UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වබොදු සිත් පහන් කරන වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

බොදු සිත් පහන් කරන වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ


වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ සසුනට පූජා කරන පුණ්‍ය මහෝත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
19 වනදා පැවැත්වේ.

දකුණු ලක කහදූව , තිබ්බොටුවාව වතුරුවිල ආරණ්‍ය සේනාසනය මුළු මහත් ලංකාවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය පින්බිමකි.

සිංහරාජ වන අඩවියට අයත්, භූමි භාගයකින් සමන්විත වූ එම ආරණ්‍ය සේනාසනය ඉතා රමණීය කඳුකර භූමියක පිහිටා තිබීම විශේෂත්වයකි.

මලින් පළින් පිරි සොඳුරු පරිසරයක පිහිටි එම ආරණ්‍ය සේනාසනය හා සම්බන්ධ තවත් සේනාසන දෙසීයක පමණ, මූලස්ථානය වී ඇත්තේ ඇල්පිටිය වතුරුවිල ආරණ්‍ය සේනාසනයයි.

සීතල වනරොද තුළින් ගලා බසින සුනිල් දිය දහරාවන්ගෙන් යුක්තවූ මෙම ප්‍රදේශය එහි පැමිණෙන සැදැහැවත් ජනතාවගේ නෙත් සිත් අමන්දානන්දයට පත්කරනු නියතය.

වතුරුවිල ඤාණානන්ද මහ නා හිමියෝ එම ආරණ්‍ය සේනාසනයෙහි නිර්මාතෘ වරයාණෝ මෙන්ම එම ස්ථානය බෞද්ධ ජනතාවගේ නෙත් සිත් ඇදගන්නා පුදබිමක් බවට පත්කළ උදාර ගුණ සම්පන්න නාහිමියෝද වෙති.

උන්වහන්සේ අපවත් වීමෙන් පසුව වත්මන් අධිපති පදවියට පත් මහකන්දේ රතනපාල අනුනාහිමියෝ මෙම පූජනීය ස්ථානය අනාගත පරපුරට දායාද කිරීම සඳහා දරන අප්‍රතිහත ධෛර්යය කියා නිමකළ නොහැකිය.

මෙහි ඇති සිත් සනසාලන බෝධින් වහන්සේ හා බුද්ධ මන්දිරයද, උපෝසථාගාරය, උපසම්පදා මාලකය උවසු උවැසියන්ට සීල සමාදානයේ යෙදීමට හා බණ භාවනාදිය කිරීම සඳහා තනවා ඇති තෙමහල් ධර්ම මන්දිරයද, මහනුවර දළදා මාලිගාවෙහි අනුරුව අනුව නිර්මාණය කර ඇති ධාතු මන්දිරයද, වනවාස පිරිවෙණද මෙහිදී දැක ගත හැකිය.

මෙම වනවාසී සදහම් නිකේතනය 1988 රජයේ ලේඛනගත කර ඇත. මෙම වනවාස පිරිවණෙහි මෙතෙක් පැවිදි කරන ලද භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය 635 කි.

දැනට මෙම පුදබිමෙහි අධිපතිධුරය හොබවන මහා විහාර වංශික ස්‍යාමෝපාලි වනවාසී නිකායේ අනුනායක වනවාස සංඝ මූලස්ථානාධිපති ශ්‍රී පුඤ්ඤනන්ද පිරුවනේ අධ්‍යක්ෂ මහකන්දේ රතනපාල අනුනාහිමියෝ මෙහි සුවිසල් ශෛලමය පර්වතයක නිර්මාණය කරවන ලද අඩි 42 ක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ ඓතිහාසික නිර්මාණයක් වනු ඇත.

මෙම ප්‍රතිමාවේ නිර්මාණ කටයුතු ආරම්භ කිරීම 2009 ජුනි මස තුළදී සිදුකෙරුණු අතර වැඩ අවසන් කිරීම 2016 මැයි මස මුලදී සිදුවිය. මෙහි නිර්මාණ ශිල්පී වශයෙන් කටයුතු කරන ලද්දේ මිනුවන්ගොඩ “ස්ටාර් ග්‍රැනයිටි” අධිපති එච්.ඩී. එල්. වික්‍රමසිංහ මහතා විසිනි.

බෞද්ධ ජනතාවගේ සිත් පහන් කරන පෙර විසූ මහ රජ දරුවන් බිහිකළ ප්‍රතිමා නිර්මාණයන් සිහිගන්වන මෙය විශිෂ්ට ගණයේ ශෛලමය නිර්මාණයක් වන අතර මේ ප්‍රතිමා වහන්සේ ලෝක බෞද්ධ ජනතාව ලත් මාහැඟි නිර්මාණයක් ලෙස පූජනීයත්වයට පත්වනු ඇත.

මෙම ශෛලමය පිළිම වහන්සේ 2016 මැයි මස 19 වැනි දින සුබ මොහොතින් පස්වරු 2.30 ට වතුරුවිල තිබ්බොටුවාව ආරණ්‍ය සේනාසන මධ්‍යස්ථානයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]