මුනි සිරිපා වන්දනා මැදින් පොහෝදා
මුනි සිරිපා වන්දනා මහා පුණ්‍යෙීත්සවය මැදින් පුර පසළොස්වක පොහෝදා ශ්‍රීපාද මළුවේදී
පැවැත්වෙයි.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රී ලංකා
රූපවාහිනි සංස්ථාවේ අනුග්‍රහයෙන් එම වැඩසටහන් මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට
"බුදුසරණ" පුවත්පත මුද්‍රිත මාධ්‍ය සහාය දක්වයි.
ඉතිරිය»
ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ
130 වන ජන්ම සමරු පින්කම
ලංකාවේ සීමාසහිත එක්සත්
ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ආදි කර්තෘ
ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 130 වන ජන්ම දිනය
නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනය පසුගිය 23
වැනිදා ලේක්හවුස් මන්දිරයේදී පැවැත්විණ.
ඉතිරිය»
දෙමටව ශ්‍රී නන්දසාර නා හිමි
අනුරාධපුර විජයපුර සිරිවිජය විදර්ශනා පරිවේණාධිපති හා භාවනා මධ්‍යස්ථානාධිපති,
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රජරට
පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරන්දරව වැඩ විසූ ශාසන සෝභන සද්ධර්ම කීර්ති ශ්‍රී
සුමංගල ධීරානන්දාභිධාන, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති දෙමටව ශ්‍රී නන්දසාර නායක
ස්වාමීන් වහන්සේ අපවත් වී මාර්තු 05 වනදාට තෙමසක් සපිරේ.
වයඹ පළාතේ, කුරුණෑගල දිසාවේ අංගමු
කෝරළේ ,පඬුවස්නුවර දෙමටව ග්‍රාමයේ ශ්‍රද්ධා සම්පන්න මව්පිය දෙපළක් වූ කුරුප්පු
ආරච්චිලාගේ වෙළුන් සිංඤෝ, ජයසිංහ මුදියන්සේලාගේ කිරිමැණිකේ යන දම්පතීන්ට දාව 1956
ජුනි 05 වෙනිදා පවුලේ සිව්වැනියා ලෙස මෙලොව එළිය දුටුවේය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සත්වයාගේ සසර ගමනට හේතුව කුමක්ද
තථාගත දේශිත නෛර්යාණික ධර්මයෙහි සඳහන් පරිදි සත්වයාගේ සසර ගමනට හේතු වන ප්‍රබල
සාධකය තණ්හාවයි. පස් පව් දස අකුසල් හෝ වෙනයම් කවර හෝ සමාජ විරෝධී ක්‍රියාවකට යමෙකු
පෙළඹෙන්නේ තණ්හාව නිසාය. සෑම බෞද්ධයෙකුගේම පරමාර්ථය වන නිර්වාණාවබෝධය වළක්වා ලන මෙම
තණ්හාව බුදුපියාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනයේදීම එකසිය අට වැදෑරුම් කොට දක්වා
වදාළහ. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, අතීත, වර්තමාන, අනාගත, රූපාදී අරමුණු
සය, ආධ්‍යාත්මික බාහිර වශයෙන් එකසිය අට වැදෑරුම් වෙයි.
ඉතිරිය»
බුදුසරණ කවරය සිත්තම් කරන සරත් නන්ද කුමාරගේ බොදු සිතුවම් දැක්මක්
බුදුසරණ කවරය සිත්තම් කරන සරත් නන්ද කුමාර මහතා විසින් පවත්වනු ලබන බොදු සිතුවම්
දැක්මක් “සිත් සනසන රූ” මැයෙන් මේ මස 04, 05, 06 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට්
කලාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා එම
ප්‍රදර්ශනය පැවැත්වෙයි.
ඉතිරිය» පන්නිල ධම්මතිලක නාහිමි තෙමස් ගුණ සමරුම
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ රත්නපුර මහා දිසාවේ
ද්විතීය සංඝනායක කීර්ති ශ්‍රී විපුලතිස්ස ධම්මඛන්ධ පණ්ඩිත පන්නිල ධම්මතිලකාභිධාන
නාහිමි තෙමස් ගුණ සමරුම පසුගිය මස 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබිණි.
ඉතිරිය»
|