UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හුණුපිටිය ගංගාරාමය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය – 2016

හුණුපිටිය , ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2016 මැයි 21,22,23,24 හා 25 යන දිනයන්හිදී ගංගාරාම විහාරස්ථානය, අරලියගහ මන්දිරය, බේරේවැව වටරවුම් පාර හා බේරේ වැව ආශි‍්‍රතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම බුද්ධ රශ්මි වෙසක් කලාපය සාර්ථක ලෙස සංවිධානය කරගැනීම සඳහා රැස්වීමක්, ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමීන්වහන්සේගේ හා ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සංවිධායක කමිටු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පවත්වන ලදී.එහිදී, පසුගිය වසරවල බුද්ධ රශ්මි වෙසක් කලාපය සාර්ථක ලෙස සංවිධානය කර ගැනීම සඳහා රාජ්‍ය හා පුද්ගලික ආයතන විසින් ලබාදුන් සහයෝගය ඉතා අගයකොට සලකන බවත්, මෙම වසරේදීද එම ආයතනවල සහයෝගය ලබා ගනිමින් වෙසක් කලාපය සාර්ථකව සංවිධානය කර ගැනීමට බලාපොරෙත්තු වන බවත්, ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන ලදී.

ඉතිරිය»

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර නයිගල රජ මහා විහාරයේ දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නයිගල රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.එම උත්සවයේ කටයුතු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. සතියක් පුරා එහිදී ආගමික වතාවත්, පින්කම් සහ උත්සව පැවැත්වේ.

ඉතිරිය»

මඩුගස්තලාවේ විමලබුද්ධි හිමියෝ සංඝ නායක පදවි ලබති

බදුල්ල ඓතිහාසික රඹුක්පොත රජ මහා විහාරාධිපති හා සීදුව සුගතාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී මඩුගස්තලාවේ විමලබුද්ධි හිමියන් වෙත උඩරට අමරපුර සාම ගී‍්‍ර සංඝ සභාව මගින් ශ්‍රී සුදස්සී ගුණරතන සුමන සුගතපාල සුගතසිරි වංශාලංකාර ගෞරවනාම සම්මුතිය සහිත උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ යටිකිඳ වියලුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තමා තමාගේ ලොකුම සතුරා වන හැටි

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන කළ එනුවර කුෂ්ට රෝගයකින් පෙලුන සුප්‍රබුද්ධ නම් දිලින්දෙක් විසීය. හේ දිනක් බණ ඇසීමේ ආශාවෙන් වෙහෙරට ගිය නමුත් තමන් රෝගියෙකු බැවින් පිරිස අතරට නොගොස් පිරිස් කෙළවර හිඳ සැදැහැයෙන් බණ ඇසීය. දෙසුම් කෙළවර හේ සෝවාන් විය. ඒ බව බුදුරජාණන් වහන්සේට දැන්වීමේ සිතිවිල්ල ඔහු තුළ පහළ වූයේය. එහෙත් තමා රෝගියෙකු බැවින් පිරිස අතරට යා නොහැකිය. බණ ඇසීමට පැමිණි හැමෝම බුදුන් වැඳ ගිය පසු යාමට සූදානම් විය.මේ සියලු පුවත් සක්දෙව් රජ දුටුවේය. මේ දුප්පත් කුෂ්ට රෝගියා පරීක්ෂා කිරීමට ශක්‍රදේවේන්ද්‍රයා සිතීය. සුප්‍රබුද්ධ වෙත පැමිණි හේ මෙසේ කීවේ අහසේ සිටය. “සුප්‍රබුද්ධය , ඔබ මිනිස් දිළින්දෙකි. බැගෑපත් මිනිසෙකි. ඒ නිසා මම ඔබට ලොකු මුදලක් දෙන්නෙමි.

ඉතිරිය»

බුදු දහම වැළඳගත් බක් පොහොය

භාග්‍යය හෙවත් සෑම අංශයකම වාසනාව ගෙනෙන මාසයක් වශයෙන් බක් මාසය සඳහන් කළ හැකි ය. මේ මාසය සඳහා සාමාන්‍යයෙන් හඳුන්වන තවත් නාමයකි, අප්‍රේල් යන්න. එම වචනය ලැබී ඇත්තේ ‘මල් පිපෙන’ යන අරුත ඇති අපරීරෙ යන වචනයෙන් බිඳී ඒමෙන් බව කියති. ගස් වැල් බොහොමයක දලු දැමීමත්, මල් ඵල හටගැනීමත් නිසා වඩාත් පියකරු බවක් මේ මාසයේ ඇති වේ. සිසිල් ජලය මෙන් ම සිසිල් මඳ පවන මේ මාසයේ දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි. මෙවන් පරිසරයක් පවතිද්දී සම්බුදුරදුන් දෙවන වරට බක් මස අමාවක පොහොය දිනයක සිරිලකට වැඩමවීම බෙහෙවින් අගනේ ය.සම්බුදුරදුන් එක් දිනකට උදේ - සවස විසි හතර කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාවෙන් ලොව බලා වදාරණ බව අපේ ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ. බුද්ධත්වයෙන් පස්වන වසරේ දී උන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටිය දී ලොව බලද්දී ශ්‍රී ලංකාවෙහි නාගදීපයෙහි චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා මිණි පළඟක් මුල්කොට දරුණු සටනකට සූදානම් බව පෙනුණි.

ඉතිරිය»

බුදුරදුන් නාගදීපයට වැඩම කළ වගයි. සිතුවම
- සරත් නන්දකුමාර

 

 බක් පුර පසළොස්වක පෝය

අප්‍රේල් 21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.20 ට ලබයි. 22 වනදා සිකුරාදා පූර්ව භාග 10.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 21 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 30 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]