දානය පිළියෙළ කළ පිනෙන්
දිව සැපත් ලද
දාසිය
ආචාර්ය
පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ
කාන්තාව
තමන් කරන ලද පුණ්‍යකර්මය හේතුවෙන්
සන්තුෂ්ඨියට පත්ව සිටියාය. ඇය විසින් කරන ලද්දේ ඒ දාන පින්කම පමණක්ම විය. නොබෝ
කලකින් සිය ආයුෂ පිරිහී මරණයට පත් වූ ඈ නිදා සිට පිබිදියා සේ සැණෙකින් තව්තිසා
දිව්‍යලෝකයේ රන් විමනක උපත ලැබුවාය.
එදවස සැවැත්නුවර වාසය කළ එක්තරා උපාසක කෙනෙක් දිනක් ජේතවනාරාමයට ගොස් බුදුරජාණන්
වහන්සේගෙන් බණ අසා පැහැදී බුදුරජාණන් වහන්සේ වෙත ගොස් දිනපතා භික්ෂු සංඝයා වහන්සේ
සතර නමකට දන් පිරිනැමීමට අවසර ඉල්ලා සිටියේය. බුදුහු එය අනුදැන වදාළහ. එබැවින්
උපාසක තැන පසුදා සිට භික්ෂූන් වහන්සේ සතර නමක් සිය ගෙදොරට වැඩම කරවීමට සලස්වා
ගැනුණි.
සතුටු සිත් ඇතිව ගෙදොර කරා ගිය හෙතෙම මෙහෙකාරිය අමතා “හෙට සිට භික්ෂූන් වහන්සේ සතර
නමක් නිතිපතා දානය පිණිස වඩිති. එබැවින් තී නොපමාවම එකී දාන කාරිය මනා ලෙස පිළියෙල
කළ යුතුයි” කියා උවදෙස් දුන්නේය.
ඒ මෙහෙකාරිය ඒ වදන් අසා ඉමහත් පී‍්‍රතියට පත් වූවාය. ඈ සීලසම්පන්න වූවාය. කුසල්
කැමැත්තියක වූවාය. එහෙයින් කාරණය දොහොත් මුදුන් දී පිළිගෙන දාන කාර්යයයේ ලා
ක්‍රියාශීලි වූවාය.
ඈ දිනපතා කල්වේලා ඇතිව දානය සකසා පිළියෙල කරන්නීය. ගෙදොර ඇමද සුවඳින් සරසා අසුන්
පනවන්නීය. සංඝයා වහන්සේ වැඩිය කළ වඩා හිඳුවා වැඳ නමස්කාර කොට සුගන්ධවත් ඛාද්‍ය
භෝජ්‍යාදී දානය පිළිගන්වා සතුටු සිතින්ම වළඳවන්නීය.
එක් දිනක් දාන කිස නිම වූ පසු භික්ෂු සංඝයා වෙත ගොස් වැඳ නමස්කාර කළ ඈ
“ස්වාමීනි,ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් මිදීමට කුමක් නම් කළ යුතු දැ”යි විමසා
සිටියාය.
එවිට භික්ෂූන් වහන්සේ ඇයට දහම් දෙසමින් ශරීරයේ යථා ස්වභාවය පහදා අනිත්‍යතා
ප්‍රතිසංයුක්ත ධර්මකථායෙන් සංග්‍රහ කළහ.
ඒ බණ ඇසූ මෙහෙකාර ස්ත්‍රිය එවක පටන් සොළොස් අවුරුද්දක් මුළුල්ලේ නොකඩවා සිල් රක්ෂා
කරන්නට වූවාය. මනා සිහිනුවණින් යුක්තව කමටහන් වඩන්නට වූවාය. මෙසේ වු එක් දිනක ඈ
ධර්මශ්‍රවණ මහිමයෙන් ඥානය මුහුකුරා විදර්ශනා බෙලෙන් සෝවාන් මාර්ගඵල ලාභී වූවාය.
එයින් නුදුරු දිනෙක ඈ මිය පරලොව ගොස් තව්තිසා දෙව්ලොව උපන්නාය. ඒ උපන්නේ ශක්‍ර
දේවේන්ද්‍රයාණන්ට වල්ලභ වූ පරිචාරිකාවක ලෙසිනි.
මෙකී දිව්‍යාංගනාවට පසඟතුරු සංගීතයෙන් හෙබි බොහෝ වූ නළු නාටක පිරිවර ද පහළ විණි. ඈ
මහත් වූ දිව්‍යානුභාවයෙන් ප්‍රභාමත් වූවාය. මහත් වූ දිව්‍ය ශ්‍රී සම්පත් ලාභයෙන්
තුටුපහටු වූවාය. නන්දන වනෝද්‍යානයෙහි කෙළිදෙලෙන් හැසිරෙන්නට සමත් වූවාය.
මෙසේ වූ එක් දිනෙක දෙව්ලොව වැඩි මුගලන් මහරහතන් වහන්සේට මේ අසාමාන්‍ය වූ දිව්‍ය
ස්ත්‍රිය දකින්නට ලැබී ඇයගේ පූර්ව කුසලානුභාවය ලොවට හෙළිකර දෙනුවස් ඇය ඇමතූහ.
“එම්බා දිව්‍ය දියණිය, තොප සිටින මේ දිව්‍ය අඩවිය චිත්‍ර නම් වූ දිව්‍යාංගනාවගේ
පුණ්‍ය මහිමයෙන් පහළ වූවකි. එබැවින් බොහෝ වූ මල්පල පල්ලවයන්ගෙන් හෙබි කල්පලතාවලින්
ශෝභමානය. මෙහි බොහෝ පුරංගනාවන් හා උයන් කෙළියෙහි යෙදෙමින් ඕෂධී තාරකාව සේ බබළමින්
සිටින තී පෙර කිනම් කුසල කර්මයක් කරන ලදුව මෙසේ උපන්නීද? “
එවිට ඒ දිව්‍යාංගනාව ප්‍රතිවදන් දෙමින් “ස්වාමීනි, මම පෙර විසූ මනුෂ්‍ය ආත්මයෙහි දී
එක් ගෙදොරක දාසියකව බැලමෙහෙවර කර ජීවත්වීමි. එහිදී බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙතින්
බුදු බණ අසා පැහැදී සොළොස් අවුරුද්දක් පුරා සිල් රක්ෂා කළෙමි. බවුන් වැඩුවෙමි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සංඛ්‍යාත ශාසනයෙහි අප්‍රමාදව
වීර්ය කළෙමි. ලෝකෝත්තර ගුණයෙහි පිහිටියෙමි. එහෙයින් මේ සා ඉසුරුමත් වීමි. යම්
කෙනෙක් බුද්ධාදී මහෝත්තමයන් විසින් ප්‍රතිවේධ කරන ලද ආර්ය මාර්ගයට පැමිණියේද එසේ
හෙයින් මෙසේ වූ ඵලානිශංස ලබන්නේ යැ”යි ප්‍රකාශ කොට මුගලන් මහතෙරුන් වහන්සේට වැඳ
නමස්කාර කොට සිටියාය.
එවක සැවැත්නුවර එක්තරා කුල ගෙයකට දීග පැමිණි. එක් කාන්තාවක් වූවාය. දිනක් උදෑසන
කාලයේ භික්ෂූන් වහන්සේ නමක් ඇගේ ගෙදොරට පිඬුසිඟා වැඩියහ. උන්වහන්සේ කෙලෙස් ප්‍රහීණය
කොට වදාළ රහත්නමක් වූහ.
ඒ රහතන් වහන්සේ දුටු කාන්තාව බලවත් සේ පී‍්‍රති සොම්නසට පත් වූවාය. “මේ පහළ වූයේ
උත්තම වූ පින්කෙතක්” යැයි ඇයට හැඟිණි. එහෙයින් තම අනුභවයට සූදානම් ව තිබූ ආහාර
ස්වල්පයෙන් අඩක්ම තෙරුන් වහන්සේට පූජාකොට පිළිගැන්නූවාය.
රහත් තෙරුන් වහන්සේ එය පිළිගෙන අනුමෝදනා බණ වදාරා ආපසු වැඩියහ.
ඒ කාන්තාව තමන් කරන ලද පුණ්‍යකර්මය හේතුවෙන් සන්තුෂ්ඨියට පත්ව සිටියාය. ඇය විසින්
කරන ලද්දේ ඒ දාන පින්කම පමණක්ම විය. නොබෝ කලකින් සිය ආයුෂ පිරිහී මරණයට පත් වූ ඈ
නිදා සිට පිබිදියා සේ සැණෙකින් තව්තිසා දිව්‍යලෝකයේ රන් විමනක උපත ලැබුවාය.
ඕතොමේ දිව්‍යාංගනාවන් පිරිවරා ගෙන මහත් සැප සම්පත්තියෙන් යුක්තව නන්දන උද්‍යානයෙහි
සැරිසරමින් හුන්නාය. එකල මුගලන් මහ තෙරුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට මේ
දිව්‍යාංගනාව සහ ඇය ලබා සිටි මහත් දිව්‍ය සම්පත් දැක මෙසේ උපදින්නට පෙර කරන ලද කුසල
කර්මය කවරේ දැයි ඇයගෙන් විමසා සිටියහ.
“ස්වාමීනි ,මම පෙර මිනිස් ලොව ඉපිද මගේ ස්වාමියාගේ පියාණන්ගේ ගෙදොර ජීවත්ව සිටියදී
දිනක් කෙලෙස් සතුරන් ප්‍රහීණය කළාවූ තෙරුන් වහන්සේ නමක දිටිමි. මා සිතේ හටගත් බලවත්
පී‍්‍රතියෙන් සිත පහදවා ගෙන මාගේ ආහාරයෙන් භාගයක් උන්වහන්සේට පූජා කළෙමි. ඒ කුඩා
කුසලය පමණක්ම හේතු කොටගෙන මම මේ සා දිව්‍ය සම්පත් ලැබීමට සමත් වීමි”යි ඒ
දිව්‍යාංගනාව ප්‍රකාශ කොට මුගලන් මහ තෙරුන් වහන්සේට වැඳ නමස්කාර කළාය. |