ඇසළ පුර පසළොස්වක 2016.07.19
දම්සක් පැවතුම් සූත්‍රය හා වස්සානය
ඇසළ පුර පසළොස්වක යනු ලොවට සම්‍යක් දර්ශනය පහළ වූ අසිරිමත් පොහොය දිනයයි.
අත්තකිලමථානු යෝග ක්‍රම මෙන්ම කාමසුඛල්ලිකානු යෝග ක්‍රමවලද ගැලී සිටි ලෝකයාට මැදුම්
පිළිවෙත නම් වූ උතුම් ජීවන ප්‍රතිපදාවක් දේශනා කළ දිනය ඇසළ පුර පසළොස්වක පොහොය
දවසයි. දුකත්, දුකට හේතුවත් නිවනත්, එය ලබන පිළිවෙතත් යන චතුරාර්ය සත්‍ය බුදුරජාණන්
වහන්සේ ලොවට දේශනා කරන ලද දිනය ඇසළ පුර පසළොස්වක පොහොය දවසයි.
වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලද බෝධි සත්වයන් වහන්සේ දෙවිබඹුන්ගේ
ඇරැයුමෙන් පස්මහ බැලුම් බලා සුද්ධෝදන මහරජතුමාගේ අග මෙහෙසිය වූ මහාමායා දේවිය කුස
පිළිසිඳ ගැනීම සිදුවූයේද ඇසළ පුර පසළොස්වක පෝදාකය. සිදුහත් කුමරා සතර පෙරනිමිති දැක
ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේද ඇසළ පුන් පෝදාය. බුදුපියාණන් වහන්සේ
ප්‍රධාන පස්වග භික්ෂූන් වහන්සේගේ ප්‍රථම වස්සූපගමනය සිදු වුයේද ඇසළ පෝදාකය. මාතෘ
දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කළේද ඇසළ පුන් පෝදාකය.
ආගමික, ශාසනික හා ඓතිහාසික වශයෙන් ශ්‍රේෂ්ඨ දිනයක් ලෙස සැලකිය යුතු ආගමික දිනයකි.
ඇසළ පුර පසළොස්වක දිනය, අසිරිමත් බෝසත් සිරිත, අසිරිමත් බුදු සිරිත සහ භාරතීය සහ
ශ්‍රී ලාංකේය වශයෙන් ඓතිහාසික සිද්ධීන් රැසකට මුල පිරූ දිනයකි. ඇසළ පුර පසළොස්වක
පොහොය දිනය.
අනේක විධ වු දෘෂ්ඨිවලට යොමුවී ප්‍රබුද්ධව සිටි භාරතීය ජනතාවගේ බුද්ධි විකාශනයට
සත්‍ය දර්ශනයක් අත්‍යාවශ්‍ය යුගයක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සේක.
එතෙක් දඹදිව පුරා පැතිර පැවැති සංස්කෘතීන් අබිබවා බෞද්ධ සංස්කෘතිය පැතිරෙන්නට විය.
ජාති, කුල, ආගම් ආදි සියලු වාද භේද පසෙකලා බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා
කර වදාළ සත්‍ය දර්ශනය, සත්‍ය දහම භාරතීය ජන සමාජය මහත් ගෞරවයෙන් වැළඳ ගන්නට විය.
බරණැස ඉසිපතන මිගදායේදී බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන් සඳහා දේශනා කර වදාළ
ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව හෙවත් මංගල ධර්ම දේශනය මගින් දේශනා කර වදාළ සම්බුදු
දහම හේතු කොට ගෙන සිදුවූ සමාජ නිදහස කියා හෝ ලියා නිම කළ නොහැකිය. සම්බුදු දහම යනු
බුද්ධියට මුල් තැන දුන් බුද්ධි මාර්ගයකි. තම තමන්ගේම බුද්ධියෙන් විමසා බලා හොඳ නරක
විමසා පිළිගැනීමට නිදහස උදාකර දී තිබේ.
දඹදිව වන්දනාවේ යෙදෙන වන්දනාකරුවෝ මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් සියැසින්ම දැක වැඳ පුදා
ගන්නා පින්කෙතකි ඉසිපතන මිගදාය. වෙසක්, පොසොන්, පොහොය දින මෙන් මහත් ඕනෑකමින්
තෙරුවන් පිදීමට අටසිල් සමාදන්වීමට, දන් පූජාවට ආදී සියලු ආගමික කටයුතු සිදු කිරීමට
උත්තරීතර දිනයකි, ඇසළ පුන් පොහොය දවස.
උපසම්පදා ස්වාමින් වහන්සේ ඇසළ පොහොයදා පොහොය විනය කර්ම සිදු කර ඇසළ අවපෑළවියදා පෙර
වස් වසන දිනයද උදාවෙයි. වස් වැසීම බුද්ධ කාලයේ සිට පැවැත එන ශාසනික සම්ප්‍රදායකි.
එසේ උපසම්පදා ස්වාමින් වහන්සේලා දායකකාරකාදී සැදැහැවතුන්ගේ ඇරයුමෙන් වස් වසා වැඩ
සිටින මහ සඟරුවනෙ හි අවවාද අනුශාසනා පිළිපදිමින් වස් කාලය පුණ්‍ය කාලයක් බවට පත්කර
ගනු ලැබේ. වස්සාන ඍතුවේ මුල් තෙමස තුළත් අනතුරුව වස් අවසන සිදුකෙරෙන මහ පින්කමත්
ඇතුළු දිවා රෑ දෙක්හි පින් වැඩෙන පින්කමක නිරතවීමට වස්කාලය තුළ ආගමික කටයුතු
ආධ්‍යාත්මික දියුණුව පිණිස යොදා ගැනීම බොහෝ විහාරස්ථාන තුළදී දක්නට ලැබෙන සුලභ
දසුනකි.
|