|
ධර්ම දේශනාව:
තමා තමාගේ
ලොකුම සතුරා වන හැටි
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන කළ එනුවර
කුෂ්ට රෝගයකින් පෙලුන සුප්‍රබුද්ධ නම් දිලින්දෙක් විසීය. හේ දිනක් බණ ඇසීමේ ආශාවෙන්
වෙහෙරට ගිය නමුත් තමන් රෝගියෙකු බැවින් පිරිස අතරට නොගොස් පිරිස් කෙළවර හිඳ
සැදැහැයෙන් බණ ඇසීය. දෙසුම් කෙළවර හේ සෝවාන් විය. ඒ බව බුදුරජාණන් වහන්සේට දැන්වීමේ
සිතිවිල්ල ඔහු තුළ පහළ වූයේය. එහෙත් තමා රෝගියෙකු බැවින් පිරිස අතරට යා නොහැකිය. බණ
ඇසීමට පැමිණි හැමෝම බුදුන් වැඳ ගිය පසු යාමට සූදානම් විය.මේ සියලු පුවත් සක්දෙව් රජ දුටුවේය. මේ දුප්පත් කුෂ්ට රෝගියා පරීක්ෂා කිරීමට
ශක්‍රදේවේන්ද්‍රයා සිතීය. සුප්‍රබුද්ධ වෙත පැමිණි හේ මෙසේ කීවේ අහසේ සිටය.
“සුප්‍රබුද්ධය , ඔබ මිනිස් දිළින්දෙකි. බැගෑපත් මිනිසෙකි. ඒ නිසා මම ඔබට ලොකු
මුදලක් දෙන්නෙමි. ඔබ බුදුන් නොබුදුන්ය. දහම් නොදහම්ය. සඟුන් නොසඟුන්ය. මට බුදුන් ,
දහම්, සඟුන්ගෙන් වැඩක් නැතැයි” කියන්න.
ඉතිරිය» |
|
බක් පුර පසළොස්වක පෝය
අප්‍රේල් 21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.20 ට ලබයි.
22 වනදා සිකුරාදා පූර්ව භාග 10.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල්
21 වන දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය අප්‍රේල් 30 වනදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|