවල් දොරවල්
තිබුණෙ නැහැ. ලොකුවට යාන වාහන තිබුණෙ නැහැ. ඒ මිනිස්සු සතුට නඩත්තු කළා ගිනි මැළයක්
ගසාගෙන ජාතක පොත් වහන්සේ කියවගෙන රාත්‍රියට ආදරණිය දරු මල්ලන් හදා වඩාගෙන ජීවත්
වුණා. සමහර අමිමා අප්පච්චිලා බිමට ගොම ගාගෙන වහළයට පිඳුරු සෙවිලි කරගෙන පුංච් පැලේ
දරුවන් දහ දොළොස් දෙනා හදාවඩා ගත්තා. එම දරුවන්ට හොඳට ආදරය කළා. ඔවුන් සියලු දෙනාටම
වෙහෙස මහන්සි වෙලා අධ්‍යාපනය ලබා දුන්නා. ඔවුන් ගේ ශරීරයට සැප නැති බව ඇත්ත.ඒත්
ඔවුන්ට ජීවිත තිබුණා.
සුඛේා්පභෝගී ජීවිතය සහ සැනසිලි දායක ජීවිතය නැතහොත් සංතෘප්ත ජීවිතය යනුවෙන් ජීවිත
දෙකක් තිබෙනවා. සුඛෝපභෝගී ජීවිතය තිබෙන්නේ ශරීරයට සැනසිලිදායක ජීවිතය හෙවත් සංතෘප්ත
ජීවිතයට සතුට තිබෙනවා. සංතෘප්ත විම ජීවිතයට ලඟා කරගත හැකි කාරණාවක්.සුඛෝපභෝගීකම
ජීවිතය තුළ කවදාකවත් ලඟාකරගෙන අවසන් කරන්න බැහැ. ලංකාව තුළ තිබෙන ගෙදරක සියලු සැප
එක්කාසු කරගත හොත් එයට එක තරුව සැපක්ද, බොහෝ වෙහෙස මහන්සි වී හමිබකළහොත් තරු දෙකක
සැපක්ද ,සමහර විට ඒ අතර තුර සොරකමි කරනු ලැබුව හොත් තරු තුනක සැපක්ද, රාජ්‍ය දේපළ
කොල්ලකනු ලැබුව හෝත් තරු හතරක සැපක්ද,හෝටලයකට ගොස් තරු පහක සැපක්ද,ලංකාවෙන් පිට ගිය
විට තරු හයේ සැපක්ද, ඩුබායි වලට ගිය විට තරු හතේ සැපද,ලබාගත්තත් තරු අවසන් නැහැ.
සුඛෝපභෝගී වීමේ සිමාව අවසන් නැහැ. සුඛෝපබෝගී විම වැඩි වන විට ආහාර අඩුුවෙනවා ගනු
ලබන්නාවූ බෙහෙත් පෙති ප්‍රමාණය වැඩි වෙනවා ඔළුව ලොකු වෙනව. බඩ කුඩා වෙනවා. අතපය
හීනවෙලා ඇවිදින්න අවශ්‍ය වෙන්නේ නැති වෙනවා. ඒ තරමටම මිනිසා යාන්ත්‍රික වෙනවා.
සුඛෝප බෝගීකම ලඟාකරගෙන අවසන් කිරීමට බැරි වුණත් සංතෘප්ත හෙවත් සැනසිලිදායක කිසියමි
තැනක නැවතිය හැකියි. එම නිසා මිනිස්සු සැප සොයලා සොයලා සොයාගැනීමට බැරී වූවිට
කිසියමි තැනක හිරවෙනවා. නිවන නමින් හදුන්වන සමිපූර්ණයෙන්ම ආසාව මුලිනුපුටා දැමීමට
නොහැකි නම්,කිසියමි තැනක දී හෝ මෙම එක්රැස් කිරීම දැන්වත් ඇති බවට සිතා එය නවත්වා
ගත යුතුයි. ඇති යන සීමාව තුළ එක්රැස් කිරීම නවතා දෑමූ විට මිනිසුන්ට සතුට සඳහා
වෙලාව ලැබෙයි. පත්තර පොත් පත් කියවීමට වෙලාව, පවුලේ සාමාජිකයන් සමඟ කතාබහ කරකර
සිටීමට වෙලාව, දූ වා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ස ඳහා කාලය වෙන්කිරීමට වෙලාව තිබෙනවා
. එසේ නැති වුණහොත් උදේ සිට රෑවනතුරු හමිබකරනවා රූ සිට එළිවනතුරු හමිබකරන එක
පිළිබඳව සිතනවා. එසේවන විට මිනිස්සුන්ට ජීිවිතය නැති වෙලා ශරීරය පමණක් ඉතිරි
වෙනව.එම නිසා සංතෘප්ත ජීවිතය හෙවත් සතුට නඩත්තු කිරීම ඉතාම වටිනා කාරණාවක් . සේම එය
අත්‍යවශ්‍ය කාරණාවක්ද වෙයි. එසේ සතුට නඩත්තු කරන රටවල් , පවුල්, පවුල් සම්ප්‍රදායන්
තිබෙනවා. සතුට නඩත්තු කරන සතුටු දායක මිනිස්සුන්ට සැනසිල්ලලේ ජීවත් වීමේ හැකියාව
තිබෙනවා. ඔවුන් හරිම සුවදායි ජීවිත ගත කරනවා.සමහර වෙලාවට ඒ මිනිස්සුන්ට තටිටු ගෙවල්
නොතිබෙන්න පුළුවන්.බිමක් නැති නිසා බිමට ටයිල් අතුරා නොතිබෙන්න පුළුවන්.වහලක් නැති
නිසා සිවිලිමි ගසා නොතිබෙන්න පුළුවන් . කාමරයක් නැති නිසා ඔවුන් වායුසමනය කර
නොතිබෙන්න පුළුවන්. එහෙත් ඔවුනගේ සිත තුළ තිබෙන්නාවූ සුවදායි බවය එලෙසින්ම තිබෙනවා.
එය ලෙන්ගතු ආදරණීය පිවිතුරු හා විකසිත ජීවිතයක්. සුඛොපබෝගීම නොවී මිනිස්සු
සුඛෝපබෝගී වූවාට කමක් නැහැ, සංතෘප්තද වෙනවා නමී පමණක්.
- හේමමාලා රන්දුනු |