ලොව ගැටලු නිසි ලෙස විසඳූ
මහා සමථ කරුවාණෝ
කලාභූෂණ, ශාසනදීපන,
සාහිත්‍ය කීර්ති ආචාර්ය
සිරිපාල මාදුවගේ
සකල විධ සත්ව වර්ගයාගේ ආරම්භයේ සිට ම ආරවුල්, ගැටලු, ප්‍රශ්න, ව්‍යාකූලභාවයන්,
නොසන්සුන්තාවයන් දක්නට ඇත්තේ ය. බුදුපියාණන් වහන්සේ මේ සියල්ලම මමය, මාගේය යනාදී
ලෙසින් මමත්වය වන්නා බවට ද මමත්වය යම්තාක් කල් පවතීද ඒ තාක් සත්වයා තුළ ගැටුම
ප්‍රශ්න පවතින බවද මමත්වය නැති කිරීම සියලු ගැටුම් නැති කරලීම බවද පෙන්වා දුන්හ.
අභ්‍යන්තර හා බාහිර සියලු ගැටුම් විසඳාලීමේ මහා මාර්ගෝපදේශකයාණෝ උන්වහන්සේ වූහ.
අභ්‍යන්තර ගැටුම වන්නේ චිත්ත සන්තානයේ ජනිත වන්නාවූ රාගාදී ක්ලේශ ධර්මයන්ය. එහි
මානය, අහංකාරය, උද්ධච්ඡකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී නොයෙක් ලක්ෂණ වන්නේ ය.
බාහිර ගැටුම වන්නේ පුද්ගලයා තමා අවට ලෝකයා සමඟ ඇති කරගන්නාවූ ගැටුම්ය.
‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤා’ යනාදී ලෙසත් වදාළේ සීලයෙහි පිහිටා සමාධියෙන් යුතුව
ප්‍රභූ විදර්ශනා වඩා විමුක්තිය සොයා ගැනීම සියලු ගැටුම් නිරාකරණ මඟ බවය. ‘චිත්තස්ස
දමතො සාධු’ යි සිත දමනය කරලීමම යහපතය. බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ ගැටුම
විසඳාලීමේ මඟ ලෙසිනි.
බාහිර වශයෙන් ඇතිවන්නාවූ ගැටුම් ගැන කරුණු පෙන්වමින් ඒ නිරාකරණය කරලීමට උන්වහන්සේගේ
මැදිහත් වූ ආකාරය බුද්ධචරිතය තුළින් පෙනී යයි. අපගේ ජීවිතයේම අංගයක් බවට පත්ව ඇති
ගැටුම්, කෝපය, කලකිරීම, සැකය, අවිශ්වාසය මත කෙසේ විසඳා ගත හැකි දැයි සිතීම පවා
අපහසු කල, හරිවැරැද්ද තෝරා බේරා ගැනීමට අපහසු කළ තුන්වන පාර්ශ්වයක් වශයෙන් ඉතා
සාමකාමීව, සාධාරණව, දෙපාර්ශ්වයම හානි නොවන සේ ගැටුම් ආරවුල් විසඳාලීමට සැබෑ
සමථකරුවකු ලෙසින් උන්වහන්සේ ක්‍රියා කළහ. මෙහිදී කිසිවකුගේ සිත් නොරිදෙන අයුරින්
වීම විශේෂිතවේ.
උන්වහන්සේගේ නවවන වර්ෂයෙහි කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ ධර්මධර හා විනයධර භික්ෂූන්
වහන්සේලා දෙනම අතර වූ සුළු ආරාවුල දිග් ගැස්සී ගිහි පක්ෂයද දෙපාර්ශවයකට වෙන්ව මහා
ව්‍යවසනකාරී වූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සමගි වීමේ බවේ අගපත් අසුමහ බවේ විපාකත්
පෙන්වමින් ක්‍රියා කළහ. භික්ෂුහු ඒ නොපිළිගත් කළ දීඝිති කෝසල ජාතකය දේශනා කළහ.
එයිනිදු සමඟියකට නොපැමිණි භික්ෂූන්ට
“පරෙචන විජානත්ති
මයමෙත්ථ යමාමසෙ......”
ආදී ලෙසින් සඟ මැද කලහ කරන්නෝ නොවැරැදිව තමන් මරුමුවට යතැයි නොදනිති. යමෙක් එසේ දැන
කලහා නවතාලන්නට තැත් දරයිද? ඒ කලහා සන්ස¼ිදවයි උනුනුන් මරා ගන්නා රටවල් යටත්
කරගන්නා රජවරු පවා සමගි වෙති. කවර හෙයින් තෙපි සමගි නොවන්නාහුදැයි යනාදි ලෙසත්
දෙපාර්ශවයටම කරුණු වදාළහ.
ශාක්‍ය වංශිකයන් හා කෝලිය වංශිකයන් අතර රෝහිණී නදී ජලය බෙදා ගැනීමේ අපහසුව
දෙපාර්ශ්වය මහා සංග්‍රාමයකට යොමුව සිටි අවස්ථාවේ බුදුහිමි දෙපාර්ශ්වයේම කරුණු අසා
ප්‍රශ්නය සමථයට පත් කළහ. එහිදී ‘ඔබලා මේ සටන් කිරීමට සූදානම් වන්නේ කුමක් සඳහා ද
වටින්නේ ගංගා ජලයද, මනුෂ්‍ය ජීවිතයද” යනාදි ලෙසත් ප්‍රශ්න නඟමින් ඔවුන්ගෙන්ම
පිළිතුරු ලබමින් ඔවුන්ටම කාරණා අවබෝධ කරලමින්, බුද්ධිමත්ව, උපක්‍රමශීලී වන්නට ගිය
මහා විපත දුරුකළ අයුරු විශිෂ්ටය. එහිදී බුදුහිමියන් ‘හා හා යුද්ධ කරන්න එපා යැයි’
නොවදාළහ. ජලයේ අයිතියක් කාටවත් නොපැවරූහ. උන්වහන්සේගේ කළේ දෙපාර්ශ්වයෙන්ම පොදුවේ
ප්‍රශ්න නගමින් දෙපාර්ශ්වය තුළින්ම ඊට පිළිතුරු ලබමින් දෙපාර්ශ්වයටම පිළිගත හැකි,
ඔවුන් විසින්ම සාධාරණයයි පිළිගැනෙන, ස්ථාවර විසඳුමකට එළඹීමය. දෙපාර්ශ්වයේ
එකඟත්වයෙන් එන ඒ විසඳුම ශක්තිමත්ය. සමථ කරන ක්‍රියාවලිය වන්නේද එයයි.
භද්‍රවතිකා ඇතින්න පිළිබඳව උදයන රජුට කීයේ ‘මහරජතුමාට උපකාර කළවුන් සවිමත්ව සිටියදී
සැලකුම් දැක්වූ මහලුව ගිය කළ නොසලකා හැරීම නොවටී’ යනුවෙන් කරුණු වටහාදීමෙනි. කුමාර
කාශ්‍යප මාතාවගේ ගර්භණිභාවය වැනි බරපතල ප්‍රශ්නයකදී, විවෘතව ප්‍රශ්න විසඳුණේ සැබෑ
සමථ කරුවකු ලෙසින්ය. රජ්ජුමාලා ස්වාමිදුවගේ තාඩන පීඩන ඉවසුම් නොදි දිවි තොර කරන්නට
ගත් වේලේ කටයුතු කළ ආකාරය බලන්න. දරුවන්ගෙන් සැලකුම් නොලද බමුණාගේ දුක් ගැනවිල්ල
මැනවින් අසා සැබෑ සමථකාරයෙකු තුළ තිබිය යුතු ගුණාංග දැකීමෙන් උපක්‍රමශීලීව ගාථා
පහක් බමුණාට උගන්වා දරුවන් රැස්ව සිටින ස්ථානයේදී ගායනා කිරීමට සැලස්සූ අයුරු
බලන්න. චූලෝදර, මහෝදර මිණි පළඟ පිළිබඳ සිද්ධිය උන්වහන්සේ මෙහි වැඩ විසඳාලුයේ
දෙපාර්ශ්වයටම කරුණු පෙන්වමින් ඉතා විශිෂ්ටවය. අංගුලිමාල ආදී මිනීමරුවන්, ආලවක ආදී
චණ්ඩ යක්ෂයන්අජාසත් ආදී පීතෘ ඝාතක රජ දරුවන්, නාලාගිරි වැනි චණ්ඩ හස්තීන්, අම්බපාලි
ආදී ගණිකාවන් ආදී සියලු දෙනා සැපවත් කළේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳුයේ මෙසේ කළ යුතු ය.
නොකළොත් නිරයේ බහාලමි යන නියෝගයෙන් නොවේ. කිසාගෝතමි, පටාචාරා ආදීන්ගේ ප්‍රශ්න
විසඳුණේ මහා මනෝ වෛද්‍යවරයෙකු ලෙසිනි. කිසා ගෝතමියට ‘ඕක මළකුණක්, අහක දාන්නයි’
වදාළේ නැත. නොමළ ගෙයකින් අඹ ගෙන ඒමේ ක්‍රියාවලියෙන් ප්‍රශ්නය විසඳාලූයේ සැබෑ සත්‍යය
තමන්ටම ප්‍රත්‍යක්ෂ වන අයුරිනි. ගැටලුවට මැදිහත් වුවනට පිළියම වැටහී පිළිගන්නා කළ ඒ
විසඳුම ඉහළය. සමථ කාර්යයේදී වන්නේ එයයි. තමන්ටම ප්‍රත්‍යක්ෂ නම් නිවැරැදි යයි හැඟේ
නම් පමණක් එකඟතාවයකට ඒමය.
සමස්ත බුදුදහමේම සඳහන් වන්නේ එයයි. නිදහස් චින්තනයයි. කාලාම සූත්‍රය, විමංසක
සූත්‍රය ආදියේ පෙන්වන තමන්ටම නිවැරැදියයි පිළිගැනීමකි. සැබෑ සමථ කරුවාගේ ලක්ෂණය
කරුණු හොඳින් අසා, තීන්දු තීරණ නොදී පාර්ශ්වයන් තුළින් පිළියම ලබා ගැනීමකි. තමන් මග
පෙන්වන්නෙකි. බුදුරජාණන් වහන්සේ වදාළේ ‘තෙපි තොපම කටයුතු තථාගතයෝ මග කියා
දෙන්නාහුය’යි තුම්මේහි කිච්චං ආතප්පං අක්තාරො තථා ගතා’ යනුවෙනි.
යම් සිද්ධියකින් අනුනට වියහැකි සිතිවිලි වේදනා කෙබඳුවේදැයි එබඳු කළ තමන්ට ඇතිවන
සිතිවිලි වේදනා ආදියට ගළපා බැලීම නම් වූ ‘අත්තුපනායික ධර්ම’ වේළුද්වාර බමුණාහට
පැහැදිලි කළහ. තමන් අකැමැති වේදනාවක් අන් අයටද විඳීමට සැලසීමෙන් වැළකීම එහිදී
පෙන්වයි. මේ වනාහි ආරවුල් ගැටුම් නිරාකරණයේ යෙදෙන සමථකරුවනට කදිම දහමකි.
ගැටුමක් ප්‍රශ්නයක් වූ කල කලබලවීම ස්වභාවයයි. එබඳු තැන සමථකරුවා ඉතා ඉවසිලිවන්තව,
බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. එම ලක්ෂණය පෙන්වන බුදුහම උදාර දහමකි. බොහෝ දෙනා තුළ
එය නොදක්නා බව කෝසල සංයුතියේ ජටිල සූත්‍රයේ පැහැදිලි කරයි. ව්‍යාකූල සිතින් පෙළෙන
පුද්ගලයාගේ ප්‍රශ්න විසඳීම් වන පාර්ශ්වය ඒ පුද්ගල ස්වභාවය මනාව හඳුනාගෙන
ක්‍රමානුකූලව කරුණු වටහාගෙන ඔහුටම නිරාකූලතාවය පෙනෙන අයුරින් කටයුතු කළ යුතු ය.
බුදුහිමි ඔබගේ ප්‍රශ්නයට පිළිතුර මේ යයි එක එල්ලේ නොවදාරා සුහදව, සංවාදශීලීව,
ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් ආදී ලෙසින් නියම පිළිතුර අවබෝධ වන ලෙසට කටයුතු කළහ. කාගේත්
බලපෑමට හෝ නියමයකට යටත් නොවී තමන්ද සෑහීමට පත්වන විසඳුම් සැබෑ සමථයයි.
සමථකරුවා ගැටලුව, ඊට හේතුව, හේතුව ඉවත් කිරීම, ඊට පිළියම යන කාරණා තේරුම් ගත්තෙකි. |