UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොත්මලේ මහවැලි මහා සෑය

කොත්මලේ මහවැලි මහා සෑය සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (20) සිදු විය.

 

හිරණ සුවණ්ණ පුණ්ණාරාම විහාරයේ සිට මහ සඟරුවන හත්සිය නමක් පිණ්ඩපාත චාරිකාවේ

පානදුර නගර සමීපයේ හිරණ සුවණ්ණ පුණ්ණාරාම පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට සම්බන්ධ නිවාස ගණනාවක් අතරින් නිවාස 700 ක් තුළ එකම දවසක එකම වේලාවක කසාවතින් බැබළෙන ස්වර්ණමය දුර්ලභ මහාදානමය පින්කමක් සිදු කෙරේ. ජුනි මස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ එම පුණ්‍ය මහෝත්සවයේදී එක් හිමි නමක් එක් නිවසකට වඩින සේ, නිවාස 700 ටම ස්වාමින් වහන්සේලා 700 නමක් වඩමවා දවල් දානය හා පරිෂ්කාරාදිය පූජා කිරීමට නියමිතය. එම දානමය පින්කම සංවිධානය කරනු ලබන්නේ වත්මන් විහාරාධිපති බොරලුගොඩ සෝමාලෝක හිමියන්ගේ අනුශාසකත්වය මත විහාරාධිකාරි මොරවක සුමණ හිමියන්ය. මෙයට පෙර එක්තරා සීමා වූ කාලසීමාවක් තුළ එක් නිවසක එක් ධර්ම දේශනාව බැගින් මාසයක් පුරා දිනපතා ධර්මදේශනා ගණනාවක් සතරපේරුවේ දායක කාරකාදීන්ගේ නිවාස තුළ සිදු කරුනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගේ ධර්ම ඤාණය ප්‍රගුණකරමින් දහම් ප්‍රබෝධයක් ජනිත කිරීම උදෙසාය. සෑම වසරකම වසර උදාවන දින කීපයකට පෙර දින ගණනාවක් විහාරස්ථානය තුළ පිරිත්දේශනා කර වසර උදාව සමාරම්භයේදී ගම්වාසි සැමට සෙත්පතා ගමපුරා ජංගම රථයකින් පිරිත් සජ්ඣායනා කරමින්, පිරිත් නූල් බඳිමින්, පිරිත් පැන් බෙදා දෙමින් සිදුකරන ආශිර්වාදාත්මක පරිත්‍රාණ දේශනාවන් ඉතාමත් විචිත්‍රය. ඊට සමගාමීව පානදුර මූලික රෝහලේ ගිලනුන් වෙනුවෙන්ද මේ සත්කාරය මෙලෙසින්ම සිදු කෙරේ.

ඉතිරිය»

 

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]