බුදුපිළිමයේ උපත - 8
සිදුහත් උපත සිදුවූ ලුම්බිනි පුදබිම
සිද්ධාර්ථ අප මහ බෝසතාණන් වහන්සේ උපත ලැබූ ලුම්බිනි උයනේ එම ස්ථානය වටකොට ඒ
කාලයේදීම දැවයෙන් (ලීවලින්) ආවරණය කර පසුව විහාරයක් කරවන ලද බව ඒ විහාරය මහාමායා
දේවි විහාරය ලෙසින් ප්‍රකට වූ බවද ඓතිහාසික වාර්තාවල සඳහන් වන කරුණකි. 2011 සිට
2013 තෙක් එම මහාමායාදේවී විහාරයේ පුරාවිද්‍යා කැණීම් ඉතා වැදගත් වූවකි.
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසූමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
සිද්ධාර්ථ අප මහ බෝසතාණන් වහන්සේ උපත ලැබූ ලුම්බිනි උයනේ එම ස්ථානය වටකොට ඒ
කාලයේදීම දැවයෙන් (ලීවලින්) ආවරණය කර පසුව විහාරයක් කරවන ලද බව ඒ විහාරය මහාමායා
දේවි විහාරය ලෙසින් ප්‍රකට වූ බවද ඓතිහාසික වාර්තාවල සඳහන් වන කරුණකි. 2011 සිට
2013 තෙක් එම මහාමායාදේවී විහාරය පුරාවිද්‍යා කැණීම් සිදුකරන ලද බව ලොව පුරා ප්‍රකට
වූ කරුණකි. මේ ලේඛකයා විසින් එම මහාමායාදේවි විහාරයේ සිදු කළ එම පුරාවිද්‍යාත්මක
කැණීම් ගැන පමණක් නොව ඊට පෙර ලුම්බිනි සල් උයනේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් ගැනද
අසෝක රජතුමා ක්‍රිස්තු පූර්ව 250 දී එහි පිහිටුවන ලද ශිලා ස්තම්භය ගැන ද ඉතා දීර්ඝ
වශයෙන් එම ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. ‘සිදුහත් කුමරා උපන් ලුම්බිනියේ මහාමායා දේවි
විහාරය’ නම් වූ එම ග්‍රන්ථය 2014 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කර ඇත. එහි ලුම්බිනියේ
මහාමායාදේවි විහාරය ආශි‍්‍රත ප්‍රදේශයේ පිහිටුවන ලද ශිලා ස්තම්භය දුටු චීන ජාතික
භික්ෂූන් වහන්සේලා දෙදෙනා ගැන ද ඒ භික්ෂූන් වහන්සේලා එහි දුටු දේ සිය වාර්තාවල
සඳහන් වී ඇති කරුණු ද මෙයට පෙර විස්තර කර ඇත.
(සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායාදේවි විහාරය - සිරිසමන් විජේතුංග පිටු අංක
64 – 2014 සුබෝධි ප්‍රකාශනයකි)
එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ අධිපති මහාචාර්ය රොබින්
කොනිංහැම් මහතා සහ නේපාලයේ පශුපති ප්‍රදේශයේ සංවර්ධන භාරයේ සහ නේපාලයේ හිටපු
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ‘කොෂ් ප්‍රසාද් ආචාර්ය’ මහතාගේ මූලිකත්වයෙන්
2011 වර්ෂයේ දී එම පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන ලද්දේ 40 පමණ ආසන්න වූ පුරාවිද්‍යා
හා ඉතිහාස මෙන්ම විද්‍යාත්මක දැනුමින් යුතු විද්වතුන් රැසකගේ දායකත්වයෙනි. මෙම
පුරාවිද්‍යා කැණීම පිළිබඳව එකල අන්තර් ජාලයෙන් ද රූපවාහිනී, ගුවන්විදුලි සහ
පුවත්පත්වලින් ද විශේෂ අවබෝධයක් ජනතාව අතර පැතිරවීම සඳහා ද එම කැණීම් භාර
ප්‍රධානියා වූ ලංකාවට කීපවරක්ම පැමිණ අපට ද මුණ ගැසී සාකච්ඡා කිරීමට හැකි වූයේ
මහාචාර්ය රොබින් කොනිංහැම් පුරාවිද්‍යාඥයාගේ උත්සාහය නිසාය. මේ පිළිබඳව මේ ලේඛකයා
විසින් ප්‍රථමවරට ලියනලද ලිපියක් 2013 දෙසැම්බර් මස 16 වැනිදා (උඳුවප් පුර
පසළොස්වකදා) බුදුසරණ පත්‍රයේ පළ වූ බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.
මහාමායාදේවිය මෙම සල් උයනට පැමිණි අවස්ථාවේ දී (මහ පෙරහරින්) සල් උයනේ සල් ගසක් යට
පිපුණු සල් මල් වලින් පිරුණු සල් අත්ත ඇල්ලීම සමගම සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ
උපත ලැබූ බව අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන කරුණකි. එම සල් ගස මුල්කරගෙන ඉදිකළ
මහාමායාදේවි විහාරය ආශි‍්‍රතව කරන ලද මේ මහා පුරාවිද්‍යා කැණීම් මාලාව 2011 සිට
2013 තෙක්ම සිදු කරන ලදී.
මෙම පුරාවිද්‍යා කැණීම සඳහා මහාමායාදේවි විහාරය පිහිටි ඒ ස්ථානයම තෝරා ගැනීමට මෙන්ම
කිසිදු සැකයකින් තොරව ඒ පින්බිම ඒ සඳහා යොදා ගැනීමට මුල් වූ ප්‍රථම පුරාවිද්‍යා
සාක්ෂිය වූයේ අප මීට ඉහත දී විස්තර කරන ලද අසෝක රජතුමා විසින් ඉදිකර වූ ඒ මහා ශිලා
ස්තම්භය නිසාය. ඊට පසුව ක්‍රිස්තුවර්ෂ පස්වන සියවසේ දී පැමිණි චීන ජාතික භික්ෂූන්
වහන්සේ නමක් වූ ෆාහියන් හිමියන්ද ඉන්පසු ක්‍රිස්තුවර්ෂ හත්වන සියවසේ දී ලුම්බිනි
පුදබිමට පැමිණි තවත් චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ හියුං ෂාං හිමියන්ගේ ද
වාර්තා මෙහිදී ඉතා ප්‍රයෝජනවත් විය. එම චීන භික්ෂූන් වහන්සේලා විසින් ද මහාමායාදේවි
විහාරය අසෝක ශිලා ටැඹ සහ මහාමායාදේවී පොකුණ ආදී බොහෝ ස්ථාන ගැන ද සඳහන් කර ඇත. 2011
මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් විසින් ඇරඹූ ඒ පුරාවිද්‍යා
කැණීමට පෙර 1977 – 78 වර්ෂ වලදී මෙම ලුම්බිණි පුදබිමෙහි නේපාල රජය විසින්
පුරාවිද්‍යා කැණීමක් කළ නමුදු සිදුහත් කුමරු උපත ලද ස්ථානයෙහි මෙවන් වූ පුරාවිද්‍යා
කැණීමක් සිදුකරන ලද්දේ මේ අවස්ථාවේ දී (2011) බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතු
කරුණකි.
|
|
පුරාවිද්‍යාත්මක කැණීම් කළ සිදුහත් කුමරු උපන් ලුම්බිනි සල් උයන |
මෙම පුරාවිද්‍යා කැණීම ආශි‍්‍රතව ඉතා දීර්ඝ ලෙසින් ඉදිරි බුදුසරණ කලාපවලින් විස්තර
කෙරෙනු ඇත.
|