|
ධර්ම දේශනාව: සම්බුදු අසිරිය
“මහණෙනි එක් පුද්ගලයෙක් ලොවැ (සත්ත්ව ලොකයෙහි) උප්පත්තියට සමත් වූයේ බොහෝ දෙනාට හිත
පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස, හිත
පිණිස, සුව පිණිස උපන්නේ වෙයි. කවර එක පුද්ගලයෙක්ද යත්, තථාගත අරහත් සම්‍යක්
සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි,මේ එක්පුද්ගලයා වනාහි ලොව පහළවීමට සමත්වූයේ බොහෝ දෙනාට
හිත පිණිස, සුවපිණිස අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස උපන්නේ
වෙයි.
මහණෙනි, තථාගතයන් වහන්සේගේ පහළවීම ලොව දුර්ලභ සිද්ධියකි. ආශ්චර්ය කාරණයකි. යම් දිනක
පිරිනිවන්පෑම බොහෝ දෙනාට තැවීම, දුක ගෙන දෙන්නකි. මේ එකම පුද්ගලයා ලොව
අද්විතීය.අසහාය වන්නේය.
ඉතිරිය» |
|
වෙසක් පුර අටවක පෝය
වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා
පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා
සෙනසුරාදාය.
මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය
|
|
|
|
|
|
|